ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා සටනෙහි තරග නිලධාරින් නම් කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

4791

එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා විනිසුරු මඩුල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලියට නම් කළ එකම තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ල මහතා නම් කර ඇති අතර ඔහු තරගාවලියේ සියලුම තරගවල දී තරග තීරකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා විනිසුරුවන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එලයිට් (Elite) පැනලයේ විනිසුරුවරයෙකු වන Nitin Menon සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන මෙරට විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරු, රවින්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලියේ තරග තීරක

  • ‍රංජන් මඩුගල්ල

විනිසුරු මඩුල්ල

  • Nitin Menon – Elite Panel විනිසුරු
  • රුචිර පල්ලියගුරු – ICC විනිසුරු
  • රවින්ද්‍ර විමලසිරි – ICC විනිසුරු
  • ලින්ඩන් හැනිබල් – ICC විනිසුරු

තරග තුනකින් යුත් මෙම තරගාවලිය මේ මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 27 වැනිදා සහ තෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<