Home Sinhala සාන්ත ජෝසප් සහ ත්‍රිත්ව විද්‍යාල 17න් පහළ සම ශූරතාවය උසුලයි

සාන්ත ජෝසප් සහ ත්‍රිත්ව විද්‍යාල 17න් පහළ සම ශූරතාවය උසුලයි

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

345

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර අද (24) මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවති අවසන් මහා තරගය ලකුණු සමවීමෙන් අවසන් වුනා.

තරගය තියුණු සටනකට පසුව ලකුණු සමවීමෙන් අවසන් වුනු නිසා කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස කිරුළු දිනාගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 198ක් වාර්තා කරගත්තා.

එම ඉනිම පුරාවට හොඳ සබඳතාවයන් වාර්තා නොවුනු නමුත් ලකුණු 25 සබඳතාවයන් 5ක් වාර්තා කරගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. ලකුණු 84කට කඩුලු 4ක් බිඳ වැටුනු අවස්ථාවේ දී පිටියට අවතීර්ණ වුනු ජයවි ලියනගම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 79ක දී ලකුණු 48ක් රැස් කරගත්තේ හතරේ පහර 4 එල්ල කරමිනි. ඊට අමතරව ආරම්භක පිතිකරු දීමන්ත මහවිතාන සහ වතිල උදාර යන දෙදෙනාම ලකුණු 30 බැගින් රැස් කරගෙන ත්‍රිත්ව ලකුණු සටහන සවිමත් කළා. කවිඳු ජයරත්න නොදැවී ලකුණු 20*ක් ලබාගෙන පසුපෙළ සවිමත් කළා. පන්දු යැවීමේ දී කවේන් පතිරණ කඩුලු 3ක් ද යෙනුල දෙව්තුස කඩුලු 2ක් ද බිඳ හෙලුවා.

ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 198ක් වාර්තා කිරීමට සමත් වුනා. එහි දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් සහන් දාබරේ ලකුණු 57ක් රැස් කරගෙන තරගයේ වාර්තා වුනු හොඳම ඉනිම වාර්තා කළා.

ලකුණු 33කට කඩුලු 2ක් බිඳ වැටී තිබිය දී කෙනෙත් ලියනගේ සහ සහන් දාබරේ ගොඩනැංවූ ලකුණු 59 සබඳතාවය නිසා සාන්ත ජෝසප් විද්‍යාල ලකුණු සටහනට තරමක ස්ථාවර බවක් ලැබුනා. කෙසේ නමුත් කෙනෙත්ගේ කඩුල්ල බිඳ වැටීමට පසුව ඔවුන්ගේ මැදපෙළ සහ පසුපෙළ කඩුලු 6 ලකුණු 74ක් තුළ බිඳ දැමීමට ස්වේත් අනුරජීව ඇතුළු ත්‍රිත්ව පන්දු යවන්නන් සමත් වුනා.

පන්දුවාර 43කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 166කට කඩුලු 9ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට තරගයේ වැඩි පීඩනය හිමි වුනා. නමුත් ඩියුනික් පෙරේරා සමඟ එක්වුනු ඕෂද ගුණසිංහ අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 32ක් වාර්තා කරගෙන තරගය ලකුණු සමවීම දක්වා රැගෙන ඒම කැපී පෙනුනා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම වෙනුවෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට පන්දු 6ක දී ලකුණු 8ක් රැස් කරගැනීමට තිබූ අතර ඔවුන්ට වාර්තා කරගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි. මේ නිසා තරගයේ ලකුණු සමවීම නිසා සාන්ත ජෝසප් සහ ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම් දෙකම මෙවර වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් බවට පත් වුනා.

ලකුණු සාරාංශය,

ත්‍රිත්ව විද්‍යාලය – 198/8 (50): ජයවි ලියනගම 48, දීමන්ත මහාවිතාන 30, වතිල උදාර 30, කවිඳු ජයරත්න 20*, කවේන් පතිරණ 3/20, යෙනුල දෙව්තුස 2/20.

සාන්ත ජෝසප් විද්‍යාලය – 198 (50): සහන් දාබරේ 57, නරේන් මුරලිදරන් 20, කෙනෙත් ලියනගේ 20, ස්වේත් අනුරජීව 3/54, ජයවි ලියනගම 2/19.

තරගය ලකුණු සමයි, කණ්ඩායම් දෙකම සම ශූරයින්.

මෙවර කණ්ඩායම් දෙකේ සංචිත,

සාන්ත ජෝසප් විද්‍යාලය – කෙනෙත් ලියනගේ (නායකයා), අභිෂේක් ජයවීර (උප නායක), නරේන් මුරලිදරන්, යෙනුල දෙව්තුස, සහන් දාබරේ, හිරාන් රණවීර, කවේන් පතිරණ, සෙනෝද් සොයිසා, ඕෂද ගුණසිංහ, ඩිහෙන් ද සිල්වා, මානස සුබසිංහ, ඩියුනීක් පෙරේරා, රිෂ්ම අමරසිංහ, ශෙනාල් අනුරාධ, දයාලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), ටොරින් පිටිගල (සහාය පුහුණුකරු), ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය)

ත්‍රිත්ව විද්‍යාලය – මලිත් රත්නායක (නායක), ජයවි ලියනගම, තිසුම් රාජරත්න, කවීන් ගමගේ, තිසල් යාපා, ඔශන ලොකුගේ, කදේශ් ඇන්ටන්, කවිඳු ජයරත්න, ආදම් හිල්මි, ස්වෙත් අනුරජීව, දීමන්ත මහවිතාන, පුලිෂ තිලකරත්න, ලක්වින් අබේසිංහ, වතිල උදාර, නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), වී. රවීන්ද්‍රන් (ක්‍රිකට් භාර ආචාර්ය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


St. Joseph’s College
198/10 (50)

Trinity College
198/8 (50)

Batsmen R B 4s 6s SR
Dimantha Mahavithana b Yenula Dewthusa 30 40 5 0 75.00
Pulisha Thimeth Thilakarathna c Rishma Amarasinghe b Dunick Perera 0 7 0 0 0.00
Lakvin Abeysinghe c Yenula Dewthusa b Kavean Pathirana 7 28 1 0 25.00
Wathila Udara run out (Kavean Pathirana) 30 49 4 0 61.22
Oshana Lokuge c Naren Muralidaran b Kavean Pathirana 3 15 0 0 20.00
Jayavi Liyanagama b Yenula Dewthusa 48 79 4 0 60.76
Mohamed Aadham c Abishek Jayaweera b Naren Muralidaran 10 31 0 0 32.26
Sweath Anurajeewa c Dunick Perera b Kavean Pathirana 11 26 0 0 42.31
Malith Rathnayake not out 1 12 0 0 8.33
Kavindu Jayarathne not out 20 16 0 2 125.00


Extras 38 (b 1 , lb 5 , nb 3, w 29, pen 0)
Total 198/8 (50 Overs, RR: 3.96)
Bowling O M R W Econ
Dunick Perera 4 0 25 1 6.25
Maanasa Madubashana 6 0 29 0 4.83
Kavean Pathirana 10 1 28 3 2.80
Yenula Dewthusa 10 1 20 2 2.00
Naren Muralidaran 10 0 42 1 4.20
Oshada Gunasinghe 10 0 48 0 4.80


Batsmen R B 4s 6s SR
Abishek Jayaweera b Kavindu Jayarathne 0 3 0 0 0.00
Sahan Dabare c Malith Rathnayake b Jayavi Liyanagama 57 82 3 2 69.51
Naren Muralidaran b Malith Rathnayake 20 32 4 0 62.50
Keneth Liyanage st Mohamed Aadham b Wathila Udara 20 43 4 0 46.51
Rishma Amarasinghe c & b Sweath Anurajeewa 17 38 1 0 44.74
Kavean Pathirana run out (Wathila Udara) 4 3 1 0 133.33
Yenula Dewthusa b Jayavi Liyanagama 17 31 0 1 54.84
Sasanka Ranaweera b Sweath Anurajeewa 15 21 2 0 71.43
Manik Gunawardena c Mohamed Aadham b Sweath Anurajeewa 1 5 0 0 20.00
Dunick Perera run out (Pulisha Thimeth Thilakarathna) 15 24 1 1 62.50
Oshada Gunasinghe not out 17 20 2 0 85.00


Extras 15 (b 1 , lb 0 , nb 2, w 12, pen 0)
Total 198/10 (50 Overs, RR: 3.96)
Bowling O M R W Econ
Kavindu Jayarathne 4 0 13 1 3.25
Pulisha Thimeth Thilakarathna 1 0 8 0 8.00
Thisal Yapa 3 0 11 0 3.67
Malith Rathnayake 8 0 27 1 3.38
Lakvin Abeysinghe 10 2 49 0 4.90
Jayavi Liyanagama 10 1 19 2 1.90
Wathila Udara 4 0 16 1 4.00
Sweath Anurajeewa 10 0 54 3 5.40