ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලිය ඊයේ (11) ආරම්භ වුනා.
මංගල කඩුල්ලට Aamirට, මංගල අර්ධ ශතකය ශානකට
තරගාවලියේ පැවැත්වුණු මංගල තරගය ජයග්‍රහණය කිරීමට Jaffna Titans කණ්ඩායම විසින් සමත් වූ අතර, තරගාවලියේ මංගල පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගැනීමට Jaffna කණ්ඩායමේ Mohammad Aamir විසින් සමත් වීමත් විශේෂත්වයක්.
එමෙන්ම තරගාවලියේ මංගල අර්ධ ශතකය ද මෙම තරගයේ දී වාර්තා වූ අතර, Jaffna Titans කණ්ඩායමට එරෙහිව Hambantota Bangla Tigers කණ්ඩායම් නායක දසුන් ශානක විසින් පන්දු 17ක් වැය කරමින් මෙම අර්ධ ශතකය වාර්තා කළා.
මෙම තරගයේ දී Titans වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් ලකුණු 10කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Hambantota Bangla Tigers කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ලකුණු 107ක ඉලක්කය ඉතා පහසුවෙන් හඹා යාමට සමත් වූ Jaffna Titans කණ්ඩායම තරගයෙන් කඩුලු 08ක ජයග්‍රහණයක් වාර්තා කර ගත්තා. මෙහි දී Tom Kohler-Cadmore පන්දු 21කින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුනා.
දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා
තරගාවලියේ දෙවැනි තරගය සඳහා Nuwara Eliya Kings සහ Colombo Jaguars කණ්ඩායම් සහභාගී වූ අතර, වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 6ක් පමණයි.
මෙහි දී පළමුව පන්දුවට පහර දුන් Nuwara Eliya Kings කණ්ඩායම විසින් එක් කඩුල්ලක් දැවී ලකුණු 79ක් ලබා සිටින විටයි වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුනේ. ඒ වන විට Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18කින් ලකුණු 50ක් ලබාගැනීමට සමිත් වී සිටියා. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් අන්තර්ගත වුනා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
චන්දිමාල්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්
මේ අතර තරගාවලියේ පළමු දිනයේ අවසන් තරගය ලෙස ක්‍රියාත්මක වූ Kandy Bolts සහ Galle Marvels අතර තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් Kandy ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී විශිෂ්ට ඉනිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් පන්දු 25කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනුයි.
මේ අතර Galle Marvels වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු සිය පන්දුවාර දෙක තුළ ලකුණු 09ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් Galle කණ්ඩායමට අදාළ ඉලක්කය හඹා යාම සඳහා වැය වුනේ පන්දුවාර 7ක් සහ පන්දු 4ක් පමණයි. මෙහි දී Andre Fletcher පන්දු 21ක් තුළ නොදැවී ලකුණු 41ක් ලබමින් ඉනිමේ ඉහලම ලකුණු ලාභියා බවට පත් වුනා.
Kandy Bolts වෙනුවෙන් Imad Wasim කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (12) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම තරග තොරතුරු ද ඇතුළුව තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<