ඉන්දීය ප්‍රධාන වේගපන්දු යවන්නාට මීළඟ තරගය අහිමි වන ලකුණු

127
Injured Bumrah set to miss Brisbane

ඉන්දු – ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගයේ දී ඇති වූ ආබාධයක් නිසාවෙන් ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට බොහෝ විට මීළඟ ටෙස්ට් තරගය අහිමි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිමා වූ තෙවැනි ටෙස්ට් තරගය අතරතුර දී Bumrah උදරයේ ආබාධයකට ලක් වූ අතර එම තරගයේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම අතරතුර දී ඔහු යම් වේදනාවකින් පන්දු යවන ආකාරයක් දැක ගැනීමට ද හැකි විය.

ඉදිරි සංචාරයන් සඳහා ඔහුගේ සහභාගීත්වය ඉතාමත් වැදගත් වන නිසාවෙන් ඔහුව මීළඟ තරගයේ දී කණ්ඩායමෙන් ඉවත් කර තැබීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

එම නිසාවෙන් බොහෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන මීළඟ තරගය සඳහා Jasprit Bumrah සහභාගි නොවීමට වැඩි ඉඩකඩක් ඇති අතර මෙල්බන් හී පැවති තරගයේ පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක් වූ Mayank Agarwalගේ සහභාගීත්වය ද අවිනිශ්චිත මට්ටමක පවතී.

තවත් ක්‍රිකට් පුවත්: 

මෙම තරගාවලිය අතරතුර දී ආබාධ නිසාවෙන් ඉන්දීය කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරන්නට වූ අතර පසුගිය තරගයේ දී සිදු වූ ආබාධයක් නිසාවෙන් තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja හට තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු විය.

එමෙන්ම එම තරගයේ අවසාන දිනයේ දී Ravichandran Ashwin, Hanuma Vihari සහ Rishabh Pant යන ක්‍රීඩකයන් ද වරින් වර ආබාධ නිසාවෙන් පිඩා විඳිනු දක්නට ලැබුණි.

එම ක්‍රීඩකයන්ට අමතරව මෙම තරගාවලිය අතරතුර දී ඇති වූ ආබාධ නිසාවෙන් ඉන්දීය වේගපන්දු යවන්නන් වන Mohammed Shami, Umesh Yadav සහ කඩුලු රකින පිතිකරු KL Rahul හට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ඒ අනුව Bumrahගේ සහභාගිත්වය ඉන්දීය කණ්ඩායමට අහිමි වුවහොත් Sydney හී පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගය සඳහා Shardul Thakur හෝ T Natarajan යන දෙදෙනාගෙන් අයෙකු කණ්ඩායමට ඇතුළත් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<