වෙස්ලි විද්‍යාලයෙන් දැවැන්ත ලකුණු පුවරුවක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

483

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (21) සාර්ථකව අවසන් වුනා.

එහි දී සාන්ත ජෝසප්, සාන්ත බෙනඩික්ට්, වෙස්ලි, මහනුවර සාන්ත අන්තෝනි, ලුම්බිණි, තර්ස්ටන් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

Tier A කොටසේ X කාණ්ඩය යටතේ පැවති රාජකීය – සාන්ත ජෝසප් තරගයේ දී ශෙවෝන් ඩැනියල් ලබා ගත් අර්ධ ශතකය සහ ලහිරු අමරසේකර දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් රාජකීය විද්‍යාලය කඩුලු 3කින් පරාජය කරමින් තරග 3ම ජයගෙන අපරාජිතව තවදුරටත් එම කාණ්ඩයේ ඉදිරියෙන් සිටීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා.

වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහිව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශාරුජන් ශන්මුගනාතන් ලබා ගත් නොදැවුණු ශතකය (104*) සහ වේගපන්දු යවන ක්‍රීඩක විහර අත්තනායක ලබා ගත් කඩුලු 5 දස්කම නිසාවෙන් ලකුණු 141ක දැවැන්ත ජයක් ලබා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ප්‍රසාද ලකුණක් සමඟ මෙවර එක්දින තරගාවලියේ ලබා ගත් දෙවැනි ජය ලබා ගත්තා.

දිනයේ කැපී පෙනුණාම තරගය වුනු ගුරුකුල – වෙස්ලි තරගය Tier A කොටසේ Y කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වුණු අතර එහි දී සනිතු අමරසිංහ ලබාගත් ලකුණු 111 සහ චමත් ගෝමස් ලබා ගත් අර්ධ ශතකය (ලකුණු 86) නිසාවෙන් ලකුණු 362ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරගන්නට වෙස්ලි විද්‍යාලයට හැකියාව ලැබුණා. අවසානයේ දී ඔවුන් එම තරගය ලකුණු 180කින් ජය ගත්තේ ප්‍රසාද ලකුණක් ද සහිතවයි.

Tier B කොටසේ තරග වෙත අවධානය යොමු කිරීමේ දී Y කාණ්ඩයේ ලුම්බිණි – සහිරා විද්‍යාල තරගයේ දී ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් නබීල් රාජුඩීන් (ලකුණු 112) ලබාගෙන ලකුණු 274ක ලකුණු පුවරුවක් නිර්මාණය කර ගත් අතර රායිඩ් රිස්වාන් (ලකුණු 101)ක් ලබාගෙන සහිරා ඉනිම ශක්තිමත් කළත් ලුම්බිණි විද්‍යාලය තරගය ජය ගත්තා.

දිනයේ ක්‍රියාත්මක වුනු අනෙක් තරගවල දී තර්ස්ටන් සහ මහින්ද විද්‍යාල ජයග්‍රහණ ලබා ගත් අතර පැතුම් විහඟ ලබා ගත් කඩුලු 6 දස්කම නිසාවෙන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය ද ජයග්‍රහණ වාර්තා කරගත්තා.

වෙස්ලි විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය

  • · වෙස්ලි විද්‍යාලය – 362 (49.3): සනිතු අමරසිංහ 111, චමත් ගෝමස් 86, උවින් පෙරේරා 47, ලිනල් සුබසිංහ 27, අනුග පැහැසර 23, හිරුන නිම්සර 3/46, ජනිත ශෙහාන් 2/63
  • · ගුරුකුල විද්‍යාලය – 182 (46.2): නේතන් දිශාන් 43, වගීෂ ආමන්ත 26, දෙනුර දෙමන්සිත් 21, ශකේෂ් මිනොන් 4/23, චමත් ගෝමස් 3/22, නිලුපුල් ලියනගේ 2/39
  • වෙස්ලි විද්‍යාලයට ලකුණු 180ක ජයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • · සාන්ත තෝමස් විද්‍යාලය – 122 (46.4): ආකාශ් ප්‍රනාන්දු 46, රොමේෂ් මෙන්ඩිස් 21, ලහිරු අබේසිංහ 3/27, තිසර ඒකනායක 2/20, ට්‍රවීන් මැතිව් 2/33
  • · සාන්ත අන්තෝනි විද්‍යාලය – 125/5 (34): තිසර ඒකනායක 38, දිනෙත් ගුණවර්ධන 2/20
  • සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 5ක ජයක්

රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

  • · රාජකීය විද්‍යාලය – 232/7 (50): සිනෙත් ජයවර්ධන 73, සන්දේශ් රාමනායක 50, සන්විඳු සෙනරත්ආරච්චි 36*, රනුක මලවිආරච්චි 22*, යෙනුල දෙව්තුෂ 2/34, ලහිරු අමරසේකර 2/36.
  • · සාන්ත ජෝසප් විද්‍යාලය – 233/7 (46.4): ශෙවෝන් ඩැනියල් 52, හිරාන් ජයසුන්දර 42*, සහන් දාබරේ 42, ලහිරු අමරසේකර 34, සිනෙත් ජයවර්ධන 3/38, අභිෂේක් ඉද්දවෙල 2/48.
  • සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 3ක ජයක්

වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • · සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 287/6 (50): ශාරුජන් ශන්මුගනතන් 104*, ශෙනාල් සමරතුංග 65, ශෙරන් කන්නංගර 47, චමත් චාතුර්ය 28, ප්‍රින්ස් ප්‍රනාන්දු 3/46
  • · වේල්ස් කුමර විද්‍යාලය – 146 (34.3): රිවිත් ජයසූරිය 30, තුසිඳු දීමන්ත 28, මෙශිත් ද සිල්වා 22*, විහර අත්තනායක 5/27, මෙවන් දිසානායක 2/11.
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 141ක ජයක්

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

  • · සාන්ත අන්තෝනි විද්‍යාලය – 219 (49.4): අමිත සංදීප 53, පැතුම් විහඟ 22, විහඟ රශ්මිත 21, චමින්ද සඳරුවන් 4/21, ඉරුෂ්ක තිමිර 2/28
  • · දේවපතිරාජ විද්‍යාලය – 190 (45.2): මතීෂ සාරංග 43, පවන් සංදේශ් 40, දර්ශක සංදීප 28, ජීවක ශෂීන් 28, පැතුම් විහඟ 6/33, ශාන් අනිකෙත් 3/31
  • සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 29ක ජයක්

මහින්ද විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

  • · මහින්ද විද්‍යාලය – 175/8 (42): චන්දුප ද සිල්වා 68, හිරුන මන්දිල 35, නිසල් අබේරත්න 3/38, පුලිඳු පෙරේරා 3/36
  • · ධර්මරාජ විද්‍යාලය – 106/9 (42): ඔනජිත් ද සිල්වා 16, කවීන් රුක්ෂාන් 2/06, රන්මිණ හෙට්ටිආරච්චි 2/14, තරුෂ ඩිල්ශාන් 2/22
  • මහින්ද විද්‍යාලයට ලකුණු 29ක ජයක්

තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • · තර්ස්ටන් විද්‍යාලය – 198/8 (47): තේනුක දේවප්‍රිය 68, උෂාන් ඉමේෂ 59, අසීම් මොහොමඩ් 20, කලන පැතුම් 4/35, භාෂණ ද සිල්වා 2/26
  • · සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 164 (43.1): කවිඳු අමරසිංහ 30, චාර්ය පරණවිතාන 29, කාවින්ද ප්‍රභාත් 3/24, තනුග පලිහවඩන 2/22
  • තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 30ක ජයක් (පැරබෝලා ක්‍රමයට අනුව)

ලුම්බිණි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

  • · ලුම්බිණි විද්‍යාලය – 274/8 (50): නබීල් රාජුඩීන් 112, දෙනෙත් අංජන 92, ධනිත සංදේශ් 22, රායිඩ් රිස්වාන් 3/44, ලක්ෂාන් ද සිල්වා 2/60, වෙන්කට් රාජේන්ද්‍රන් 2/61.
  • · සහිරා විද්‍යාලය – 249 (46.3): රායිඩ් රිස්වාන් 101, මොහොමඩ් යසීර් 38, වෙන්කට් රාජේන්ද්‍රන් 33, පසිඳු මහීෂ 2/23, මලිත් කවිඳු 2/41, දුමිඳු සෙව්මිණ 2/48
  • ලුම්බිණි විද්‍යාලයට ලකුණු 25ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<