රාජකීය – ත්‍රිත්ව අර්ධ අවසන් පූර්ව තරගය උණුසුම් මුහුණුවරකට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

223

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ  අර්ධ අවසන් පූර්ව තරග වටයේ තරග 3ක් සහ තවත් සාම්ප්‍රදායික තරග කිහිපයක් ඉකුත් දා ක්‍රියාත්මක වුනා.

රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී රාජකීයයන් පළමු ඉනිම තුල දැඩි පසුබෑමකට ලක්වුනා. එහි දී රාජකීයයන් වෙනුවෙන් බුලාන් වීරතුංග හැරෙන්නට එකඳු හෝ ක්‍රීඩකයෙක් හට ලකුණු 20 සීමාව ඉක්මවා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක තරණ විමලධර්ම, කවීන් හේෂාන් සහ දිනුක තෙන්නකෝන් කඩුලු 3 බැගින් දවාගෙන රාජකීය පළමු ඉනිම ලකුණු 114කට සීමා කිරීමට දායක වුනා.

අනතුරුව රාජකීය විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වුනු වේගපන්දු යවන ක්‍රීඩක රනුක මලවිආරච්චි ලකුණු 21කට කඩුලු 5ක් දවා ගැනීම නිසා ත්‍රිත්ව විද්‍යාලයට යම් අභියෝගයක් ලබා දීමට හැකියාව ලැබුනත් ලක්වින් අබේසිංහ ලබාගත් වටිනා ලකුණු 44 නිසාවෙන් ඔවුන්ට රාජකීය පළමු ඉනිම පළමු දිනය තුලම අභිබවා යන්නට හැකි වුනා.

සාන්ත ජෝසප් – වෙස්ලි අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 281ක් ලබාගෙන සිටියා. එහි දී සාන්ත ජෝසප් මුල් පෙළ පිතිකරු නරේන් මුරලිදරන් අර්ධ ශතකයක් ලබා ගත්තා.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මහින්ද – ඉසිපතන තරගයේ පළමු දිනය තුල වැඩි ගෞරවය දිනා ගත්තේ මහින්ද විද්‍යාලයයි. එහි දී මහින්ද නායක ධනුජ ඉඳුවර ලකුණු 84ක් ලබාගත් අතර හරීන් අචින්ත සහ හිරුණ ගාල්ලගේ ද අර්ධ ශතක ලබා ගත්තා.

මයිකල් තිසේරා – රෝයි ඩයස් කුසලානය වෙනුවෙන් තෙවැනි වරට පැවැත්වුණු සාන්ත තෝමස් – සාන්ත පීතර තරගයේ පළමු ඉනිම ජයක් ලබා ගන්නට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා. එහි දී සාන්ත පීතර දෙවැනි ඉනිම වෙනුවෙන් සාන්ත පීතර විද්‍යාලයේ කවික ජයසුන්දර ශතකයක් ලබා ගත්තා.

එසේම මහානාම විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති දෙදින සාම්ප්‍රදායික තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිමේ වැඩි වාසිය හිමිකර ගත්තේ මහානාම විද්‍යාලයයි.

එහි පළමු ඉනිමේ දී ශතකයක් සහ දෙවැනි ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගත් අංජල බණ්ඩාර, මෙවර පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග වාරය තුල ලකුණු 1000 සීමාව පසු කළ තෙවැනි පිතිකරුවා බවට පත්වීමට සමත් වුනා.

ඊට අමතරව මහානාම ආරම්භක පිතිකරු කවිඳු අමමෙත් ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගත් අතර රශ්මික පෙරේරා පළමු ඉනිමේ ශතකයක් සහ සචිර වැලිවිට දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු යැවීමේ දී ප්‍රින්ස් ප්‍රනාන්දු වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිම තුල කඩුලු 7ක් දවා ගත්තා.

රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – 114 (46): තරණ විමලධර්ම 3/21, කවීන් ගමගේ 3/22, දිනුක තෙන්නකෝන් 3/29
  • ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනයට තරගය අවසන්) – 195 (53): ලක්වින් අබේසිංහ 44, ජයවි ලියනගම 29, රනුක මලවිආරච්චි 5/21

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනයට තරගය අවසන්) – 218/9 (102): නරේන් මුරලිදරන් 67, මුදිත දිසානායක 33, D.A.D.S සේරසිංහ 26*, උවින් පෙරේරා 3/21

මහින්ද විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

  • මහින්ද විද්‍යාලය – 300/8d (90): ධනුජ ඉඳුවර 84, හරීන් අචින්ත 74, හිරුණ ගාල්ලගේ 68, තරුෂ්ක අශෙල් 3/47
  • ඉසිපතන විද්‍යාලය (පළමු දිනයට තරගය අවසන්) – 9/0 (5)

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – 261/8d (1): මහිත් පෙරේරා 80, රොමේෂ් මෙන්ඩිස් 55, දිනෙත් ගුණවර්ධන 38, ශනොන් රොද්‍රිගෝ 4/102, ලකිඳු සමරජීව 2/32, නිමුතු ගුණවර්ධන 2/50
  • සාන්ත පීතර විද්‍යාලය – 110 (48.1): වෙනුක් හේමචන්ද්‍ර 37, කවිඳු ඩයස් 3/31, නේතන් කල්දේරා 3/33, අශේන් පෙරේරා 2/28 & 212/7 (55.2): කවික ජයසුන්දර 101*, ශනොන් රොද්‍රිගෝ 38, අභීත් පරණවිදාන 4/54

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

වේල්ස් කුමර විද්‍යාලය සහ මහානාම විද්‍යාලය

  • මහානාම විද්‍යාලය – 457 (89.5): අංජල බණ්ඩාර 138, රශ්මික පෙරේරා 117, කවිඳු අමමෙත් 62, ප්‍රින්ස් ප්‍රනාන්දු 7/113 & 284/7 (59) කවිඳු අමමෙත් 129, සචිර වැලිවිට 75, අංජල බණ්ඩාර 50, අචල පෙරේරා 3/29
  • වේල්ස් කුමර විද්‍යාලය – 186 (47.4): යුනෙත් පීරිස් 50, සුමල්ක ප්‍රනාන්දු 50, ඉනුක් කරන්නාගොඩ 4/40

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<