යොවුන් තරුවක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට

1436
Sadeera Samarawickrama

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට, 22 හැවිරිදි යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම කැඳවා ඇතැයි වාර්තා වේ.

ගුණතිලකට තරග තුනක තහනමක් සමඟ දඩයක්

තරග ගිවිසුමේ කොන්දේසි කඩකිරීම සම්බන්ධව වරද පිළිගත් ක්‍රිකට් ‍ක්‍රීඩක…

ඒ අනුව සමරවික්‍රම එළඹෙන සිව්වැනි හා පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එකතු වන අතර, ඔහු පාකිස්තානයට එරෙහිව පැවැත්වූ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය. එහි දී ඔහු අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් පිළිවෙළින් ලකුණු 38ක් හා ලකුණු 13ක් ලබා ගැනීමට සමත් විය.

සමරවික්‍රම ශ්‍රී ලංකා A කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකා A සංචිතයට එකතු වීමේ අපේක්ෂාව සහිතව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අතර, ඔහුට ජැමෙයිකාව බලා පිටත්ව යාමට නොහැකිව ඇත්තේ වීසා සම්බන්ධව ඇති වී ගැටලුකාරී තත්වයක් නිසාවෙනි.  

සාන්ත ජෝසප් විද්‍යාලයීය ආදී ක්‍රීඩකයෙකු වන සමරවික්‍රම, නිමා වූ අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ හොඳම පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේය. එහි දී ඔහු තරග 7ක් තුල ලකුණු 343ක් රැස්කර ගැනීමට සමත් විය. පළමු පෙළ ක්‍රිකට් තරග 22ක දී  සමරවික්‍රමගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 27.52ක් පමණ වන අතර, ප්‍රහාරත්මක වේගය 88.19කි.

තරංගගේ ශතකය අපතේ හරිමින් ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!

එක්දින තරග ගණනාවක් මුළුල්ලේ පැවතගෙන එන ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය මෙම තරගාවලිය තුල අසාර්ථකව ඇති නිසා මෙවන් ආකාරයේ තීරණය ගත් බව විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දැනට 2-0ක් ලෙස පාකිස්තානුවන් පෙරමුණේ පසුවන අතර, මෙම තරගාවලියේ මීළඟ තරගය හෙට (18) අබුඩාබි හිදී පැවැත්වේ. සිව්වැනි හා අවසන් එක්දින තරග දෙක පිළිවෙළින් මේ මස 20 හා 23 වැනිදා සාජා ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <