Home Sinhala Shakeel ලෝක වාර්තාවකට; Shafiqueගෙන් ද්විත්ව ශතකයක්

Shakeel ලෝක වාර්තාවකට; Shafiqueගෙන් ද්විත්ව ශතකයක්

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1310

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (26) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

දිනයේ නිමාව සටහන් වන විට පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 563ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 397ක් ඉදිරියෙන් සිටිමින්.

>>Photos – Pakistan tour of Sri Lanka 2023 | 2nd Test – Day 3<<

ඔවුන් අද දිනය තුල දී ක්‍රියාත්මක වුනු පන්දුවාර 93කුත් පන්දු 3 තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 385ක් ලබා ගත්තේ පන්දුවාරයකට 4.13කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

Agha Salman සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගනිමින් නොදැවී ලකුණු 132*ක් ලබාගෙන සිටින අතර Mohammad Rizwan නොදැවී ලකුණු 37*යි. Mohammad Rizwan සහ Agha Salmanගේ 6 වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 95*ක්.

දැනට පාකිස්තානය ලබාගෙන තිබෙන ලකුණු 563 පාකිස්තානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉනිමක ලබා ගත් සිව්වැනි වැඩිම ලකුණු ප්‍රමාණයයි.

මේ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (25) දිනයේ මිනිත්තු 43ක් පමණක් තරගය ක්‍රීඩා කිරීමට සිදු වු නිසා (අයහපත් කාලගුණ තත්වය නිසා) පන්දුවාර 80ක් අහිමිව ගියා. අද උදෑසන 9.45ට තරගය ආරම්භ වුනා.

ඒ වන විට පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 178ක් (පන්දුවාර 38කුත් පන්දු 3ක්) ලබාගෙන සිටි අතර දිනයේ පළමු සැසිය තුල Babar Azamගේ කඩුල්ල ලකුණු 39කට නැවත වරක් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වුනා. Babar Azam සහ Abdullah Shafique එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවය ලකුණු 89ක්.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වුනු 10 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව නව පන්දුව ලබා ගත් අතර එහි දී අසිත ප්‍රනාන්දු යොමු කළ පළමු පන්දු දෙකටම 4 පහර දෙකක් එල්ල කළ Saud Shakeel සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තා.

ඒ අනුව ඔහු මේ දක්වා ක්‍රීඩා කර තිබෙන සෑම ටෙස්ට් තරගයකම (පළමු ටෙස්ට් තරග 7) දී එක් ඉනිමක් තුල හෝ අර්ධ ශතකයකට වැඩි (ලකුණු 50+ට වැඩි) ඉනිම් දියත් කර තිබෙන අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වීමට Shakeel සමත් වුනා.

ලකුණු 17 දී Short Leg කලාපයේ රැඳී සිටි නිශාන් මදුෂ්ක වෙත රැකගැනීමට යම් අවස්ථාවක් තිබුණු උඩපන්දු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් Shakeel ලකුණු 56ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම 4 පහර 6කින් වර්ණවත් වුනා. එම දැවී යාමත් සමඟම පාකිස්තානු පළමු ඉනිමේ මේ දක්වා වාර්තා වුනු දෙවැනි ශතක සබඳතාවයට ලකුණු 109 දී තිත තබන්නට අසිත සමත් වුනා.

අනතුරුව පිටියට පැමිණි කඩුලු රකින පිතිකරු Sarfaraz Ahmed වෙත අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දු අවස්ථාවන් දෙකක් Sarfarazගේ හිසේ වැදුනා. ඉන් මොහොතකට පසුව Sarfarazට යම් අපහසුතාවයක් ඇතිවීම නිසාවෙන් ඔහුගේ හිස සෙලවීමකට ලක්ව (concussion) ඇත්ත ද යන්න නැවත පිරික්සා බැලූ අතර එහි දී ලකුණු 14*ක් ලබාගෙන සිටි Sarfaraz නැවත ක්‍රීඩාගාරයට යන්නට තීරණය කළා.

ඒ වන විට පාකිස්තානු ලකුණු සටහන 344/4ක් ලෙස සටහන් වුනා. ඒ නිසාවෙන් ඔහු වෙනුවට Concussion ක්‍රීඩක ආදේශයක් ලෙස කඩුලු රකින පිතිකරු Mohammad Rizwan කණ්ඩායමට ඇතුළත් කිරීමට තරග තීරක David Boon අවසර ලබා දුන්නා.

අනතුරුව Abdullah Shafique සමඟ පිටියේ එක්වූ Agha Salman ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු ඉතාමත් හොඳින් තෝරා බේරාගෙන පන්දුවට පහර දෙමින් ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහ සැලකිය යුතු මට්ටමක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන සිය සබඳතාවය ස්ථාවර කළ අතර තේ පානය වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 397ක් ලබාගෙන සිටියා.

එම සැසිය තුල ද එක් කඩුල්ලකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක කළ පන්දුවාර 28 තුල ලකුණු 124ක් ලබා ගන්නට Shafique, Salman, Sarfaraz සහ Shakeel සමත් වුනා.

පාකිස්තානු ඉනිමේ වීරයා වුනු ආරම්භක දකුණත් පිතිකරු Shafique පන්දුවාර 113කුත් පන්දු 2ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටි අතර ඔහු සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම දියත් කරමින් ලකුණු 201ක් ලබා ගත්තේ සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ද ලබාගෙනයි.

මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස සටහන්ව තිබුණේ 2022 වසරේ දී ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 160 ඉනිමයි. එම තරගය පාකිස්තානය ජය ගත් අතර එහි දී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ද ඔහුයි.

පාකිස්තානු ආරම්භක පිතිකරුවෙක් මව් රටෙන් එපිට දී ලබා ගත් 7 වැනි ද්විත්ව ශතකය මෙය වන අතර පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් ලබා ගත් 11 වැනි ද්විත්ව ශතකය මෙයයි.

තවද පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබා ගත් තෙවැනි ළාබාලතම පිතිකරුවා බවට ද පත්වීමට Abdullah Shafique සමත් වුනු අතර ඔහුට ඉදිරියෙන් Javed Miandad සහ Hanif Mohammad ඒ වාර්තාව සඳහා හිමිකම් කියා තිබෙනවා.

Result


Sri Lanka
166/10 (48.4) & 188/10 (67.4)

Pakistan
576/5 (134)

Batsmen R B 4s 6s SR
Nishan Madushka run out (Shan Masood) 4 9 1 0 44.44
Dimuth Karunaratne b Naseem Shah 17 37 3 0 45.95
Kusal Mendis c Mohammad Rizwan b Shaheen Shah Afridi 6 9 1 0 66.67
Angelo Mathews c Sarfaraz Ahmed b Naseem Shah 9 26 1 0 34.62
Dinesh Chandimal c Imam-ul-Haq b Naseem Shah 34 60 4 0 56.67
Dhananjaya de Silva c Saud Shakeel b Abrar Ahmed 57 68 9 1 83.82
Sadeera Samarawickrama c Abdullah Shafique b Abrar Ahmed 0 4 0 0 0.00
Ramesh Mendis c Saud Shakeel b Abrar Ahmed 27 44 3 0 61.36
Prabath Jayasuriya run out (Shan Masood) 1 7 0 0 14.29
Asitha Fernando  b Abrar Ahmed 8 24 2 0 33.33
Dilshan Madushanka not out 0 5 0 0 0.00


Extras 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0)
Total 166/10 (48.4 Overs, RR: 3.41)
Fall of Wickets 1-9 (2.4) Nishan Madushka, 2-23 (6.1) Kusal Mendis, 3-35 (12.5) Angelo Mathews, 4-36 (14.1) Dimuth Karunaratne, 5-121 (33.5) Dinesh Chandimal, 6-122 (34.4) Sadeera Samarawickrama, 7-133 (36.3) Dhananjaya de Silva, 8-136 (38.6) Prabath Jayasuriya, 9-163 (46.2) Asitha Fernando , 10-166 (48.4) Ramesh Mendis,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 11 1 44 1 4.00
Naseem Shah 14 3 41 3 2.93
Abrar Ahmed 20.4 2 69 4 3.38
Nauman Ali 3 1 10 0 3.33
Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dilshan Madushanka b Prabath Jayasuriya 201 326 19 4 61.66
Imam-ul-Haq c Nishan Madushka b Asitha Fernando  6 6 1 0 100.00
Shan Masood c Kusal Mendis b Asitha Fernando  51 47 4 1 108.51
Babar Azam lbw b Prabath Jayasuriya 39 75 4 1 52.00
Saud Shakeel lbw b Asitha Fernando  57 110 6 0 51.82
Sarfaraz Ahmed -select- b 14 22 3 0 63.64
Agha Salman not out 132 154 15 1 85.71
Mohammad Rizwan not out 50 67 4 1 74.63


Extras 26 (b 4 , lb 16 , nb 3, w 3, pen 0)
Total 576/5 (134 Overs, RR: 4.3)
Fall of Wickets 1-13 (2.3) Imam-ul-Haq, 2-121 (21.5) Shan Masood, 3-210 (47.5) Babar Azam, 4-319 (80.3) Saud Shakeel, 5-468 (113.2) Abdullah Shafique,

Bowling O M R W Econ
Asitha Fernando  25 1 133 3 5.32
Dilshan Madushanka 17 3 77 0 4.53
Ramesh Mendis 36 2 139 0 3.86
Prabath Jayasuriya 53 11 194 2 3.66
Dhananjaya de Silva 3 1 13 0 4.33


Batsmen R B 4s 6s SR
Nishan Madushka b Noman Ali 33 72 4 1 45.83
Dimuth Karunaratne c Imam-ul-Haq b Noman Ali 41 61 6 0 67.21
Kusal Mendis c Saud Shakeel b Noman Ali 14 35 2 0 40.00
Angelo Mathews not out 63 127 7 2 49.61
Dinesh Chandimal c Imam-ul-Haq b Noman Ali 1 11 0 0 9.09
Dhananjaya de Silva c Abrar Ahmed b Noman Ali 10 38 2 0 26.32
Sadeera Samarawickrama c Shan Masood b Noman Ali 5 11 1 0 45.45
Ramesh Mendis st Mohammad Rizwan b Noman Ali 16 42 2 0 38.10
Prabath Jayasuriya b Naseem Shah 0 4 0 0 0.00
Asitha Fernando  b 0 2 0 0 0.00
Dilshan Madushanka b 0 3 0 0 0.00


Extras 5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total 188/10 (67.4 Overs, RR: 2.78)
Fall of Wickets 1-69 (18.1) Nishan Madushka, 2-86 (26.2) Dimuth Karunaratne, 3-99 (30.2) Kusal Mendis, 4-109 (32.5) Dinesh Chandimal, 5-131 (46.2) Dhananjaya de Silva, 6-141 (50.1) Sadeera Samarawickrama, 7-177 (64.3) Ramesh Mendis, 8-184 (65.5) Prabath Jayasuriya, 9-188 (67.1) Asitha Fernando , 10-188 (67.4) Dilshan Madushanka,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 12 5 30 0 2.50
Naseem Shah 17.4 5 44 3 2.53
Abrar Ahmed 10 1 34 0 3.40
Noman Ali 23 8 70 7 3.04
Agha Salman 5 1 6 0 1.20



SSC ක්‍රීඩාංගණය තුල සංචාරක කණ්ඩායමක ආරම්භක පිතිකරුවෙක් ලබා ගත් පළමු ද්විත්ව ශතකය ලෙස ද Shafiqueගේ ද්විත්ව ශතකය වාර්තා පොත් අතරට එකතු වුනා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත් අතර ප්‍රභාත් කඩුලු 2ක් දවා ගත්තා.

මේ තරගයේ පාකිස්තානු පළමු ඉනිම තුල ශ්‍රී ලංකාව ලබා ගත් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ (DRS) අවස්ථාවන් තුනම රමේෂ් මෙන්ඩිස් විසින් යොමු කළ පන්දු හමුවේ Agha Salmanට එරෙහිව ලබා ගත් අතර Alex Wharf විනිසුරු අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකාව භාවිතා කළ එම DRS අවස්ථාවන් 3ම අපතේ ගියා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන මේ තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය පාකිස්තානය කඩුලු 4කින් ජය ගත් නිසා තරගාවලිය තුල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි. හෙට (27) මේ තරගයේ සිව්වැනි දිනයයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<