ACC සභාපති ධුරය ශම්මි සිල්වාට හිමි වෙයි!

Sri Lanka Tour Of South Africa 2024

96

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී ශම්මි සිල්වා මහතා පත් කර තිබෙනවා. 

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව නිවේදනය කර තිබූ අතර, මෙහි දී ශම්මි සිල්වා මහතා විසින් ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ හදගැස්ම බඳු ACCහි ලද මෙම වගකීම වෙනුවෙන් කැපවී වැඩ කරන බවට සඳහන් කර තිබුණා. 

මීට පෙර මෙම ධුරයේ කටයුතු කළ Jay Shah විසින් කටයුතු කළ කාලයේ දී 2024-31 කාල සීමාව වෙනුවෙන් ආසියානු කුසලානය සඳහා ඉහළ වටිනාකමක මාධ්‍ය අයිතියක් මිලට දුන්නා. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<