රෙහාන් සහ ඉස්මත් දවසේ වීරයන් වේ

19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

297

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් සහ කොළඹ සහිරා විද්‍යාලයේ ශයාන් ඉස්මත් දවසේ වීරයන් බවට පත් වුනා.

ඊට අමතර ව මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කවීන් ප්‍රනාන්දු පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වද්දී, රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් පෙර දිනයේ නොදැවී ලකුණු 84ක් ලබා සිටි අතර අද ඔහු තම ඉනිම ශතකයක් අභිබවා රැගෙන ගියා. ඔවුන්ගේ ඉනිම අවසන් වන විට රෙහාන් පන්දු 247කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 150ක් ලබා සිටියා.

මේ අතර රාජකීය නායක දසිස් මංචනායක ද පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වූවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් සෙනුර සිල්වා පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිද්දී, රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා ලකුණු 50කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (42.5) ගවිරු සෙන්හස් 44, සෙනුර සිල්වා 23, ඕ. එම්. බී. පෙරේරා නොදැවී 37, නෙත්වින් ධර්මරත්න 3/40, දසිස් මංචනායක 5/10
  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 327 (76) රෙහාන් පීරිස් නොදැවී 150, රමිරු පෙරේරා 84, දසිස් මංචනායක 63
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 210 (63.4) ගවිරු සෙන්හස් 43, සෙනුර සිල්වා 50, මනුර පීරිස් 20, චෙනුල් පිංසර 46, රමිරු පෙරේරා 7/50
  • රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 22 (2.3)

රාජකීය විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

කොළඹ සහිරා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

සහිරා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කවීන් ප්‍රනාන්දු පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 103ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පෙර දිනයේ තරගය නතර කරන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 72ක්.

එමෙන් ම පෙර දින ලකුණු 44කට කඩුලු 3ක් දවාගෙන සිටි සහිරා විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන ශයාන් ඉස්මත් අද ප්‍රතිවාදීන්ගේ තවත් කඩුලු 4ක් දවා ගනිමින් ලකුණු 74කට කඩුලු 7ක් දවා ගත්තා. දෙවැනි ඉනිමේ ද ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත් ඔහු තරගයේ දී ලකුණු 110කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර සහිරා විද්‍යාලයීය දෙවැනි ඉනිමේ දී චමෝද් ලක්ෂාන් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගනිද්දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ශේන් ආදිත්‍ය ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

  • සහිරා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (47.5) එම්. වයි. ෆරාජ් 20, ආර්. වෙන්කට් 29, බී. ආර්. ආර්. කරීම් 29, එම්. ආර්. එම්. ඉරාෂ් 42, කේ. සී. ඒ. ප්‍රනාන්දු 3/57, හසිඳු පෙරේරා 2/53, ශේන් ආදිත්‍ය 3/28, රමිත් බණ්ඩාර 2/03
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (54.1) කවීන් ප්‍රනාන්දු 103, සදෙව් එක්සිත් 20, නෙතුම් බස්නායක 28, ශයාන් ඉස්මත් 7/74
  • සහිරා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (43) එම්. වයි. ෆරාජ් 27, චමෝද් ලක්ෂාන් 83, හසිඳු පෙරේරා 2/49, ශේන් අදිත්‍ය 5/20
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 104 (30) ශේන් ආදිත්‍ය 34, කවීන් ප්‍රනාන්දු 28, එම්. අයි. ශයාන් 3/36

තරගයේ විසඳුමක් නෑ.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශෙනෙල් සමරතුංග පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් වාර්තා කරද්දී, මහානාම විද්‍යාලයේ නායක සචිර වැලිවත්ත පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් වාර්තා කළා.

  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (90.5) අංජල බණ්ඩාර 38, විරංග යෙශාන් 63, රශ්මික පෙරේරා 24, දුවිඳු රණතුංග නොදැවී 41, චමත් චාතුර්ය 2/37, දිනත් සෙනිල 2/17, මෙවන් දිසානායක 3/55,
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (64) ශෙනෙල් සමරතුංග 53, මෙවන් දිසානායක 21, දුවිඳු රණතුංග 4/39, දසිත් ගුණතිලක 3/24, ඉනුක කරන්නාගොඩ 2/19
  • මහානාම විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 135 (33) කවිඳු අමමෙත් 21, අංජල බණ්ඩාර 38, සචිත වැලිවත්ත නොදැවී 50, විරංග යෙශාන් නොදැවී 21, හෂාන් ඔලගම 2/16

තරගයේ විසඳුමක් නෑ.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

වෙන්නප්පුවේ දී පැවති මෙම තරගයේ දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අද මලිෂ පෙරේරා පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

පරාජිත ඉනිමේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් නායක මෙනුශ පෙරේරා පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (56.5) දසුන් පෙරේරා 59, විශ්ව රාජපක්ෂ 45, රවිඳු තුෂාර 20, අයේෂ් ශෂිමාල් 4/27, අශිංස නයිනායක 3/32
  • ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 283 (87.2) විදුණ විජේබණ්ඩාර 53, අශිංස නයිනායක 22, ඉඳුවර විජේරත්න 38, මලීෂ පෙරේරා 58, කිත්ම සිතුමල් 21, යෙහාන් ගුණසිංහ 44, විශ්ව රාජපක්ෂ 5/99, මෙනූෂ පෙරේරා 2/108
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 109 (46.5) හංස මිහිරංග 25, මෙනුශ පෙරේරා 58, යෙහාන් ගුණසිංහ 2/18, අශිංස නයිනායක 3/21, කිත්මල් සිත්මල් 3/12

ආනන්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 18ක ජයග්‍රහණයක්.

අද ආරම්භ වූ තරග

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කුරුණෑගල දී පැවති මෙම තරගයේ සංචාරක කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙක් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව රයන් දිසානායක පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 78ක් ද, සනේශ් ප්‍රනාන්දු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ද සහ මහේන් සිල්වා පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්තා.

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (24.2) බුද්ධිම සහන් 41, සජාන් විජේරත්න 4/35, යශින් ප්‍රනාන්දු 3/16
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 353 (64) රයන් දිසානායක 78, සනේශ් ප්‍රනාන්දු 64, මහේන් සිල්වා 51, සංදේශ් ප්‍රනාන්දු 41, නදීශ ප්‍රනාන්දු 48, ආලෝක ප්‍රනාන්දු නොදැවී 20, කළිඳු විජේසිංහ 2/80
  • සාන්ත ආනා විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 12 (7)

මෙම තරගය හෙට (18) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<