කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් සංග්‍රාමය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවති “115 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” ඊයේ (24) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය සඳහා පසුගිය 23 සහ 24 දිනවල මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එහි පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගන්නට ධර්මරාජ ක්‍රීඩකයින් සමත් වුනා.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්
- ධර්මරාජ විද්‍යාලය – සචින්ත දිසානායක (නායක), පුලිඳු පෙරේරා, දුෂ්‍යන්ග ගුණසිංහ, මලිත හපුආරච්චි, ඉසුරු පන්නල, ප්‍රවීන් තීක්ෂණ, සදීප රත්නායක, නිසල අබේරත්න, මලීෂ රාජකරුණා, තිසරු වන්නිනායක, දුලර බන්දුලසේන.
- කිංග්ස්වුඩ් විද්‍යාලය – මහසෙන් අබේකෝන් (නායක), හසින්ත පොල්කොටුව, ගනුක සළුවඩන, ඔෂාන් විරංජන (කඩුලු රකින්නා), කවිජ ගමගේ, හසංග රත්නායක, නිකේෂල නානායක්කාර, අබ්දුල් හකීම්, රවිඳු තරින්ද, දිනුක සඳරුවන්, අමේෂ් රූපසිංහ.
කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කිංග්ස්වුඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 127ක් ලබා ගත්තා.
එහි දී ලකුණු 36කට කඩුලු 4ක් බිඳ වැටී අසීරු අඩියක සිටි අවස්ථාවේ දී හසංග (ලකුණු 34) සහ නිකේෂල (ලකුණු 25) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 57 ඉනිම නිසා ඔවුන්ට තරමක් දුරට හිස එසවීමට අවස්ථාවක් ලැබුණා.
පන්දු යැවීමේ දී දුලාර ලකුණු 19කට කඩුලු 4ක් දවා ගන්නා විට වේගපන්දු යවන ක්‍රීඩක සදීප රත්නායක ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තා.
- ThePapare Most Popular Schoolboy Cricketer කිරුළ තරිඳු හර්ෂණට
- ශ්‍රී ලංකා යෞවනියන් A කාණ්ඩයෙන් ලෝක කුසලානයට
- සාන්ත සර්වේසස් සහ සාන්ත තෝමස් දැවැන්ත ජයග්‍රහණ ලබා ගනී
- සාන්ත ජෝසප් සහ ත්‍රිත්ව විද්‍යාල 17න් පහළ සම ශූරතාවය උසුලයි
- නාලන්දා සහ රිච්මන්ඩ් ජය ලබයි
ඉන් අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ ධර්මරාජ විද්‍යාලයේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 184ක් තුල සාර්ථක ලකුණු 142ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් කිසිදු කඩුල්ලක් නොදැවීම පළමු ඉනිමේ වාසිය ලබා ගන්නට ධර්මරාජ ක්‍රීඩකයින් සමත් වුනා.
එහි දී පුලිඳු (ලකුණු 90) සහ නායක සචින්ත (ලකුණු 66) එක්ව එම සුපිරි සබඳතාවය ගොඩනැංවූ අතර ඔවුන් දෙදෙනාටම අර්ධ ශතකවලින් පමණක් සෑහීමකට පත්වෙන්නට සිදු වුනා.
ඒ හැරෙන්නට ඔවුන්ගේ පළමු ඉනිමේ එකඳු හෝ සබඳතාවය ලකුණු 24 සීමාව ඉක්මවා නොගිය අතර වයස අවුරුදු 15ක් වන දකුණතින් පිට දඟපන්දු යවන කවිජ ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තා.
අවසානයේ දී ධර්මරාජය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 269ක් ලබා ගත්තේ සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 142ක පළමු ඉනිමේ වාසියක් ද සහිතවයි.
පළමු ඉනිමේ දී යම් පසුබෑමකට ලක්වුණු කිංග්ස්වුඩ් විද්‍යාලය දෙවැනි ඉනිමේ දී ලකුණු 199ක් ලබාගෙන ධර්මරාජ විද්‍යාලයට හොඳ අභියෝගයක් එල්ල කළා.
ඒ සඳහා මූලික අඩිතාලම සකස් කරමින් සිය විද්‍යාලයේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ 15 හැවිරිදි කවිජ සබඳතාවයන් 7ක් සඳහා එක් අන්තයකින් දායකත්වය දක්වමින් පන්දු 153ක් පුරාවට කඩුල්ලේ රැඳෙමින් ලකුණු 80ක් ලබාගෙන සිය පළමු පාසල් මහා තරගය තුල දී ම පරිණත දස්කම් පෙන්නුම් කිරීම කැපී පෙනුණා. ඒ හැරෙන්නට ආරම්භක පිතිකරු හසින්ත ලකුණු 39ක් ලබාගෙන දස්කම් දැක්වූවා.
මේ මහා තරගය තුල වාර්තා වූ දෙවැනි කඩුලු 5 දස්කම දැක්වූ මලිත ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු මේ තරගය පුරාවට කඩුලු 6ක් බිඳ හෙළුවා.
අනතුරුව සිය ජයග්‍රහණය වෙනුවෙන් සිව්වැනි ඉනිම තුල ලකුණු 58ක ඉලක්කයක් හඹා ගිය ධර්මරාජ කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ පසුපසට ඇද දමන්නට කවිජ (දුවද්දී දැවී යාමක් සහ එක් කඩුල්ලක්) ඇතුළු කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වුනා.
පුලිඳු පන්දු 8ක දී ලකුණු 17කට දැවී ගිය අතර තරගයේ නියමිත කාලය අවසානයේ දී ධර්මරාජ කණ්ඩායමට පන්දුවාර 4ක් තුල කඩුලු 4ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 31ක් පමණයි.
තරගයේ වීරයා කවිජ ගමගේ (කිංග්ස්වුඩ් විද්‍යාලය)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasintha Polkotuwa | b Sadeepa Rathnayake | 0 | 5 | 0 | 0 | 0.00 |
Ganuka Saluwadana | c Sadeepa Rathnayake b Dulara Badulasena | 9 | 42 | 1 | 0 | 21.43 |
Oshan Viranjana | c Maleesha Rajakaruna b Dulara Badulasena | 12 | 36 | 1 | 0 | 33.33 |
Kavija Gamage | c Sadeepa Rathnayake b Dulara Badulasena | 16 | 78 | 0 | 0 | 20.51 |
Mahasen Ranasinghe | lbw b Sadeepa Rathnayake | 4 | 2 | 1 | 0 | 200.00 |
Hasanga Rathnayake | c Thisaru Wanninayake b Sadeepa Rathnayake | 34 | 73 | 4 | 0 | 46.58 |
Nikeshala Nanayakkara | c Isuru Pannala b Praveen Theekshana | 25 | 70 | 2 | 0 | 35.71 |
Abdul Hakam | c Sachintha Senanayake b Malitha Hapuarachchi | 14 | 38 | 1 | 0 | 36.84 |
Ravindu Tharinda | c Dushyanga Gunasinghe b Dulara Badulasena | 1 | 15 | 0 | 0 | 6.67 |
Amesh Rupasinghe | c & b Thisaru Wanninayake | 0 | 3 | 0 | 0 | 0.00 |
Dinuka Sandaruwan | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 2 , lb 5 , nb 3, w 2, pen 0) |
Total | 127/10 (60.1 Overs, RR: 2.11) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sadeepa Rathnayake | 15 | 3 | 45 | 3 | 3.00 | |
Janith Gunathunga | 4 | 3 | 1 | 0 | 0.25 | |
Dulara Badulasena | 13.1 | 5 | 19 | 4 | 1.45 | |
Pulidu Perera | 4 | 2 | 4 | 0 | 1.00 | |
Maleesha Rajakaruna | 2 | 0 | 6 | 0 | 3.00 | |
Malitha Hapuarachchi | 9 | 1 | 14 | 1 | 1.56 | |
Thisaru Wanninayake | 9 | 1 | 20 | 1 | 2.22 | |
Dhanuka Prabhath | 4 | 0 | 11 | 1 | 2.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulidu Perera | c Oshan Viranjana b Kavija Gamage | 90 | 95 | 11 | 1 | 94.74 |
Sachintha Senanayake | lbw b Amesh Rupasinghe | 66 | 130 | 5 | 0 | 50.77 |
Dulara Badulasena | lbw b Kavija Gamage | 9 | 15 | 1 | 0 | 60.00 |
Malitha Hapuarachchi | c Dinuka Sandaruwan b Kavija Gamage | 28 | 36 | 2 | 0 | 77.78 |
Isuru Pannala | st Oshan Viranjana b Dinuka Sandaruwan | 11 | 10 | 2 | 0 | 110.00 |
Praveen Theekshana | lbw b Dinuka Sandaruwan | 1 | 5 | 0 | 0 | 20.00 |
Sadeepa Rathnayake | c Abdul Hakam b Kavija Gamage | 19 | 29 | 0 | 0 | 65.52 |
Maleesha Rajakaruna | run out (Dinuka Sandaruwan) | 19 | 19 | 1 | 0 | 100.00 |
Nisala Abeyrathne | lbw b Kavija Gamage | 7 | 8 | 0 | 0 | 87.50 |
Thisaru Wanninayake | run out (Abdul Hakam) | 4 | 5 | 0 | 0 | 80.00 |
Dulaj Bandara | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 14 (b 10 , lb 2 , nb 0, w 2, pen 0) |
Total | 269/10 (58.5 Overs, RR: 4.57) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Abdul Hakam | 9 | 0 | 59 | 0 | 6.56 | |
Amesh Rupasinghe | 11 | 2 | 41 | 1 | 3.73 | |
Hasintha Polkotuwa | 10.5 | 0 | 55 | 0 | 5.24 | |
Nikeshala Nanayakkara | 3 | 0 | 10 | 0 | 3.33 | |
Ganuka Saluwadana | 1 | 0 | 4 | 0 | 4.00 | |
Dinuka Sandaruwan | 8 | 0 | 40 | 2 | 5.00 | |
Kavija Gamage | 12 | 2 | 39 | 5 | 3.25 | |
Ravindu Tharinda | 4 | 0 | 9 | 0 | 2.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasintha Polkotuwa | c Dushyanga Gunasinghe b Sadeepa Rathnayake | 39 | 59 | 2 | 1 | 66.10 |
Ganuka Saluwadana | lbw b Pulidu Perera | 2 | 7 | 0 | 0 | 28.57 |
Oshan Viranjana | lbw b Sadeepa Rathnayake | 26 | 79 | 2 | 0 | 32.91 |
Kavija Gamage | st Isuru Pannala b Malitha Hapuarachchi | 80 | 153 | 9 | 0 | 52.29 |
Hasanga Rathnayake | c Nisala Abeyrathne b Dulara Badulasena | 15 | 52 | 2 | 0 | 28.85 |
Nikeshala Nanayakkara | c Sachintha Dissanayaka b Malitha Hapuarachchi | 7 | 27 | 1 | 0 | 25.93 |
Abdul Hakam | c Sachintha Dissanayaka b Malitha Hapuarachchi | 0 | 6 | 0 | 0 | 0.00 |
Mahasen Abeykoon | c Dushyanga Gunasinghe b Malitha Hapuarachchi | 10 | 17 | 1 | 0 | 58.82 |
Ravindu Tharinda | c Nisala Abeyrathne b Malitha Hapuarachchi | 5 | 25 | 0 | 0 | 20.00 |
Amesh Rupasinghe | run out (Isuru Pannala) | 5 | 21 | 0 | 0 | 23.81 |
Dinuka Sandaruwan | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 9 (b 1 , lb 2 , nb 0, w 1, pen 5) |
Total | 199/10 (75 Overs, RR: 2.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sadeepa Rathnayake | 13 | 1 | 46 | 2 | 3.54 | |
Pulidu Perera | 7 | 2 | 17 | 1 | 2.43 | |
Dulara Badulasena | 26 | 8 | 43 | 1 | 1.65 | |
Malitha Hapuarachchi | 19 | 3 | 48 | 5 | 2.53 | |
Thisaru Wanninayake | 5 | 0 | 15 | 0 | 3.00 | |
Praveen Theekshana | 3 | 0 | 11 | 0 | 3.67 | |
Nisala Abeyrathne | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dushyanga Gunasinghe | run out (Oshan Viranjana) | 1 | 1 | 0 | 0 | 100.00 |
Pulidu Perera | run out (Oshan Viranjana) | 17 | 8 | 2 | 1 | 212.50 |
Sachintha Dissanayaka | b Kavija Gamage | 10 | 8 | 0 | 0 | 125.00 |
Isuru Pannala | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
Maleesha Rajakaruna | run out (Kavija Gamage) | 1 | 1 | 0 | 0 | 100.00 |
Sadeepa Rathnayake | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 31/4 (4 Overs, RR: 7.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavija Gamage | 2 | 0 | 15 | 1 | 7.50 | |
Amesh Rupasinghe | 2 | 0 | 16 | 0 | 8.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<