සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් පළමු දිනය තුලම පළමු ඉනිම ජය ගනී

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

159

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් සහ සාම්ප්‍රදායික තරග කිහිපයක් අද (20) ආරම්භ වුනා.

Tier A කොටස යටතේ පළමු දිනයට ක්‍රියාත්මක වුනූ තරග 3 දී විදුනෙත් විල්සන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය), තිශේන් ඇහැලියගොඩ (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූ අතර අදීශ බණ්ඩාරනායක (ඩී. එස්. සේනානායක) සහ දිනත් සෙනිල (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය) කඩුලු 5 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

Tier B කොටස යටතේ පැවැත්වෙන තරග 4 ද ඉතාමත් උණුසුම්ව ක්‍රියාත්මක වුනු අතර තරග කිහිපයක් සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වුනා. එහි දී අන්ශෙන් ද සිල්වා (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය) සහ මැදපෙළ පිතිකරු නෙතුම් බස්නායක (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය) වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව සටන්කාමී අර්ධ ශතක ලබා ගත්තා.

78 වැනි LDH පීරිස් අනුස්මරණ කුසලානය වෙනුවෙන් අද SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනු රාජකීය – ආනන්ද තරගයේ පළමු දිනය අවසන් වන විට රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 150ක් ලබාගෙන සිටියා.

එහි දී අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ඔවින අඹන්පොල නොදැවී අර්ධ ශතකයක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර දෙවැනි දිනයට පැවැත්වෙන මේ තරගය හෙටත් (21) උදෑසන 9.15 සිට සජීව ලෙස ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්.

රාජකීය විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 150/3 (43): ඔවින අඹන්පොල 56*, දසිස් මංචනායක 31*

සාන්ත තෝමස් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය – (Tier A)

  • සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස (පළමු දිනය අවසානයේ) – 177/7 (47.2): තිශේන් ඇහැලියගොඩ 55, රොමේෂ් මෙන්ඩිස් 40, අචල පෙරේරා 4/51, ප්‍රින්ස් ප්‍රනාන්දු 2/15

ත්‍රිත්ව විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය – (Tier A)

  • ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 144/9 (45): ජයවි ලියනගම 42*, අදීශ බණ්ඩාරනායක 5/28.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – (Tier A)

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 77 (33.5): දිනත් සෙනිල 5/33, මෙවන් දිසානායක 2/15, අර්ශාන් ජෝසප් 2/16
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 214 (45.2): විදුනෙත් විල්සන් 83, කූජිත හිම්සර 33, සංජු ඩිල්ශාන් 3/72, සෙනුර පෙරේරා 2/12, නවිජ ද සේරම් 2/27, මනුග යොනාල් 2/32

සාන්ත පීතර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය (Tier B)

  • සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 151/9 (42): ඔවීන් සල්ගාදු 36, ලකිඳු සචින් 24*, සුකිත දෙව්තිලින 2/13, යොහාන් ද අල්විස් 2/24

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – (Tier B)

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 281/9 (70): අන්ශෙන් ද සිල්වා 95, නෙතුම් බස්නායක 73*, රමිත බණ්ඩාර 34, සුහද ප්‍රනාන්දු 3/40, රවීන් චේතන 3/41

දේවපතිරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – (Tier B)

  • දේවපතිරාජ විද්‍යාලය – 215 (72.2): ඉරුෂික තිමිර 45, දර්ශක සන්දීප් 41, අරෝෂ සිතුමිණ 27, සඳරු තීක්ෂණ 24, නිමේෂ් සිල්වා 4/64.
  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 92/5 (32) : කනක වික්‍රමසිංහ 42, ඉරුෂික තිමිර 3/21

නාලන්දා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය – (Tier B)

  • නාලන්දා විද්‍යාලය – 154 (56.4): මිනෝද් කල්දේරා 39, තිසර දෙව්දුනු 35*, ගයන වීරසිංහ 4/18, චාරුක හේරත් 2/16, දිමත් අබේසිංහ 2/54
  • මලියදේව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 102/3 (35)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<