කොරෝනා බලපෑමෙන් තවත් තරගාවලි දෙකකට රතු එළි

180

පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ Eugene සහ Paris ඩයමන්ඩ් ලීග් තරගාවලි නොපැවැත්වීමට ඒවායේ සංවිධායකයින් තීරණය කර ඇත.

ලෝක ශූරයා අනතුරකට මුහුණ දෙයි

ඒ අනුව සැප්තැම්බර් මස 06 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර දී සහ ඔක්තෝබර් මස 04 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ Eugene හීදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි ද්විත්වයම මෙම වසරේ Diamond League කාලසටහනින් ඉවත් කර ඇත.

කොරෝනා වයිරස තත්වය පැතිර යාම වැළැක්වීමට එම රටවල් හී රජයන් විසින් පනවා ඇති යම් නීති රීති හේතුවෙන් තරගාවලි සංවිධානය කිරීමට නොහැකි මට්ටමකට පත්ව ඇති නිසා මෙම වසරේ නොපැවැත්වීමට තීරණය කළ බව ඒවායේ සංවිධායකයින් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් මෙම වසරේ අගෝස්තු මස 14 වැනිදා “Monaco Diamond League” තරගාවලිය සැලසුම් කර පරිදිම පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලිය සඳහා ලෝක ශූරයන් කිහිප දෙනෙකුම තම සහභාගීත්වය තහවුරු කර ඇතැයි එහි සංවිධායකයින් මාධ්‍ය වෙත දැනුම් දී තිබුණි.

5Km දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ක්‍රීඩක Joshua Cheptegei, ගෘහස්ථ තුන්පිම්ම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන Yulimar Rojas ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද ඊට ඇතුළත්ව තිබූ අතර ඔවුන්ට අමතරව 110m කඩුලු පැනීමේ යුරෝපානු ශූරයා වන Pascal Martinot ද තම සහභාගිත්වය තහවුරු කර ඇත.

ලොව පුරා පැතිර ගිය මෙම වයිරස තත්වය නිසාවෙන් මෙවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය ඇතුළු බොහෝ මලල ක්‍රීඩා තරගාවලි අවලංගු කිරීමට හෝ කල් දැමීමට සිදු වූ නමුත් මේ වන විට යම් මට්ටමින් ක්‍රීඩා තරගාවලි ආරම්භ කිරීමට බොහෝ රටවල සංවිධායකයින් කටයුතු කරමින් සිටී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<