ගාල්ලට හා මොරටුවට දැවැන්ත ජයග්‍රහණ

214

ගාල්ල මහින්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ ලබාගත් අද (29) දිනය තුලත් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම සාර්ථකව පැවැත්විය. එසේම සාන්ත තෝමස් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගයේ පළමු දිනය ද අද නිමා වූයේ තියුණු සටනක පෙර නිමිති පල කරමිනි.

ආරම්භක දිනයේ දී ම මොරටුවෙන් ශතක දෙකක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා දෙසැම්බර් නිවාඩු සමය හේතුවෙන් මසක…

ගාල්ල මහින්ද විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 41ක ජයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගෙන සිටියේය. එම ඉනිම තවදුරටත් සවිමත් කළ රෙෂාන් කාවින්ද ලකුණු 36*යි. පසුව මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 247ක් ලබාගෙන සිය ඉනිම අවසන් කිරීමට තීරණය කළේ ලකුණු 139ක පළමු ඉනිමේ වාසියක් ද ලබා ගනිමිනි.

කෙසේ හෝ දිනය අවසන් වනතෙක් පිතිකරණයේ නිරත වීමට සහිරා පිතිකරුවන් වෑයම් කළත්, එම උත්සාහය ව්‍යර්ථ කිරීමට පසන් පෙතනගොඩ හා කවිඳු එදිරිවීර සමත් වූයේ පිළිවෙළින් කඩුලු 4ක් හා 3ක් දවා ගනිමිනි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 108/10 (35): මොහොමඩ් ශමාස් 47, නවෝද් පරණවිතාන 3/07, කේ. කේ. කෙවින් 3/18, පසන් පෙතනගොඩ  3/39.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 247/6 d (63): හංසික වැලිහිඳ 59, අශේන් කණ්ඩම්බි 39, රෙෂාන් කාවින්ද 36*, චමෝද් පරණවිතාන 34.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 98/10 (15.2): මොහොමඩ් රිෆාත් 42, පසන් පෙතනගොඩ 4/19, කවිඳු එදිරිවීර 3/34.

සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයින් අවශ්‍යයි!

ක්‍රිකට් ක්‍රීඩාව කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පත්වෙමින්…


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 123ක දැවැන්ත ජයක් හිමි වූ මෙම තරගය ඊයේ (27)  ආරම්භ විය.

වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු 350ට පිළිතුරු ලෙස සාන්ත ජෝන් විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 87කි. අශාන් දිල්හාර පමණක් ලකුණු 27කින් හෝ ඔවුන්ගේ ලකුණු පුවරුවට සවියක් විය. පන්දු යැවීමේ දී සවිදු පීරිස් හා කෞමල් නානායක්කාර  සාන්ත ජෝන් පළමු ඉනිමේ කඩුලු 4 බැගින් දවා ගන්නා ලදි.

ඉනිමක ජයක ඉව දැනුණු වේල්ස් කුමර විදුහල නැවතත් පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් හට ඇරයුම් කරණ ලදි. සකුන් රුක්ෂාන් හැරෙන්නට අනෙකුත් සාන්ත ජෝන් පිතිකරුවන් සිය විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගන්නට දැරූ වෑයම සාර්ථක නොවීය. රවිඳු පීරිස් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන විට නානායක්කාර කඩුලු 3ක් දවා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 350/2d (62): අවිඳු ප්‍රනාන්දු 151*, සඳුන් ප්‍රනාන්දු 113*, විශ්ව චතුරංග 70, සුමුදු උදාර 2/84.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – 87/10 (50.1): අශාන් දිල්හාර 27, සවිදු පීරිස් 4/24, කෞමල් නානායක්කාර 4/47.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය දෙවන ඉනිම – 140/10 (50.1): සකුන් රුක්ෂාන් 78, රවිඳු පීරිස් 5/39,  කෞමල් නානායක්කාර 3/58.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ  නාලන්ද විද්‍යාලය

නාලන්ද විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 100ක් පසුපසින් සිටිමින් අද දිනය සඳහා පිටියට පිවිසියේය. නාලන්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 189කට සීමා කර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලයට හැකි වූයේ ට්‍රෙවෝන් පර්සිවෙල්ගේ දස්කම් නිසාවෙනි. එහි දී ලකුණු 62ක් ලබාගෙන නාලන්ද පළමු ඉනිම ලකුණු 189ක් දක්වා ඔසවා තැබීමට රවිඳු ද සිල්වා සමත් විය.

සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් ත්‍රිත්ව විද්‍යාලය අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළේය. එහි දී දක්ෂ පිතිකරණයක නිරත වූ අභිෂේක් ආනන්ද කුමාර් නොදැවී ලකුණු 110*ක් ලබාගෙන දිනය අවසානය දක්වා පිතිකරණයේ නිරත විය. අවිශ්ක සේනාධීර ලකුණු 41යි. අවසානයේ ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් දිනා ගත්තේය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 227/10 (63.2): අවිශ්ක සේනාධීර 69, හසින්ත ජයසූරිය 43, පූර්ණ වනසේකර 31, රවින් ද සිල්වා 4/55.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 189/10 (55.2): රවිඳු ද සිල්වා 62, සුහඟ විජේතුංග 24, ලක්ෂිත රසාංග 21, ට්‍රෙවෝන් පර්සිවෙල් 4/37.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 232/5 (75): අභිෂේක් ආනන්ද කුමාර් 110*, අවිශ්ක සේනාධීර 41, හසින්ත ජයසූරිය 22.

හතුරුගේ නව මිතුරා කවුද?

හතුරු… නැතිනම් උපුල් චන්දික හතුරුසිංහ.. පසුගිය කාල සමයේ සුවහසක්…


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

සාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් යුගලය පළමුව පිටියට පිවිසුණේ සුපිරි සබඳතාවයක් ගොඩනැංවීමේ අරමුණින් වුවත්, දකුණතින් වේගපන්දු යවන අම්ශි ද සිල්වා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ශලින් ද මෙල් ක්‍රීඩාගාරයට හැරී ගියේය.

ලකුණු 40කට කඩුලු 3ක් දැවී ගොස් තිබූ සාන්ත තෝමස් ඉනිම සවිමත් කළ මනීෂ රූපසිංහ 4 පහර 5ක් රිච්මන්ඩ් පන්දු යවන්නන්ට එදිරිව ලබාගෙන ලකුණු  42ක් ලබා සිටිය දී දැවී ගියේය. අවිඳු තීක්ෂණ, අම්ශි ද සිල්වා හා දිලුම් සුධීර දක්ෂ ලෙස පන්දු යවමින් සාන්ත තෝමස් ඉනිම ලකුණු 130කට සීමා කරන ලදි.

අනතුරුව පිටියට අවතීර්ණ වූ රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට ද සාර්ථකව පිතිකරණයේ නිරත වීමට වමතින් දඟපන්දු යවන ශැනොන් ප්‍රනාන්දු ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුනි. විනුජ කිරිඇල්ල ද ලකුණ 29කට දැවී ගියේ රිච්මන්ඩ් විද්‍යාලය තව තවත් අසීරුතාවයට පත්කරමිනි. පළමු දිනය සඳහා තරගය නවතා දමන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටින්නේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 32ක් පසු පසින් සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 130/10 (54.1): මනීෂ රූපසිංහ 42, සිතාර හපුහින්න 30, අවිඳු තීක්ෂණ 3/16, අම්ශි ද සිල්වා 3/19, දිලුම් සුධීර 3/45.  රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 98/8 (45): විනුජ කිරිඇල්ල 29,  ශැනොන් ප්‍රනාන්දු 4/24.


කැළණිය ගුරුකුල විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

මහර බන්ධනාගාර පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන  විට කඩුලු 7ක් දැවී ලකුණු 93ක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 126ක් ලබා ගත්තේය. එහි දී රසිඳු අරෝෂ ලකුණු 42ක් ලබා ගන්නා විට පැතුම් මහේෂ් ලකුණු 35කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වූ මොහොමඩ් අමීන් කඩුලු 5ක් දවා ගන්නා ලදි. අනතුරුව පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සුලක්ෂණ ප්‍රනාන්දු හා රන්විත් ජයසේන යන දෙදෙනාම පිළිවෙළින් ලකුණු 22ක බැගින් ලබා ගත්ත ද, ඔවුන්ගේ අනෙකුත් පිතිකරුවන් හට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු අතර පෘතුවි රූසර හා ප්‍රවීන් නිමේෂ් කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 126/10 (55.4): රසිඳු අරෝෂ 42, පැතුම් මහේෂ් 35, මොහොමඩ් අමින් 5/46.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/7 (41): සුලක්ෂණ ප්‍රනාන්දු 22, රන්විත් ජයසේන 22, පෘතුවි රූසර 2/19, ප්‍රවීන් නිමේෂ් 2/26.

පළමු දිනය සඳහා පැවැත්වූ තරග සියල්ල හෙට (28) දෙවන දිනටත් පැවැත්වෙන අතර, ගල්කිස්ස න්ත තෝමස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය හෙටත් උදෑසන 9.15 සිට සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න