ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 149ක ජයග්‍රහණයක් ලබා ගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්තා.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැති අවසන් මහා තගරයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 214ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 65ක් පමණයි.
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
චනුල් කොඩිතුවක්කු (නායක), චනුත් ජයසිංහාරච්චි, ඉමේෂ් දිසානායක, සනිතු ගුණතිලක, සිසිල් හේමක, යෙනුල හේවාවිතාරණ, ශනිතු බණ්ඩාර, සනිරු අනුහස් (කඩුලු රකින්නා), විහඟ නෙතුසර, කුසල් බණ්ඩාර සහ සසචින්ත ගුණසේකර.
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ස්ටීවන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), නිසල දමිත්, දුශේන් උඩවෙල, රෙශාන් සොලමන්ස්, මෙතුක ගුණරත්න, මහිරු කොඩිතුවක්කු, සමිතු හෙන්සර, අදීශ ලක්ශාන්, තාරුක සමින්ජිත, චනිතු කංකානම්ගේ සහ මෙතුම් ප්‍රනාන්දු.
කාසියේ වාසිය දිනා ගත් කොළඹ දකුණ ක්‍රීඩකයන්ගේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 12ක් වෙද්දී දැවී ගියා.
කෙසේ වෙතත් ඔවුන්ගේ ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයක් එක් කෙරුණේ 5 වැනි කඩුල්ල වෙනුවෙනුයි. එහි දී මහිරු කොඩිතුවක්කු (16) සහ රෙශාන් සොලමන්ස් එක් ව පන්දු 63කට ලකුණු 51ක් එක් කළා.
එහි දී රෙශාන් සොලමන්ස් පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තාරුක සමින්ජිත. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තා.
කොළඹ දකුණු ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 36ක් ලබා ගනීමට තාරුක සමින්ජිත සහ චනිතු කංකානම්ගේ සමත් වීම ද කැපී පෙණුනා. එහි දී චනිතු කංකානම්ගේ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර ඊට පෙර අදීශ ලක්ෂාන් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සනිතු ගුණතිලක ලකුණු 29කට කඩුලු 3ක් ද සහ චනුල් කොඩිතුවක්කු ලකුණු 40කට කඩුලු 3ක් ද දවා ගත්තා. ඊට අමතර ව චනුත් ජයසිංහාරච්චි, සනිතු ගුණතිලක සහ විහඟ නෙතුසර කඩුල්ල බැගින් දවා ගත්තා.
- මහනුවරත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- විමත්ගේ ශතකය ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙනයයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්ජුනාලංකාරය
- 19න් පහළ කාන්තා ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- 50+ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිම සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීමට කොළඹ දකුණු කණ්ඩායම උපයෝගී කර ගත්තේ පන්දු යවන්නෝ 4 දෙනෙක් පමණයි.
ඒ අතුරින් ආරම්භක පන්දු යැවු චනිතු කංකානම්ගේ ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මෙතුම් ප්‍රනාන්දු ලකුණු 19කට කඩුලු 3ක් ද සහ අදීශ ලක්ශාන් ලකුණු 17කට කඩුලු 2ක් ද දවා ගත්තා.
මහනුවර ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ නායක චනුල් කොඩිතුවක්කු. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා.
ඊට අමතර ව යෙනුල හේවිතාරණ පන්දු 19කට හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් එක් කිරීමට හැකි වුණේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 153 (49.5) රෙශාන් සොලමන්ස් 77, අදීශ ලක්ශාන් 24, තාරුක සමින්ජිත නොදැවී 32, චනිතු කංකානම්ගේ 21, සනිතු ගුණතිලක 3/29, චනුල් කොඩිතුවක්කු 3/40.
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 65 (25.5) චනුල් කොඩිතුවක්කු 36, යෙනුල හේවාවිතාරණ 14, චනිතු කංකානම්ගේ 5/22, අදීශ ලක්ශාන් 2/17, මෙතුම් ප්‍රනාන්දු 3/19.
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 149ක ජයක්.
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – යුමාල් එගොඩගේ (දඹුල්ල)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – රෙශාන් සොලමන්ස් (කොළඹ දකුණු)
- අවසන් මහා තරගයේ වීරයා – වනිතු කංකානම්ගේ (කොළඹ දකුණ)
- තරගාවලියේ වීරයා – දුශේන් උඩුවෙල (කොළඹ දකුණු)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<