සාන්ත ඇලෝසියස් විද්‍යාලය තවත් පියවරක් ඉදිරියට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

202

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ තවත් අවසන් පූර්ව තරගයක් අද (10) අවසන් වුනා.

එහි දී තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් පූර්ව තරග වටයට පිවිසීමට අවස්ථාව දිනා ගත්තා.

දෙවැනි දිනය වූ අද උදෑසනම තර්ස්ටන් පළමු ඉනිම ලකුණු 141කට සීමා කිරීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වුනා. එහි දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලබාගත් ලකුණු 147ට පිළිතුරු ලෙසයි තර්ස්ටන් විද්‍යාලය එම ලකුණු ප්‍රමාණය ලබාගත්තේ. එහිදී තර්ස්ටන් නායක ශානික්‍ය දේශප්‍රිය හැරෙන්නට අනෙක් පිතිකරුවන් හට ලකුණු 27 සීමාව අභිබවා යාමට නොහැකි වුනු අතර ඕෂද දේවින්ද සහ කවිඳු කේසර දෙදෙනා තර්ස්ටන් කඩුලු 7ක් දවා ගත්තා.

ලකුණු 6ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් චාර්ය පරණවිතාන, භාෂණ ද සිල්වා සහ හසිත සුරංග අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

අවසානයේ දී තර්ස්ටන් විද්‍යාලය තරගාවලියෙන් ඉවතට ඇද දමමින් සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මේ තරගයේ පළමු ඉනිම ජය ගත් නිසයි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 147 (57.2): විදුර ලක්ෂාන් 53, මිනුග දුලනමිත් 3/16, තනුග පලිහවඩන 3/37, අසීම් මොහොමඩ් 2/17 & 232/4 (69): චාර්ය පරණවිතාන 75, භාෂණ ද සිල්වා 57, හසිත සුරංග 51, තනුග පලිහවඩන 2/55

තර්ස්ටන් විද්‍යාලය – 141 (50.5): ශානික්‍ය දේශප්‍රිය 27, ඕෂද දේවින්ද 4/21, කවිඳු කේසර 3/29

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<