නව මුහුණු ද සමඟින් එළියට ආ ක්‍රිකට් තේරීම් කමිටුව

436
New cricket selection committee officially released

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරා පත්කරගත් නව ක්‍රිකට් තේරීම් කමිටුව අද (19) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළේය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියත් සමඟ මෙම කමිටු නාමලේඛනය අද උදෑසන මාධ්‍ය වෙත නිකුත් කර අතර, පෙර පැවසූ පරිදිම එහි මුලසුන ග්‍රැහැම් ලැබ්රෝයි මහතාට හිමිව ඇත. ඔහුට අමතරව එම කමිටුවේ සිටින අනෙකුත් සාමාජිකයන් වන්නේ ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස්, අසංක ගුරුසිංහ හා සජිත් ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ග්‍රැහැම් ලැබ්රෝයිගේ නායකත්වය යටතේ නිලධාරීන් 05 දෙනෙකුගෙන් සමන්විත…

අසංක ගුරුසිංහ මහතා මීට පෙර සනත් ජයසූරිය මහතා මූලිකත්වය දැරූ ක්‍රිකට් තේරීම් කමිටුවේ ද සිටි සාමාජිකයෙකි. කණ්ඩායමේ කළමනාකරු ලෙස ගුරුසිංහ මහතා ක්‍රියා කරනු ලැබේ.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලැබ්රෝයි මහතා, 1986 සිට 1992 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරග 9කට සහභාගි වී ඇති අතර, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 44කට සිය දායකත්වය දක්වා ඇත.

වොව්ටර්ස් මහතා මීට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කර ඇත.

සජිත් ප්‍රනාන්දු මහතා පළමුපෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කර ඇති අතරම, පුහුණුකරුවෙක් ලෙස ද සිය වගකීම් නිසියාකාරව ඉටු කළ පුද්ගලයෙකි.

වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකි. එසේම වර්ෂ 1989 සිට 1993 දක්වා වූ කාලය තුළ ටෙස්ට් තරග 3කට හා එක්දින තරග 4කට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.

නව තේරීම් කමිටුව විසින් ඩුබායි හිදී ආරම්භ වීමට නියමිත පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය ලබන සතියේ දී නිකුත් කරනු ඇත. එම තරගාවලියට ටෙස්ට් තරග 5ක් හා එක්දින තරග 5ක් ඇතුළත් වන අතර, පැවැත්වෙන එකම 20–20 තරගය පාකිස්තානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සාමාජිකයින්

  • ග්‍රැහැම් ලැබ්රෝයි – සභාපති
  • ගාමිණී වික්‍රමසිංහ
  • ජෙරී වව්ටර්ස්
  • සජිත් ප්‍රනාන්දු
  • අසංක ගුරුසිංහ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<