ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (15) මැලේසියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඔවුන් සමඟින් බංග්ලාදේශය සහ මැලේසියා කණ්ඩායම් ද එක් වෙනවා.
ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ තරග කාලසටහන
- දෙසැම්බර් 15 වැනිදා, මැලේසියාව සමඟKuala Lumpur හී Bayuemas Oval හි දී.
- දෙසැම්බර් 16 වැනිදා, බංග්ලාදේශය සමඟ Kuala Lumpur හී Bayuemas Oval හි දී.
තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග මේ මස 19 වැනිදා සිට පැවැත්වෙන අතර අවසන් මහා තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්විමට නියමිතයි.
තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම
මනුදි නානායක්කාර ( නායිකාව)
මොරටුව වේල්ස් කුමාරි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටිටය පිවිසි මනුදි නානායක්කාර වසර කිහිපයක් තිස්සේ ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් කටයුතු කරනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක ලෙසින් සැලකෙන ඇය ජාත්‍යන්තර තරගවල අවසන් ඉනිම් 10 දී ලකුණු 146ක් ලබා තිබෙනවා. එහි දී ඇය බංග්ලාදේශය (1), ඔස්ට්‍රේලියාව (4), ඉන්දියාව (1), දකුණු අප්‍රිකාව (1) එංගලන්තය (3) යන රටවල් සමඟින් විස්සයි විස්ස තරග 8ක සහ එක්දින තරග 2ක දී පිටියට පිවිස තිබෙනවා.
නිමා වූ කාන්තා ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 2ක දී කඩුලු 6ක් දවා ගන්නා ඇය තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර සිව් වැනි ස්ථානයට පත් වෙනවා. එහි දී ඇය කොළඹ කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය තරගාවලියේ පන්දු යවන්නියක පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.
රශ්මිකා සෙව්වන්දි (උප නායිකාව)
මාතර අනුර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රශ්මිකා සෙව්වන්දි වඩාත් ප්‍රචලිතව ඇත්තේ වමත් පිතිකාරිනියක් ලෙසයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සමඟ අවස්ථා කිහිපයක දී ම එක් ව ඇති ඇයගේ අවසන් ඉනිම් 5 තුළ අර්ධ ශතක ඉනිමක් ද ඇතුලත්. ඒ ගාල්ල ජායත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ මේ වසරේ දී පැවැති තරගයේ දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිමින් පෑ දක්ෂතාවයි.
දකුණතින් මඳ වේග පන්දු යවන්නියක ලෙසින් ද දක්ෂතා දක්වන ඇය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පැවැති තරග 3කින් යුත් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ද නම් කෙරුණ ක්‍රීඩිකාවක්.
මෙවර නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යූත් ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ ද රශ්මිකා යි. ඇය එහි දී තරග 5ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 88ක් ද සහ කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
විමෝක්ෂා බාලසූරිය
තවමත් 15 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විමෝක්ෂා බාලසූරිය ත්‍රීකුණාමලය සංහල මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩිකාවක්.
මේ වෙන විට අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ඇති ඇය කණ්ඩායමේ වමත් පිතිකාරිනියක සහ දකුණතින් මඳ වේග පන්දු යවන්නියක ලෙසින් කටයුතු කරයි.
නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යූත් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායම නියෝජනය කළ ඇය තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වෙනවා.
හිරුණි හංසිකා
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්වෙන හිරුණි හංසිකා රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ක්‍රීඩිකාවක්. ඇය මෙරට දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දක්ෂත ම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මානයට පත් වුනා.
ගාල්ල කණ්ඩායම නියෝජනය කළ ඇය අවසන් මහා තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් ඒ සඳහා දක්ෂතා දැක් වූවා. එම තරගාවලියේ දී ඇය තරග 5ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 110ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
සුමුදු නිසංසලා
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි තවත් ක්‍රීඩිකාවක වන සුමුදු නිසංසලා කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම ද සහිතව කණ්ඩායම පිවිසි ක්‍රීඩිකාවක්. ඇය මේ දක්වා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වෙමින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් සමඟ තරගවලට සහභාගී වී තිබේ.
නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී තරග 5ක දී ලකුණු 62ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
- Lanka T10 සටන ඇරඹෙයි
- ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයට දින නියම වෙයි
- ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පසු බසී
- කොළඹ දකුණ අපරාජිත ව ශූරයන් වෙයි
- ACC සභාපති ධුරය ශම්මි සිල්වාට හිමි වෙයි!
දැහැමි සනෙත්මා
නුගේගොඩ අනුලා විද්‍යායෙන් ක්‍රිකට් පිටියට පිවිසි දැහැමි සනෙත්මා දකුණතින් මඳ වේග පන්දු යවන්නියක ලෙසින් මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා මීට පෙර ද එක් ව ඇති ඇය ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර තිබෙනවා.
නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ වීරයා ලෙසින් ද අභිශේක ලැබීමට ඇය සමත් වූවා. එහි දී ඇය තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 139ක් ලබා ගන්නා ලද අතර එය තරගාවලියේ පිතිකාරිනියක ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.
රශ්මි නේත්‍රාංජලී
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දකුණතින් මඳ වේග පන්දු යවන රශ්මි නේත්‍රාංජලී තවමත් 17 වැනි වියේ පසුවෙන ක්‍රීඩිකාවක්. දැනට වසර කිහිපයක සිට ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ඇය වමත් පිතිකාරිනියක ලෙසින් ද අවශ්‍ය අවස්ථාවල දී ලකුණු අතරට පිවිසිය හැකි ක්‍රීඩිකාවක්.
නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 20ක් කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ශෂිනි ගිම්හානි
15 වැනි වියේ පසුවෙන ශෂිනි ගිම්හානි රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට එක් වූ ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරන ක්‍රීඩිකාවක්. ඇය මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම සමඟ එක්වෙමින් ජාත්‍යන්තර තරග 5කට එක් ව තිබෙනවා.
වමත් දඟ පන්දු යවන්නියක ලෙසින් දක්ෂතා දක්වන ඇය මේ වන විට කඩුලු 6ක් දවා ගෙන ඇති අතර ඒ අතුරින් ඇයගේ හොඳම දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ මේ වසරේ ජුලි මාසයේ දී පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී මැලේසියාවට එරෙහි ව ලකුණු 9කට දවා ගත් කඩුලු 3යි.
අශේනි තලගුණේ
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ අසේනි තලගුණේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක ලෙසින් මෙම කණ්ඩායම සමඟින් එක් වෙනවා. දකුණත් පිතිකාරිනියක් සහ දකුණතින් මඳ වේග පන්දු යවන්නියක් ලෙසින් කටයුතු කරන ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී ලකුණු 34ක් සහ කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ප්‍රමුදි මෙත්සරා
අම්පාර උහන මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ප්‍රමුදි මෙත්සරා වයස අවුරුදු 19න් පහළ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙන්නේ පළමු වතාවටයි.
දකුණත් පිතිකාරිනියක හා දකුණතින් මඳ වේග පන්දු යවන්නියක ලෙසින් දක්ෂතා දක්වන ඇය මෙම කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසයි. ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී මහනුවර කණ්ඩායම හා එක් වෙමින් තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 38ක් සහ කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දක්වන ලද අතර ඇය තරගාවලියේ වැඩිම කඩුලුලාභින් අතර 2 වැනි සම ස්ථානයේ රැඳී සිටිමට දක්ෂතා දක්වනවා.
චමෝදි ප්‍රබෝධා
තවමත් 15 හැවිරිදි වියේ පසුවෙන චමෝදි ප්‍රබෝධා මොනරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටිය හා එක් වූ ක්‍රීඩිකාවක්. මේ වන විට ද ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක් ව ඇති ඇය මෙරට දී නිමා වු එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සමඟ තරගයක දී ලකුණු 42කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. එමෙන් ම ඔස්ට්‍රේලියාව හා සමඟ තරගයේ දී ද ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක් වූවන් අතර ඇය පෙර මුණ ගත්තා.
ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග5ක දී කඩුලු 5ක් දවා ගනිමින් එම කණ්ඩායමේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් වෙනවා.
සංජනා කාවින්දි
16 වැනි වියේ පසුවෙන වමත් පිතිකාරිනී සංජනා කාවින්දි රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ තවත් දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය මීට පෙර ද අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ අතුරින් අවසන් වරට ගෙවා දැමූ ඉනිම් 5 දී ලකුණු 148ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 29.6ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට සමත් ව සිටිනවා. එම ඉනිම් අතර ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ව පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 54ක් ද ඒ අතර තිබෙනවා.
කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙසින් කටයුතු කරන ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය ලෙසින් ද සම්මානය පාත්‍ර වූවා. එහි දී ඇය තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 125ක් ලබා ගන්නවා.
දනුලි තෙන්නකෝන්
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දනුනි තෙන්නකෝන් මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම හා එක් ව තිබෙනවා. ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා එක් වෙමින් කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ලිමංසා තිලකරත්න
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ලිමංසා තිලකරත්න ද ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දක්ෂතා අතරට එක් වෙනු අතැයි සිතිය හැකි ක්‍රීඩිකාවක්. ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තරග 6ක ඉනිම් 6කට එක් වෙමින් ලකුණු 42ක් සහ කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ශෙහාරා ඉඳුවරී
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ශෙහාරා ඉඳුවරී මෙවර පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියයි. ඇය තරග 5කට එක් වෙමින් කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඇය තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙසින් ද සම්මානයට පත් වූවා.
නෙතඟි ඉසුරාංජලී
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන නෙතඟි ඉසුරාංජලී ද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්විය හැකියි. ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ලීග් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 64ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!
මෙම තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<