ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සත්කාරකත්වය ගැන තීරණය IPL වලින් පසු

ආසියානු ක්‍රිකට් කුසලානය 2022

1749
DNA India

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට හැකි ද, නොහැකි ද යන්න IPL තරගාවලිය නිමා වන දිනයේ දී තීරණය කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah පවසා සිටිනවා.

මෙවර ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැරීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. තරගාවලිය අගෝස්තු 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකි ද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා.

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් සමඟ දිගු සාකච්ඡාවක් පැවැත්වූවා මේ වත්මන් තත්වය ගැන හා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි එහි බලපෑම ගැන. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා ආරක්‍ෂිත හා සාර්ථක ආසියානු කුසලානයක් පවත්වන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සමඟ IPL අවසන් මහා තරගය පැවැත්වෙන මැයි 29 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ගත යුතු ඉදිරි පියවර එහි දී සාකච්ඡා කරනවා”, Shah, ANI පුවත් සේවයට පවසා තිබුණා.

 Times of India ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<