දනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක්

1411

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරත්මක ආරම්භක පිතිකරුවෙකු වන දනුෂ්ක ගුණතිලක හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 6 තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා…

පසුගිය දා අවසන් වූ ඉන්දු – ශ්‍රී ලංකා  එක්දින තරගාවලිය අතරතුර ඔහුගේ හැසිරීම් රටාව හා විනය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ කමිටුවක් මගින් මෙම තීරණය ගෙන ඇත. එසේම මේ නිසා ඔහුගේ වාර්ෂිකව ගිවිසුම්ගත මුදලින් 20%ක දඩ මුදලක් ද ගෙවීමට සිදුවනු ඇත. මෙම තහනම 2017 සැප්තැම්බර් 30 වන දා සිට බලපැවැත්වෙනු ඇති අතර, ඒ නිසා ජාතික තේරීම් කමිටුවට වමතින් පිත්ත හසුරුවන ගුණතිලකව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කර තිබේ.

26 හැවිරිදි ගුණතිලක මේ වසරේ පැවැත්වූ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 12ක් ක්‍රීඩා කර 42.41ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යක් රඳවාගෙන තිබේ. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටද ඔහු සමත් විය.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<