මලියදේව, සාන්ත ජෝසප් වාස්, මොරටු මහා විද්‍යාලය පෙරළිකාර දස්කම් දක්වයි

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

342

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (20) සාර්ථකව අවසන් වුනා.

එහි දී මලියදේව, මොරටු මහා විද්‍යාලය, සාන්ත පීතර සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර ඔවුන් හමුවේ පිළිවෙළින් ඩී. එස්. සේනානායක, ධර්මපාල, ධර්මාශෝක සහ ආනන්ද විද්‍යාල කණ්ඩායම් පරාජයට පත් වුනා.

පැවති තරගවල දී පසිඳු මේනක (මලියදේව විද්‍යාලය), ගවිරු සෙනහස් (ඩී. එස්. සේනානායක විද්‍යාලය), ඉසුරු නිදර්ශන (මොරටු මහා විද්‍යාලය), සුකිත දෙව්තිලින (මොරටු මහා විද්‍යාලය), සෙනිත හැලඹගේ (ධර්මාශෝක විද්‍යාලය), රුසඳ ගමගේ (සාන්ත පීතර විද්‍යාලය) සහ නිමුතු ගුණවර්ධන (සාන්ත පීතර විද්‍යාලය) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන පිතිකරණයෙන් දස්කම් දැක්වූවා.

එසේම පන්දු යැවීමේ දස්කම් සලකා බැලීමේ දී ශනොන් රොද්‍රිගෝ (සාන්ත පීතර විද්‍යාලය), චාරුක හේරත් (මලියදේව විද්‍යාලය) යන දඟපන්දු යවන ක්‍රීඩකයින් කඩුලු 4කට වඩා වැඩියෙන් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

මලියදේව විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (Tier A)

  • · ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක ක්‍රීඩාංගණය
  • · කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

මලියදේව විද්‍යාලය – 174 (48.3): පසිඳු මේනක 75, ගයාන් වීරසිංහ 33, සෙනුර සිල්වා 3/19, අකිද වීරසූරිය 3/20.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 165 (33.2): ගවිරු සෙනහස් 74, දිලෂ් කුමාරනායක 22, චාරුක හේරත් 4/37, තේමිය බණ්ඩාර 3/22.

මලියදේව විද්‍යාලයට ලකුණු 9ක ජයක්

මොරටු මහා විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය (Tier B)

  • · ක්‍රීඩාංගණය – ධර්මපාල ක්‍රීඩාංගණය
  • · කාසියේ වාසිය – ධර්මපාල විද්‍යාලය

මොරටු මහා විද්‍යාලය – 229/6 (47): ඉසුරු නිදර්ශන 92, සුකිත දෙව්තිලන 60, මලිත් රන්දික 33, චිතුම් චිරන්ත 3/39, කාවින්ද චානුක 2/22.

ධර්මපාල විද්‍යාලය – 95 (33.3): නුලාන් සෙනෙවිරත්න 18, මලිත් ප්‍රනාන්දු 3/14, ඉසුරු නිදර්ශන 2/17.

මොරටු මහා විද්‍යාලයට ලකුණු 134ක ජයක්

ධර්මාශෝක විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය (Tier B)

  • · ක්‍රීඩාංගණය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
  • · කාසියේ වාසිය – ධර්මාශෝක විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය – 179/9 (50): සෙනිත හැලඹගේ 63, ශනොන් රොද්‍රිගෝ 5/25, ලශ්මික පෙරේරා 2/20

සාන්ත පීතර විද්‍යාලය – 183/2 (36.4): රුසඳ ගමගේ 63*, නිමුතු ගුණවර්ධන 61*, ඔවින් සල්ගාදු 48

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 8ක ජයක්

ආනන්ද විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (Tier B)

  • · ක්‍රීඩාංගණය – කදිරාන
  • · කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය

ආනන්ද විද්‍යාලය – 160/8 (50): පුලිඳු කිරිඇල්ල 34, ඉරුත් ගිම්ශාන් 31, සචින් ජයසිංහ 23, තරිඳු එශාන් 3/23.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 161/7 (47.3): ජනිත් ෂෙහාන් 30*, හංස මිහිරංග 30, මෙනූෂ පෙරේරා 24, පුලිඳු කිරිඇල්ල 2/23, ඉසුරු අයේෂ් 2/24.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 3ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<