ලෝක කුසලාන පන්දුවාර 20-20 තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ඊයේ (31) ඉන්දියාවේ මුම්බායි හිදී සත්කාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විණි. මෙම තරඟය ප්‍රේක්ෂයින්ගේ දැඩි කතා බහකට ලක්වන තරඟයක් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

කොදෙව් ක්‍රීඩකයන් ජයග්‍ර‍නයේ සතුට සමරමින් ©AFP
කොදෙව් ක්‍රීඩකයන් ජයග්‍ර‍නයේ සතුට සමරමින් ©AFP

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රෝහිත් ශර්මා හා අජින්කෙයා රහනේ ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භක සබඳතාවක් ඇති කරමින් ලකුණු 62 ක සබඳතාවක් ගොඩනංවන ලදි. පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා කඩුල්ල මුවා

කිරීමේ වරදට හසුව පන්දු  31 කදී, 4 පහරවල් 3 ක් හා 6 පහරවල් 3 ක් සමඟ ලකුණු 43 කට දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි විරාට් කෝලි හා එක් වූ අජින්කෙයා රහනේ ලකුණු 66 ක සබඳතාවක් 2 වන කඩුල්ල සදහා ද ගොඩනංවන ලදි. අජින්කෙයා රහනේ පන්දු 35 කදී, 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 40 ක් ලබා සිටියදී දැවී යන ලදි. මෙම තරඟයේ දී විරාට් කෝලිව දවා ගැනීමට තිබූ අවස්ථාවන් 5 ක් පමන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් අතින් ගිලිහෙන ලදි. එයද විරාට් කෝලි ගේ ප්‍රහාරය දැඩි වීමට හේතු විය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 192 ලබා ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කල මහේන්ද්‍ර සිං දෝනි පන්දු 9 කදී එක් 4 පහරක් සමඟ ලකුණු 15 ක් ලබා ගත් අතර, ඉන්දීය කණ්ඩායමේ ජීවය වූ විරාට් කෝලි නොදැවී පන්දු 47 කදී, 4 පහරවල් 11 ක් හා එක් 6 පහරක් සමඟ විශිෂ්ට ලකුණු 89 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සැමුවෙල් භද්‍රී ලකුණු 26 කට එක් කඩුල්ලක්ද, ඇන්ඩෘ රසල් ලකුණු 47 කට එක කඩුල්ලක්ද දවාලීමට සමත් විය.

ලකුණු 193 ක අභියෝගාත්මක ලකුණක් හඹා යාමට පිටියට පිවිසි ක්‍රිස් ගේල් හා ජොන්සන් චාල්ස් ගේ සබඳතාව ලකුණු 6 කට සීමා කරමින් ක්‍රිස් ගේල් ලකුණු 5 කට දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි මාලන් සැමුවෙල් ලකුණු 8 කට දැවී ගිය අතර එවිට ලකුණු පුවරුව ලකුණු 19 ක් ලෙස දැක්විණි. අනතුරුව පිටියට පිවිසි ලෙන්ඩල් සිමන්ස් හා එක්

ඉන්දීය ක්‍රීඩාලෝලීන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පෝස්ටර් ගිනි තබමින් ©AFP
ඉන්දීය ක්‍රීඩාලෝලීන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පෝස්ටර් ගිනි තබමින් ©AFP

වූ ජොන්සන් චාල්ස් ලකුණු 97 ක සබඳතාවක් 3 වන කඩුල්ල සදහා ගොඩනංවමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ස්ථාවරත්වයකට රැගෙන එන ලදි. ජොන්සන් චාල්ස් පන්දු 36 කදී, 4 පහරවල් 7 ක් හා 6 පහරවල් 2 ක් සමඟ ලකුණු 52 ක් ලබා සිටියදී දැවී යන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 116 ක් ලෙස සටහන්ව තිබිණි. අනතුරුව පිටියට පිවිසි ඇන්ඩෘ රසල් හා එක්වූ ලෙන්ඩල් සිමන්ස් නොබිදුනු ලකුණු 80 ක සබඳතාවක් 4 වන කඩුල්ල සදහා එක් කරමින් පන්දුවාර 19 යි පන්දු 4 කදී ලකුණු 196 ක් ලබා ගනිමින් ඉන්දියාව පරාජය කර කඩුළු 7 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි. ජයග්‍රහණයේ නියමුවා වු ලෙන්ඩල් සිමන්ස් නොදැවී පන්දු  51 කදී,  4 පහරවල් 7 ක් හා 6 පහරවල් 5 ක් සමඟ ලකුණු 82 ක් ලබාගත් අතර  ඔහුව දවාලීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම ඉන්දීය පන්දු යවන්නන් ගේ දුර්වලතා නිසා මඟ හැරිනි. ඇන්ඩෘ රසල් ද ලෙන්ඩල් සිමන්ස් හට සහය ලබා දෙමින් නොදැවී පන්දු 20 කදී වේගවත් ලකුණු 43 ක් ලබා ගැනීමට, 4 පහරවල් 3ක් හා 6 පහරවල් 4 ක් එල්ල කරන ලදි.

පන්දු යැවීමේදී  අශිෂ් නෙහෙරා ලකුණු 24 ට එක් කඩුල්ලක්ද, ජාස්ප්‍රිට් බුම්රා ලකුණු 42 කට එක් කඩුල්ලක්ද දවාලීමට සමත් විය.

තරඟයේ වීරයා ලෙස ලෙන්ඩල් සිමන්ස් සම්මාන දිනාගත් අතර අවසාන මහා තරඟය එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන ඉරිදා (3) කොල්කටා හිදී පැවැත්වීමට නියමිතය.