රන් මහා සටනේ වැඩි ගෞරවය මහානාම විද්‍යාලයට

19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය 2022

833
U19 Schools Cricket Tournament 2022

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වුනු 16 වැනි රන් මහා සටන දෙදින ක්‍රිකට් තරගය අද (23) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා වුනා. කෙසේ නමුත් එහි පළමු ඉනිම ජයගෙන වැඩි ගෞරවය දිනාගැනීමට මහානාම විද්‍යාලය සමත් වුනා.

ඊට අමතරව දෙදින පාසල් සුහද ක්‍රිකට් තරග කිහිපයක්ද පැවැත්වුනු අතර එහි දී ආනන්ද විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය වැඩි ගෞරවය දිනාගන්නා විට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 53 වැනි නිල් මහා සටනේ පළමු දිනය තුළ වැඩි වාසිය දිනාගන්නට දේවානන්ද විද්‍යාලය සමත් වුනා.

රන් මහා සටනේ දෙවන දිනය ආරම්භ වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 2ක් රැස් කරගෙන සිටි අතර මහානාම නායක දෙවිඳු කැකිරිදෙනිය, දුවිඳු රණතුංග සහ ඉනුක කරන්නාගොඩ පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසා ඩී. එස්. සේනානායක පිතිකරුවන් දැඩි අපහසුතාවයකට පත් වුනා. කෙසේ නමුත් හිරුෂ පියුමාල් වාර්තා කරගත් ලකුණු 76 ඉනිම නිසා ඩී. එස්. සේනානායක විද්‍යාලයට මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නට හැකියාව ලැබුනා.

දේවානන්ද – ධර්මාශෝක 53 වැනි නිල් මහා සටනේ පළමු දිනය අද අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. ධර්මාශෝක විද්‍යාලයේ ලකුණු 207ක පළමු ඉනිමට පිළිතුරු ලෙස පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 255ක් වාර්තා කරගන්නට දේවානන්ඳ විද්‍යාලයට හැකියාව ලැබුනා. එහි දී කාංචන ද ලිවේරා (ලකුණු 98) සහ ලසිඳු ලක්ෂාන් (ලකුණු 55) අර්ධ ශතක රැස් කරගෙන දස්කම් දැක්වූවා.

දිනයේ ක්‍රියාත්මක වුනු අනෙක් තරගවලදී සාන්ත බෙනඩික් විද්‍යාලයේ ඩිලාන් තාබ්රු (ලකුණු 61), ආනන්ද විද්‍යාලයේ ලක්ෂිත කුලරත්න (ලකුණු 58), නෙත්ම කරුණාරත්න (ලකුණු 57) අර්ධ ශතක වාර්තා කරමින් දස්කම් දක්වන විට රාජකීය විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක ඩෑන් පොඩ්ඩිවෙල (5/19) පන්දු යැවීමෙන් වැඩි දස්කම් දැක්වූවා.

ලකුණු සාරාංශය,

මහානාම විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය – 16 වැනි රන් මහා සටන

මහානාම විද්‍යාල පළමු ඉනිම – 282/6d (60): සචිර වැලිවත්ත 89, ධනජ එදිරිසිංහ 53*, ඉනුක කරන්නාගොඩ 45, අංජල බණ්ඩාර 42, අදීශ බණ්ඩාරනායක 2/57.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 173 (57): හිරුෂ පියුමාල් 76, සෙනුර සිල්වා 36, දෙවිඳු කැකිරිදෙනිය 4/76, දුවිඳු රණතුංග 3/44.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම (F/O) – 107/6 (48): මලිත පෙරේරා 44, ගවිරු සෙනහස් 41, දෙවිඳු කැකිරිදෙනිය 3/31, ඉනුක කරන්නාගොඩ 2/25.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය – 56 වැනි නිල් මහා සටන

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 204 (43.1): නවීන් රසාංග 55, සෙනිත හැලඹගේ 42, හසිත රාජපක්ෂ 33, මලිත මෙන්ඩිස් 22, හසිඳු ප්‍රබෝද 4/50, වනිත ද සිල්වා 4/56.

ශ්‍රී දේවානන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 285/7 (42): කාංචන ද ලිවේරා 98, ලසිඳු ලක්ෂාන් 55, කවීෂ කල්පන 47*, ඉරුෂ ආකාශ් 20, මලිත් මෙන්ඩිස් 3/37.

ආනන්ද විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 251/7d (57): හිරුන් කපුරුබණ්ඩාර 64, හිරාන් ජයසුන්දර 61, මුදිත ලක්ෂාන් 59, නරේන් මුරලිදරන් 30, ටෙහාන් පෙරේරා 2/50.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 259/7 (62): ලක්ෂිත කුලරත්න 58, නෙත්ම කරුණාරත්න 57, හංසජ ජයසිංහ 39, අයේෂ් ශශිමාල් 29, නුශාල් ධර්මරත්න 22, නරේන් මුරලිදරන් 2/28.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

රාජකීය විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 286/7d (66): සිනෙත් ජයවර්ධන 106, සදීෂ රාජපක්ෂ 72, වෙනුෂ ආකාශ් 30, අශේන් ද සොයිසා 5/55.

සාන්ත බෙනඩික් විද්‍යාල පළමු ඉනිම – 141 (60.5): ශෙනාල් සමරතුංග 33, විහාර අත්තනායක 33, ඩිලාන් තාබ්රු 23, ඩෑන් පොඩ්ඩිවෙල 5/19, සංදේශ් රාමනායක 3/20.

සාන්ත බෙනඩික් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 134/8 (51): ඩිලාන් තාබ්රු 61*, අශේන් ද සොයිසා 20, සදීෂ රාජපක්ෂ 3/31, රමිරු පෙරේරා 2/20.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<