රාජකීය විද්‍යාලයට පහසු ජයක්

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

869

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික දෙදින තරග දෙකක් අද (04) අවසන් වුනා.

දිනයේ ප්‍රතිඵලයක් ලැබූ එකම තරගය වූ රාජකීය විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති තරගය රාජකීය ක්‍රීඩකයින් කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

රාජකීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රනුක මල්ලවාරච්චි තරගය පුරාවට කඩුලු හයක් (4/47 සහ 2/11) දවා ගැනීමට සමත් වූ අතර රමිර පෙරේරා දෙවැනි ඉනිමේ ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා.

පිතිකරණයෙන් රාජකීය ඉනිම ශක්තිමත් කළ දසිස් මංචනායක ලකුණු 91ක් සහ සංවිඳු සෙනරත්ආරච්චි ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූ අතර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් සුමල්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කළා.

පිතිකරුවන්ට වැඩි වාසි ගෙන දුන් මහින්ද විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා.

දිනයේ ශතක ලාභීන් බවට පත් වෙමින් මහින්ද විද්‍යාලය වෙනුවෙන් දනුජ ඉඳුවර නොදැවී ලකුණු 169ක් සහ තරූෂ ඩිල්ශාන් ලකුණු 119ක් ලබා ගත්තා.

රාජකීය විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

  • වේල්ස් කුමර පළමු ඉනිම – 136 (40): සුමල්ක ප්‍රනාන්දු 55, රනුක මල්ලවාරච්චි 4/47, බුලාන් වීරතුංග 2/17.
  • රාජකීය විද්‍යාල පළමු ඉනිම – 281/8d (4): දසිස් මංචනායක 91, සංවිඳු සෙනරත්ආරච්චි 61, ඔෂාන් ද සිල්වා 2/33.
  • වේල්ස් කුමර දෙවැනි ඉනිම – 179 (44.4): තරිඳු අමරසිංහ 45, ඔෂාන් ද සිල්වා 38, ඔමේෂ් මෙන්ඩිස් 23, රමිර පෙරේරා 4/45.
  • රාජකීය විද්‍යාල දෙවැනි ඉනිම – 35/0

රාජකීය විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

මහින්ද විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය

  • මලියදේව විද්‍යාල පළමු ඉනිම – 421/9 (104.1): ගයන වීරසිංහ 149, අමේෂ් තෙන්නකෝන් 64, චමත්කර් හෙට්ටිආරච්චි 48, ශෙහාන් හසරංග 6/87.
  • මහින්ද විද්‍යාල පළමු ඉනිම – 400/7 (93): දනුජ ඉඳුවර 169*, තරූෂ ඩිල්ශාන් 119, ගයන වීරසිංහ 4/81.

තරගය ජය පරාජයෙන් තොරයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<