තර්ස්ටන් සහ සාන්ත ජෝසප් වාස් අවසන් පූර්ව වටයට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

326

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් අද (10) ක්‍රියාත්මක වුනා.

එහි දී තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අවසන් පූර්ව වටයේ සිය ස්ථානයන් තහවුරු කරගැනීමට අද සමත් වුනා.

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය කොළඹ සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. විහාස් තෙවිම්ක සහ දුවිඳු නිශාන් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගෙන දැක්වූ කැපී පෙනෙන පන්දු යැවීමේ දක්ෂතා නිසාවෙන් ඉසිපතන ඉනිම ලකුණු 75කට සීමා වූ අතර තර්ස්ටන් කණ්ඩායම එම ඉලක්කය පහසුවෙන් හඹා යමින් කඩුලු 6ක පහසු ජයක් හිමි කරගත්තා.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර පැවති අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා. එහි දී විශ්ව රාජපක්ෂ දැක්වූ සුපිරි තුන් ඉරියව් දක්ෂතා (ලකුණු 18කට කඩුලු 4ක් සහ පිතිකරණයෙන් ලකුණු 31ක්) නිසාවෙන් කඩුලු 7ක පහසු ජයක් හිමි කරගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් වුනා.

මේ අර්ධ අවසන් පූර්ව තරග දෙකට අමතරව සහිරා විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර දෙදින සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වුනා. එහි දී සහිරා විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 27කින් පරාජය කරමින් දැවැන්ත ජයක් ලබාගැනීමට කවිෂ්ක ඉමේෂ් ඇතුළු සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින් ඊයේ (9) සමත් වුනා.

එහි දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් නොදැවී ශතකයක් වාර්තා කරගත් කවිෂ්ක, සහිරා දෙවැනි ඉනිම තුළ කඩුලු 5ක් ද දවා ගෙන සුපිරි තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර මලිත් ලක්ෂාන් ද අර්ධ ශතකයක් සමඟ ඉනිම දෙක තුළම කඩුලු 6ක් ද දවා ගෙන කවිෂ්ක හට සිය සහය ලබා දුන්නා. රායිඩ් කරීම් සහිරා විද්‍යාල පළමු ඉනිම සවිමත් කරමින් අර්ධ ශතකයක් වාර්තා කරගත්තා.

ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය (Tier B – අර්ධ අවසන් පූර්ව තරගය)

ඉසිපතන විද්‍යාලය – 75 (28.3): විහාස් තෙවිම්ක 4//18, දුවිඳු නිශාන් 3/21.

තර්ස්ටන් විද්‍යාලය – 76/4 (19): රමික සොනාල් 20, සහන් දේවප්‍රිය 2/07, සිතුක ගුණවර්ධන 2/20.

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Tier B – අර්ධ අවසන් පූර්ව තරගය)

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 72 (25.2): විශ්ව රාජපක්ෂ 4/18, ජනිත් ශෙහාන් 3/20, තරිඳු එශාන් 2/20.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 73/3 (19.4): විශ්ව රාජපක්ෂ 31*, හසිඳු පෙරේරා 2/20.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර පැවති දෙදින සුහද තරගය

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 277/7d: කවිෂ්ක ඉමේෂ් 100*, මලිත් ලක්ෂාන් 76, ඩියෝන් ප්‍රනාන්දු 38, වෙන්කට් රාජේන්ද්‍රන් 3/48, මොහොමඩ් අක්‍රම් 2/76.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 157: රායිඩ් කරීම් 62, වෙන්කට් රාජේන්ද්‍රන් 21, මලිත් ලක්ෂාන් 3/13, කනක වික්‍රමසිංහ 2/20, ඉසුරු ගුණසේකර 2/40.

සහිරා විද්‍යාල දෙවැනි ඉනිම (F/O) – 93: රායිඩ් රිස්වාන් 37, මොහොමඩ් ඉජාස් 29, කවිෂ්ක ඉමේෂ් 5/20, මලිත් ලක්ෂාන් 3/07.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 27ක ජයක්.

තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<