ඉසිපතනයේ තේමියගෙන් සුපිරි තුන් ඉරියව් දක්ෂතා

19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

349
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (15) ක්‍රියාත්මක වුනා.

Tier A කොටසේ X කාණ්ඩයේ තරගයක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය අතර පැවති තරගයේ පළමු දිනය තුළ සිය පළමු ඉනිම දියත් කළ ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස් කරගෙන සිය ඉනිම අත්හිටවූවා. එහි දී සුපුන් වඩුගේ සහ මනුල කුලරත්න පිළිවෙලින් ලකුණු 57ක් සහ ලකුණු 43ක් වාර්තා කරමින් දස්කම් දැක්වූවා.

සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලයට වැඩි පීඩනයක් එල්ල කරමින් පන්දුවාර 9කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 25කට කඩුලු 4ක් දවා ගෙන දිනයේ වැඩි ගෞරවය දිනාගන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. පිතිකරණයෙන් ද දස්කම් දැක්වූ මනුල පන්දු යැවීමේ දී ද පළමු දිනය තුළ කඩුලු 2ක් දවාගත්තා.

එසේම ඉසිපතන විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර සුහද දෙදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, එහි පළමු ඉනිමේ වාසිය ලබාගන්නට ඉසිපතන විද්‍යාලය සමත් වුනා. තේමිය ගුණරත්න රැස් කරගත් ශතකය සහ පන්දු යැවීමේ දී ඉනිම දෙක තුළ දීම දවාගත් කඩුලු 9 දස්කම දිනය තුළ වාර්තා වුනු හොඳම දස්කම බවට පත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය

  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 256/8d (70): සුපුන් වඩුගේ 57, මනුල කුලරත්න 43, දිනූශ පීරිස් 34, තත්සර එශාන් 3/68, මිනිඳු සාලින්ද 2/28.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 25/4 (9.2): මනුල කුලරත්න 2/07.

වේල්ස් කුමර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

  • කාසියේ වාසිය – වේල්ස් කුමර විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස් ක්‍රීඩාංගණය

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 182 (39.1): තරිඳු අමරසිංහ 61, සුමල්ක ප්‍රනාන්දු 43, අචල පෙරේරා 34, තේමිය ගුණරත්න 4/40.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 348/6d (92): තේමිය ගුණරත්න 114, යුනෙත් සෙනෙවිරත්න 66, යෙසිත් කළුපහන 56, තරුෂ්ක පෙරේරා 51, රිවිත් ජයසූරිය 2/28, ප්‍රින්ස් ප්‍රනාන්දු 2/60.

වේල්ස් කුමර විද්‍යාල දෙවැනි ඉනිම – 133/9 (43): තරිඳු අමරසිංහ 24, තේමිය ගුණරත්න 5/50.

එම සියලු තතු විත්ති එසැණින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්! රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<