දෙවන අදියර ආරම්භ කරමින් පලමු සතියේ පැවති තවත් තරගයක් වන මහනුවර ක්‍රීඩා සමාජයත් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් අතර තරගය නිත්තවෙල දී අද (31) නිමාවට පත්වූයේ යුධ හමුදාවට දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි.

දෙවන අර්ධයේ දී පොලිස් කණ්ඩායම අසරණ වෙයි

මෙවර තරගවාරයේ ලකුණු සටහනේ පලමු ස්ථාන කිහිපය අතර රැදෙමින් දක්ෂතා අතර සිටින නාවික හමුදා කණ්ඩායමත්, තවමත් මෙවර තරගවාරය තුල එක් ජයග්‍රහනයක් පමණක් අත්කරගෙන සිටින පොලිස් කණ්ඩායමත් අතර තරගය ඊයේ (29) වැලිසරදී පැවැත්විය.

මහනුවර ක්‍රීඩා සමාජය පලමු අදියර නිමා වන විට ජයග්‍රහණ 5ක් හා අමිහිරි පරාජයන් දෙකක් සමඟ ලකුණු සටහන තුල තෙවන ස්ථානය හිමිකරගෙන සිටි අතර යුධ හමුදා කණ්ඩායම හයවන ස්ථානයේ රැදී සිටින ලදී.

නිත්තවෙලදී පැවැත්වුනු තරග සියල්ලම මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී. දෙවැනි අර්ධයේ හොඳින් තරගාවලියට අවතීර්ණ වීමට මෙම තරගය වැදගත් වූ නමුත් යුධ හමුදා ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සියල්ලක්ම සුනුවිසුනු කරමින් 50:19 ක් ලෙසින් දැවැන්ත ජයක් හිමි කරගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

තරගයේ ලකුණු රැස්කිරීම ආරම්භ කරනු ලැබුවේ මහනුවර කණ්ඩායම වන අතර පළමු උත්සාහක දිනුම රැස් කරගනු ලැබුවේ නායක රොෂාන් වීරරත්න විසිනි. ප්‍රවර්තය සාර්ථක කරගන්නට තිළිණ විජේසිංහ සමත්විය. (07:00)

මීලඟ මිනිත්තු කිහිපය තුල යුධ හමුදාව හොඳින් තරගයට අවතීර්ණ වෙමින් දක්ෂ තරග රටාවක් දියත් කල නමුත් එම සියලු උත්සාහයක්ම ව්‍යර්ත කිරීමට මහනුවර පසුපෙල සමත්විය. පසුපෙල දක්ෂ තරග රටාව සමඟ මැනවින් සම්බන්ධ වූ මහනුවර ඉදිරිපෙල තම දෙවන උත්සාහක දිනුමත් වාර්තා කරගන්නා ලදී. දමිත් දිසානායක එම උත්සාහක දිනුමට හිමිකම් කිී අතර එහි ප්‍රවර්තනය තිලිණ විජේසිංහ සාර්ථක කරගන්නා ලදී. (14:00)

එම තරග රටාවම තවදුරටත් පවත්වාගෙන ගිය මහනුවර කණ්ඩායම තෙවන උත්සාහක දිනුමද රැස් කරගන්නා ලදී. එම උත්සාහක දිනුම රිචඩ් ධර්මපාල විසින් වාර්තා කල අතර තිළිණ විජේසිංහ එහි ප්‍රවර්තනයේදී ද කිසිදු වරදක් සිදු නොකළේය. (21:00)

මහනුවර කණ්ඩායමේ මෙම ප්‍රහාරයෙන් හෙම්බත්ව සිටි යුධ හමුදා කණ්ඩායම පලමු උත්සාහක දිනුම වාර්තා කරන්නට මීලඟ මිනිත්තු කිහිපයේදී සමත්විය. අශෝක ජයලාල් එම උත්සාහක දිනුම හිමිකරගත් අතර එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද විසින් සාර්ථක කරගන්නා ලදී. (21:07)

ඊට හොදින් පිළිතුරු සැපයු මහනුවර කණ්ඩායම තම සුපුරුදු ප්‍රහාරාත්මක තරග රටාව දියත් කරන ලදී. ශෙහාන් පතිරණ වාර්තා කල උත්සාහක දිනුමත් සමගම මහනුවර කණ්ඩායම තම සිව්වන උත්සාහක දිනුමත් වාර්තා කරගන්නා ලදී. තිලිණ විජේසිංහ සුපුරුදු පරිදි එහි ප්‍රවර්තන සාර්ථක කරගන්නා ලදී. (28:07)

පළමු අර්ධය: මහනුවර 28: 07 යුධ හමුදාව

දෙවන අර්ධයේ ආරම්භය සමඟ නැවත යුධ හමුදා කණ්ඩායම උද්වේගකරව මෙන්ම ප්‍රබෝධමත්ව තරගයට අවතීර්ණ වන බවක් දක්නට ලැබුණි. එම තරග රටාවේ ප්‍රතිඵලයක් ලෙස මීලඟ මිනිත්තුවේදී ඔවුන් රැස්කල දෙවන උත්සාහක දිනුම රැස්කර දෙන ලද්දේ යුධ හමුදාවේ තුසිත සේනානායක විසිනි. නමුත් එහි ප්‍රවර්තන සාර්ථක කරගැනීමට ගයාන් සාලින්දට නොහැකි විය. (28:12)

නමුත් එය කිසිදු තැකීමකට ලක් නොකල මහනුවර කණ්ඩායම තම සුපුරුදු ප්‍රහාරය යුධ හමුදාවට දියත් කරන ලදී. නායකත්වයේ වගකීම් කරට ගත් රොෂාන් වීරරත්න තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරන ලදී. ප්‍රවර්තනය නම් සාර්ථක එකක් නොවීය. (33:12)

තරගය කිසිලෙසකින් අත්නොහැරි යුධ හමුදා කණ්ඩායම කෙසේ හෝ තම තෙවන උත්සාහක දිනුම වාර්තා කරගන්නා ලදී. මනොජ් සිල්වා එහි උරුමකරුවා වූ අතර ගයාන් සාලින්ද මෙවර නම් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදී. (33:19)

යුධ හමුදා ආක්‍රමණ සියල්ල සුනුවිසුනු කරමින් මහනුවර කණ්ඩායමට තරගයේ වැඩි ගෞවරවය ගෙනදීම වෙනුවෙන් ඉතාමත් දක්ෂ තරග විලාසයක් පෙන්නුම් කල සයුරු ඇන්තනි මහනුවර වාර්තා කල මීලඟ උත්සාහක දිනුම වාර්තා කරන ලදී. ප්‍රවර්තනය තිලිණ විජේසිංහ විසින් සාර්ථක කරගන්නා ලදී. (40:19)

මීලග මිනිත්තුවේදී යකූබ් අලී හට කහ කාඩ් පතක් හිමිවීමත් සමගම මහනුවර කණ්ඩායම දහහතර දෙනෙකු බවත් පත් වුවත් එය තරමකට මායිම් නොකෙරූ මහනුවර කණ්ඩායම පිට පිට උත්සාහක දිනුම් ද්විත්වයක් රැස්කරගන්නා ලදී. උචිත් ජයසූරිය එම උත්සාහක දිනුම් දෙකටම උරුමකම් කියන ලදී. ප්‍රවර්තනයන් රැස්කිරීමේ වගකීම තිළින විසින් ජමල්ඩීන් හට පැවරූවත් අවසාන උත්සාහක දිනු‍ම් දෙකෙන් එක් ප්‍රවර්තනයක් හෝ සාර්ථක කරගැනීමට ජමල්ඩීන්ට නොහැකි විය. (50:19)

අවසන් ලකුණු සටහන: මහනුවර කණ්ඩායම 50: 19 යුධ හමුදා කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: සයුරු ඇන්තනී

ලකුණු රැස් කිරීම්:

  • මහනුවර කණ්ඩායම: රොෂාන් වීරරත්න (2T), උචිත් ජයසූරිය, රිචඩ් ධර්මපාල, ශොහාන් පතිරණ, දමිත් දිසානායක, සයුරු ඇන්තනි, තිලිණ විජේසිංහ (5C)
  • යුධ හමුදා කණ්ඩායම: අශෝක ජයලාල්, මනොජ් සිල්වා, තුසිත සේනානායක, ගයාන් සාලින්ද (2C)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට