තරණ විමලධර්මගෙන් දක්ෂ පන්දු යැවීමක්

19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

286

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (16) දවසේ වීරයා බවට පත් වීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ තරණ විමලධර්ම සමත් වුනා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී අද (16) නිමා වූ මෙම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයේ තරණ විමලධර්ම ප්‍රතිවාදීන්ගේ දෙවැනි ඉනිමේ දී කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඔහු ඒ වෙනුවෙන් වැය කළ පන්දුවාර 14න් 7ක් ම නිලකුණු පන්දුවාර වූ අතර ලබා දී තිබුණේ ලකුණු 26ක් පමණයි.

පළමු ඉනිමේ ද ඔහු ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් අතර ඒ අනුව තරගයේ දී ලකුණු 44කට කඩුලු 13ක් දවා ගැනීමට ඔහු සමත් වුනා.

මේ අතර  මෙම තරගයේ දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ ගුරුකුල විද්‍යාලයේ පූර්ණ කල්හාර පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.

  • ත්‍රිත්ව විද්‍යාල – පළමු ඉනිම පළමු ඉනිම කඩුලු 8ක් දැවී 256 (70) සුපුන් වඩුගේ 57, මනුල කුලරත්න 43, දිනූශ පීරිස් 34, තත්සර එශාන් 3/68, මිනිඳු සාලින්ද 2/28.
  • ගුරුකුල විද්‍යාල – පළමු ඉනිම – සියලුම දෙනා දැවී 109 (43.3) ජනිත් මිහිරංග 24, මනුල ලරත්න 2/13, තරණ විමලධර්ම 3/18, දිනුක තෙන්නකෝන් 2/30, තීරක රණතුංග 2/17
  • ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 110 (32.5) පූර්ණ කල්හාර 69, දිනුක තෙන්නකෝන් 21/2, තරණ විමලධර්ම 8/26

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 37ක ජයග්‍රහණයක්.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී මහානාම විද්‍යාලය ලකුණු 28කට කඩුලු 4ක් දැවී තිබිය දී ඉනිම ගොඩ නැගීමට එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වීමට විරංග යෙශාන් සමත් වීම කැපී පෙනුණා.

ඔහු අංජල බණ්ඩාර (38) සමඟ එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් අතර 6 වැනි කඩුල්ල සඳහා රශ්මික පෙරේරා (24) එක් ව ලකුණු 52ක සබඳතාවක් එක් කළා.

විරංග දැවී යන විට පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා.

  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (90.5) අංජල බණ්ඩාර 38, විරංග යෙශාන් 63, රශ්මික පෙරේරා 24, දුවිඳු රණතුංග නොදැවී 41, චමත් චාතුර්ය 2/37, දිනත් සෙනිල 2/17, මෙවන් දිසානායක 3/55,
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 1 (1)

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

වෙන්නප්පුවේ දී පැවති මෙම තරගයේ දී ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් දසුන් පෙරේරා පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් අතර ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු විදුන විජේබණ්ඩාර පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (56.5) දසුන් පෙරේරා 59, විශ්ව රාජපක්ෂ 45, රවිඳු තුෂාර 20, අයේෂ් ශෂිමාල් 4/27, අශිංස නයිනායක 3/32
  • ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 111 (41) විදුණ විජේබණ්ඩාර 53, අශිංස නයිනායක 22

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී සත්කාරක කණ්ඩායමේ ක්‍රීඩකයෝ දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.

ඒ අනුව ප්‍රතිවාදීන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී දසිස් මංචනායක ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 9ක් පමණක් වන අතර එහි නිලකුණු පන්දුවාර 3ක් ඇතුළත් වුනා.

පිළිතුරු ඉනිමේ දී රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් සහ රමිරු පෙරේරා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

රමිරු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා ගත් අතර රෙහාන් පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා සිටිනවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 140ක්.

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (42.5) ගවිරු සෙන්හස් 44, සෙනුර සිල්වා 23, ඕ. එම්. බී. පෙරේරා නොදැවී 37, නෙත්වින් ධර්මරත්න 3/40, දසිස් මංචනායක 5/10
  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 193 (49) රෙහාන් පීරිස් නොදැවී 84, රමිරු පෙරේරා 84

කොළඹ සහිරා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය

සහිරා විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කවීන් ප්‍රනාන්දු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් වුනා.

සහිරා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (47.5) එම්. වයි. ෆරාජ් 20, ආර්. වෙන්කට් 29, බී. ආර්. ආර්. කරීම් 29, එම්. ආර්. එම්. ඉරාෂ් 42, කේ. සී. ඒ. ප්‍රනාන්දු 3/57, හසිඳු පෙරේරා 2/53, ෂෙහාන් ආදිත්‍ය 3/28, රමිත් බණ්ඩාර 2/03

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 115 (34) කවීන් ප්‍රනාන්දු නොදැවී 72, (97-11) සදෙව් එක්සිත් 20, එම්. අයි. ෂයාන් 3/44

මෙම තරග හෙට (17) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Traditional තරග

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය

ගල්කිස්සේ දී අද ආරම්භ වූ මෙම තරගය ආරම්භක දිනයේ දී ම නිමා වීම කැපී පෙනුණා.

  • සාන්ත ජෝන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 25 (15) ආකාශ් ප්‍රනාන්දු 6/12, නේතන් කල්දේරා 3/11
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 104 (37) රොමේෂ් මෙන්ඩිස් 29, සේනාධි බුලංකුලම 26, ජයචන්ද්‍රන් අශ්නාත් 5/29
  • සාන්ත ජෝන්ස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 61 (35) කමලපලන් සබේසන් 21, ආකාශ් ප්‍රනාන්දු 3/15, නේතන් කල්දේරා 3/20, අබීත් පරණවිදාන 3/13

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 18ක ජයග්‍රහණයක්.

තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<