2026 Dialog පාසල් රග්බි ලීග් ශූරතාව පසුගිය සති අන්තයේ දී ආරම්භ වුනේ පාසල් 18ක් තරග බිමට කැඳවා ගෙන එමිනුයි.
එමෙන්ම මෙවර ලීගය ආරම්භ වීමත් සමඟින් ම පෙර නොසිතූ අන්දමේ පෙරළි සිදුවීමට ඉඩ ඇති බවට ද ඉඟි පහළ වීම සුවිශේෂී කරුණක්.
වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය
මෙවර පාසල් රග්බි ලීගයේ ආරම්භක තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී පාසල් රග්බි ලීගයේ ඉහළ නමක් දිනා ඇති ඩී. එස් ක්‍රීඩකයින් ව නොසිතූ අගාධයකට ඇද දැමීමට වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාල ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් විසින් ලකුණු 21ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, එම අතරවාරයේ දී ඩී.එස්. ක්‍රීඩකයින් විසින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.
කෙසේ නමුත් ඩී. එස්. ක්‍රීඩකයින් තමන්ගෙන් ගිලිහී යන තරගය නැවත සියතට ගැනීමට සිය උපරිම උත්සාහය යොදමින් තරගයේ දෙවැනි අර්ධය තුළ ලකුණු 12ක් වාර්තා කළා. මෙම කාලය තුළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ලබා ගත්තේ ලකුණු 07ක් පමණක් වූ නමුත්, ඔවුන් පළමු අර්ධය තුළ ලැබූ වාසිය නිසා තරගයේ ජය සියතට ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා.
- වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාල්‍යය 28 (4T, 4C) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 26 (4T, 3C)
තරගයේ වීරයා – ශෂික බණ්ඩාර (වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය)
සාන්ත තෝමස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ තවත් උද්වේගකර තරගයක් වූ මෙම තරගයේ දී බොහෝ දෙනා සිදු කළ පෙරැයීම් පුස්සක් කර දමමින් තරගයෙන් ජය ලබා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
තරගයේ පළමු අර්ධයේ සිටම තර්ස්ටන් ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, පළමු අර්ධය නිමා වන විට ඔවුන් ලකුණු 15ක් ලබාගන්නා අතරේ සාන්ත තෝමසුවන් විසින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ තෝමසුවන් විසින් ලකුණු 14ක් ලබා ගනිද්දී, තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, පළමු අර්ධය තුළ ලද වාසිය ද සමඟ තර්ස්ටන් ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- තර්ස්ටන් විද්‍යාලය 27 (5T, 1C) – සාන්ත තෝමස් විද්‍යාලය 24 (4T, 2C)
තරගයේ වීරයා – අකීෂ පුෂ්පකුමාර (තර්ස්ටන් විද්‍යාලය)
සාන්ත ජෝසප් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය
මෙම තරගය ද බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටි තරගයක් වූ අතර, තරගයේ ආරම්භයේ සිටම සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ පෙරමුණ ගනිමින් විශිෂ්ට තරග රටාවක නියැලීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම කාල සීමාව තුළ කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 12ක් ලබමින් හොඳ තරගයක් ලබා දීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසින් වඩාත් තියුණු තරග රටාවකට අවතීර්ණ වෙමින් සිය මුළු ලකුණු සංඛ්‍යාව 41ක් කරා රැගෙන යාමට සමත් වූ අතර, ආනන්ද විද්‍යාලය තරගය පුරාවට ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 19ක් පමණයි.
- සාන්ත ජෝසප් විද්‍යාලය 41 (6T, 4C, 1P) – ආනන්ද විද්‍යාලය 19 (3T, 2C)
තරගයේ වීරයා – බ්‍රයන් ප්‍රනාන්දු (සාන්ත ජෝසප් විද්‍යාලය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ත්‍රිත්ව විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය
මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයින් ලෙස ත්‍රිත්ව විද්‍යාලය මෙම සටනට පිවිසෙමින්, මෙවර ලීගයේ සිය පළමු ජය සනිටුහන් කිරීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 27ක් ලබාගන්නා අතරේ, ලුම්බිණි විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් ලකුණු 28ක් ලබාගන්නා අතරේ, ලුම්බිණි ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- ත්‍රිත්ව විද්‍යාලය 55 (8T, 6C, 1P) – ලුම්බිණි විද්‍යාලය 12 (2T, 1C)
තරගයේ වීරයා – අමාර් ෆයිසාල් (ත්‍රිත්ව විද්‍යාලය)
සහිරා විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය
මෙම තරගයත් ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වුනා. තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 10ක් වාර්තා කරන අතරේ, කිංග්ස්වුඩ් විද්‍යාලය ද ඊට නොදෙවෙනි වෙමින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 10ක් වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී කිංග්ස්වුඩ් විද්‍යාලයට වඩා දශම ප්‍රමාණයකින් පෙරමුණට පැමිණීමට සහිරා ක්‍රීඩකයින් සමත් වුනා. එහි දී සහිරා ක්‍රීඩකයින් තවත් උත්සහාක දිනුම් දෙකක් සමඟ ලකුණු 10ක් ලබාගන්නා අතරේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සාර්ථක කර ගැනීමට සමත් වුනේ එක් උත්සාහක දිනුමක් පමණයි.
- සහිරා විද්‍යාලය 20 (4T) – කිංග්ස්වුඩ් විද්‍යාලය 15 (3T)
තරගයේ වීරයා – හකීම් චුන්චි (සහිරා විද්‍යාලය)
ඉසිපතන විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය
මෙම තරගයේ දී ඉසිපතන ක්‍රීඩකයින් ඉතා ඉහළ දස්කම් දක්වමින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පසුපසට ඇද දැමීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබාගන්නා අතරේ, සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධයත් ඒ අයුරින් ම ගලා ගිය අතර, මෙම කාලය තුළ ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 24ක් ලබාගන්නා අතරේ, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- ඉසිපතන විද්‍යාලය 43 (7T, 4C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 14 (2T, 2C)
තරගයේ වීරයා – සනිජ ජයවීර (ඉසිපතන විද්‍යාලය)
වෙස්ලි විද්‍යාලය සහ මොරටුව වේලස් කුමර විද්‍යාලය
මෙම තරගයේ දී පාසල් රග්බි පිටියේ දැවැන්ත නාමයක් ලෙස සැලකුම් ලබන වෙස්ලි ක්‍රීඩකයින් වඩාත් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 28ක් රැස් කරද්දී, වේල්ස් කුමර විද්‍යාලය රැස් කිරීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත උත්සාහක දිනුම් ප්‍රමාණය 11ක් දක්වා ඉහළට දමා ගනිමිනුයි. මෙහි දී වේල්ස් කුමරුවන් සමස්ත තරගය පුරාවට ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.
- වෙස්ලි විද්‍යාලය 69 (11T, 7C) – වේල්ස් කුමර විද්‍යාකය 12 (2T, 1C)
තරගයේ වීරයා – ශිෆාන් ඉන්තිකාබ් (වෙස්ලි විද්‍යාලය)
සාන්ත පීතර විද්‍යාලය සහ මහානාම විද්‍යාලය
මෙම තරගය ද සාන්ත පීතර විද්‍යාලය විසින් සිය දක්ෂතා උපරිමයට රැගෙන ගිය තවත් තරගයක් ලෙස කැපී පෙනුණා. තරගයේ පළමු අර්ධය තුළ මහානාම ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ ඔවුන් සිය ලකුණු සංඛ්‍යාව 67ක් කරා රැගෙන යාමට සමත් වුනේ සමස්ත උත්සාහක දිනුම් 11ක් සමඟයි. කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ ද මහානාම ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් නොවීම විශේෂත්වයක්.
- සාන්ත පීතර විද්‍යාලය 67 (11T, 6C) – මහානාම විද්‍යාලය 00
තරගයේ වීරයා – රශ්වින් සාබර් (සාන්ත පීතර විද්‍යාලය)
රාජකීය විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ රාජකීය විද්‍යාලයට කරට කර සටනක් ලබා දීමට විද්‍යා විද්‍යාලය සමත් වුනා. රාජකීයයන් පළමු අර්ධයේ ලකුණු 14ක් ලබා ගනිද්දී, විද්‍යා විද්‍යාලය ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී සිය උපරිමය ලබා දුන් රාජකීය විද්‍යාලය විසින් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වූ අතරම, ඊට අමතරව විද්‍යා විද්‍යාලය ලකුණු ලබා ගැනීමෙන් වලක්වාලීමට ද සමත් වුනා.
මේ අනුව රාජකීය විද්‍යාලයට තරගයෙන් පහසු ජයක් උරුම වුනා.
- රාජකීය විද්‍යාලය 43 (7T, 4C) – විද්‍යා විද්‍යාලය 10 (1T, 1C, 1P)
තරගයේ වීරයා – සිමාක් ශෆීක් (රාජකීය විද්‍යාලය)
පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<






















