Kohli දවා ගත් චමීරගෙන් වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

8364

Royal Challengers Bangalore සුපිරි පිතිකරු මෙන්ම හිටපු නායක Virat Kohli පළමු පන්දුවෙන්ම දවා ගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ එම දස්කම පෑ සිව්වැනි පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වුනා.

ඔහු එම දස්කම දැක්වීමට සමත් වුනේ ඊයේ (19) Royal Challengers Bangalore සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරගයේ දීයි.

තරගයේ පළමු පන්දුවාරය යැවීමේ වගකීම ලබා ගත් චමීර එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී Royal Challengers ක්‍රීඩක Anuj Rawat දවා ගැනීමට සමත් වුනේ KL Rahul ලබා ගත් උඩ පන්දුවත් සමඟිනුයි.

ඉන්පසු පිටියට පිවිසි Virat Kohli හට තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ චමීරගේ පන්දුවකට Deepak Hooda වෙත පහසු උඩ පන්දුවක් ලබා දෙමිනුයි.

2008 වසරේ Ashish Nehra හමුවේත්, 2014 වසරේ Sandeep Sharma හමුවේත් සහ 2017 වසරේ Nathan Coulter-Nile හමුවේ පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් අනතුරුව Virat Kohli ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක පළමු පන්දුවෙන්ම දැවී ගියේ වසර 5කට පසුව වීම ද විශේෂත්වයක්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිය දස්කම් අතරට පැමිණීමට Virat Kohli හට තවමත් නොහැකි වී ඇති අතර තරග දෙකක දී ලබා ගත් ලකුණු 48 සහ 41* හැරුණු විට තරගාවලියේ ඔහුගේ ඉනිම් දැක්වුණේ 12, 5, 1, 12 සහ 0ක් ලෙසයි.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<