ශ්‍රී ලංකා යෞවනියන් A කාණ්ඩයෙන් ලෝක කුසලානයට

ශ්‍රී ලංකා යෞවනියන් A කාණ්ඩයෙන් ලෝක කුසලානයට

741
ICC U19 WOMEN’S T20 WORLD CUP FIXTURES ANNOUNCE

ICC වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය එළඹෙන 2023 වසරේ ජනවාරි 14 වැනිදා සිට 29 වැනිදා දක්වා Benoni හා Potchefstroom හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් සහභාගී වීමට සූදානමින් සිටිනවා.

එම කණ්ඩායම් 16 තුළට ICC පූර්ණ සාමාජික කණ්ඩායම් 11ක් හා අර්ධ සාමාජික (Associate) කණ්ඩායම් 5ක් සහභාගී වීමට නියමිතයි.

එම කණ්ඩායම් 16 කාණ්ඩ 4ක් ඔස්සේ තරග වදින අතර ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ඇමරිකා එක්සත් ජනපදය සමඟින් A කාණ්ඩයේ තරග කරනවා.

  • A කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය
  • B කාණ්ඩය – එංගලන්තය, පාකිස්තානය, රුවන්ඩාව හා සිම්බාබ්වේ
  • C කාණ්ඩය – ඉන්දුනීසියාව, අයර්ලන්තය, නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්
  • D කාණ්ඩය – ඉන්දියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර්

තරගාවලිය තරග 41කින් සමන්විත අතර ආරම්භක තරගයේ දී ඕස්ට්‍රේලියාව හා බංගලාදේශය හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු තරගයේ දී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ තරග වැදීමට සැලසුම් කර තිබෙනවා. තරගය Willowmoore Park B Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු වටයට අනතුරුව Super Six ලීග් වටයක් පැවැත්වීමට නියමිත අතර ජනවාරි 27 වැනිදා අවසන් පූර්ව වටයේ තරගත්, 29 වැනිදා අවසන් මහා තරගත් Potchefstroom හි JB Marks Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට පෙර ජනවාරි 9 වැනිදා සිට 11 වැනිදා දක්වා පුහුණු තරග 16ක් ද පැවැත්වීමට නියමිතයි. එම තරග පැවැත්වෙන්නේ Johannesburg හා Tshwane හිදියි.

ICC මාධ්‍ය නිවේදනයක් ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<