ජනිතගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් ජයග්‍රහණය ගුරුකුලයට

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

248

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022/23 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 5ක් අද (28) ක්‍රියාත්මක වුනා.

එහි දී වෙස්ලි, රාජකීය, කටුගස්තොට සාන්ත අන්තෝනි, ගුරුකුල සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර ඔවුන් හමුවේ පිළිවෙළින් ඩී. එස්. සේනානායක, නාලන්දා, සාන්ත සෙබස්තියන්, ද මැසනොඩ් සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල කණ්ඩායම් පරාජයට පත් වුනා.

දිනයේ ක්‍රියාත්මක වුනු බොහෝමයක් තරග අවම ලකුණු වාර්තා වුනු තරග බවට පත් වුනු අතර එකඳු තරගයක දී හෝ කණ්ඩායමක් ලකුණු 200 සීමාව ඉක්මවා ගියේ නැහැ.

ඩී. එස්. සේනානයක විද්‍යාලයේ ගවිරු සෙන්හස්, ද මැසනොඩ් විද්‍යාලයේ මිශේන් ප්‍රනාන්දු සහ ගුරුකුල විද්‍යාලයේ ජනිත ශෙහාන් (ලකුණු 96 සහ කඩුලු 2) දිනයේ පැවති තරගවල දී අර්ධ  ශතක ලබා ගත් ක්‍රීඩකයින් බවට පත් වුනා.

එසේම පන්දු යැවීමේ දස්කම් සැලකීමේ දී වෙස්ලි විද්‍යාලයේ ශකේෂ් මිනෝන්, ගුරුකුල විද්‍යාලයේ හිරුන නිම්සර සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ අකිල වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් කඩුලු 4ක දස්කම් පෙන්නුම් කරන විට, සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් දිනයේ වාර්තා වුනු හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කරමින් කඩුලු 5ක දස්කමක් වාර්තා කළා.

වෙස්ලි විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 159 (37.5): ගවිරු සෙන්හස් 54, මනුර පීරිස් 30, අකිද වීරසූරිය 27, ශකේෂ් මිනෝන් 4/41, උවින් පෙරේරා 3/32.

වෙස්ලි විද්‍යාලය – 161/5 (29.2): චමත් ගෝමස් 48, අශාන් සුදර්ශන 34, සනිතු අමරසිංහ 28, උවින් පෙරේරා 24, සෙනුර සිල්වා 3/48.

වෙස්ලි විද්‍යාලයට කඩුලු 5ක ජයක්


කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 117 (39.1): සනේෂ් ප්‍රනාන්දු 28, රයන් දිසානායක 28, කවීෂ පියුමාල් 5/14.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 117/7 (26): තිසර ඒකනායක 42, ජනිත් රත්නසිරි 39, නදීෂ් ප්‍රනාන්දු 3/29, සජන විජේරත්න 2/19

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 3ක ජයක් (වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පන්දුවාර 39ක් තුල හඹා ගිය ඉලක්කය ලකුණු 114)


නාලන්දා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය (Tier A – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාලය

නාලන්දා විද්‍යාලය – 126 (37.3): මනුප මන්මිත් 40, යසිරු සමරකෝන් 29, තමෝද් මදුලආරච්චි 2/15, දසිස් මංචනායක 2/17.

රාජකීය විද්‍යාලය – 127/7 (38.2): සිනෙත් ජයවර්ධන 37, සජිත විතානගේ 2/23.

රාජකීය විද්‍යාලයට කඩුලු 3ක ජයක්


ද මැසනොඩ් විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය (Tier A – Y කාණ්ඩය)

  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ද මැසනොඩ් විද්‍යාල ක්‍රීඩාංගණය

ද මැසනොඩ් විද්‍යාලය – 187 (48.5): මිශේන් ප්‍රනාන්දු 52, නෙශාන් ඩයස් 30, සිතුම් ප්‍රනාන්දු 24, හිරුන නිම්සර 4/27, ජනිත ශෙහාන් 2/45.

කැලණිය ගුරුකුල විද්‍යාලය – 188/7 (48.5): ජනිත ශෙහාන් 96, සිතුම් ප්‍රනාන්දු 2/17, නෙශාන් ඩයස් 2/39.

ගුරුකුල විද්‍යාලයට කඩුලු 3ක ජයක්


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (Tier B – X කාණ්ඩය)

  • කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – කදිරාන

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 184 (50): ඩියෝන් ප්‍රනාන්දු 44, යොෂිත ඉසුරංග 36, මලිත් ලක්ෂාන් 35, මෙනූශ පෙරේරා 3/33, ජනිත් ශෙහාන් 3/41.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 185/8 (49.3): කවිඳු නිශාර 41, දසුන් පෙරේරා 30, අකිල වික්‍රමසිංහ 4/30.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 2ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<