පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Sri Lanka tour of Pakistan 2026

3
Sri Lanka tour of Pakistan 2026

පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පුහුණු තුන් දින තරගයෙන් ලකුණු 142ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (6) සමත් වෙනවා.

>>ශ්‍රී ලංකාව ලකුණු 193ක් ඉදිරියෙන්

Islamabad නුවර Islamabad Club Cricket Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා ගනිමින් ඉනිම අත් හිටු වූ අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 151ක් ලබා ගනිමින් ඔවුන් ද ඉනිම අත් හිටුවනවා.

ඒ අනුව ලකුණු 72ක් ද අතැති ව 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට පිටියට පිවිස තරගය 2 වැනි දිනයට නතර කරද්දී කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා. ඒ වෙද්දී මිලාන් රත්නායක නොදැවී ලකුණු 27ක් ද සහ කේශර නුවන්ත ලකුණු නොලබා ද නොදැවී පිටියේ රැඳී සිටියා.

ඔවුන් අතුරින් ශ්‍රී ලංකා ඉනිමට පළමුවෙන් ම අහිමි වෙන්නේ මිලාන් රත්නායකගේ කඩුල්ලයි. ඔහු දැවී යද්දී පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා. කේශර නුවන්ත ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව ධනංජය ද සිල්වා ලකුණු 7කට ද සහ අසිත ප්‍රනාන්දු ලකුණකට ද තම ඉනිම් සීමා කර ගනිද්දී ලහිරු කුමාර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 181කට සීමා වෙද්දී නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ubaid Shah ලකුණු 18කට කඩුලු 3ක් සහ Shoaib Akhtar ලකුණු 26කට කඩුලු 3ක් බැගින් දවා ගත්තා. ඊට අමතර ව Saqib Khan කඩුලු ද්විත්වයක් ද සහ Ali Shabbir කඩුල්ලක් ද දවා ගත්තා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 254ක හඹා යන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 111ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Tayyab Arif. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු Abdullah Fazal පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 16ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී කේශර නුවන්ත ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව එශාන් මාලිංග ලකුණු 6කට කඩුලු 3ක් ද, ඩිල්ශාන් මදුශංක සහ ලහිරු කුමාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 223 (58.0)ලහිරු උදාර 65, කුසල් මෙන්ඩිස් 66, අංජල බණ්ඩාර නොදැවී 33, Saqib Khan2/28, Mohammad Salman 2/52, Ali Shabbir 2/28
  • පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 151 (47.0) Azan Awais50, Mohammad Taha29, Tayyab Arif 30, ලහිරු කුමාර 2/16, ඩිල්ශාන් මදුශංක 2/32, මිලාන් රත්නායක 2/24
  • ශ්‍රී ලංකාව –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 181 (54.3) සොනාල් දිනූෂ 22, අංජල බණ්ඩාර 34, මිලාන් රත්නායක 40, කේශර නුවන්ත 30, Shoaib Akhtar3/26, Saqib Khan 2/38, Ubaid Shah 3/18
  • පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම – දෙවැනිඉනිම සියලුම දෙනාදැවී 111 (27.1) Abdullah Fazal 21, Tayyab Arif 32, කේශර නුවන්ත 4/26, එශාන් මාලිංග 3/06

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 142ක ජයක්.

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 9 වැනිදා Rawalpindi ක්‍රීඩංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<