Home Sinhala එරංග සහ කුශ්මිතගේ අර්ධ ශතකවලින් සුලෝහිත සංග්‍රාමය ඇරඹෙයි

එරංග සහ කුශ්මිතගේ අර්ධ ශතකවලින් සුලෝහිත සංග්‍රාමය ඇරඹෙයි

93 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය

356

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 93 වැනි සුලෝහිත මහා සංග්‍රාමය අද (4) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන ආනන්ද විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටිනවා. ඒ නාලන්දා විද්‍යාලය ලබා ගත් ලකුණු 280ට පිළිතුරු ලෙසයි.

ආනන්ද විද්‍යාලය නවක ක්‍රීඩකයින් තිදෙනෙක් (කවීෂ, කෙනුල් සහ කාංචන) සමඟ මහා තරගයට අවතීර්ණ වුනු අතර දකුණතින් වේගපන්දු යවන කවීෂ මෙන්ඩිස් මහා තරගය තුල ක්‍රියාත්මක කළ පළමු පන්දුවෙන්ම යසිරුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. රුසිරු ලකුණු 23යි.

ලකුණු 57කට නාලන්ද කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්වූ කුශ්මිත සහ එරංග 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124ක සබඳතාවයක් ගොඩනංවමින්, පසුබෑමකට ලක්ව තිබුණු නාලන්දා පළමු ඉනිමට ජවසම්පන්න සබඳතාවයක් එක් කළා. 4 පහර 5ක් සහ 6 පහරක් එල්ල කරමින් වර්ණවත් වුනු කුශ්මිත්ගේ ඉනිම වමතින් දඟපන්දු යවන අයේෂ් විසින් බිඳ දැමුවා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු එරංග නාලන්ද පළමු ඉනිම ඉහළට ඔසවා තබමින් පන්දු 77ක දී වේගවත් ලකුණු  83ක් ලබා ගත්තේ ආනන්ද පන්දු යවන්නන්ට තර්ජනයක් වෙමින්. ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

අවසානයේ දී නායක චනුල් සහ සෙනේෂ් 6 වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 74*ක සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 280/5ක් දක්වා නාලන්දා පළමු ඉනිම රැගෙන ආවා. අවසානයේ දී තේ පානයට පසුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටවූවා. පන්දු යැවීමේ දී කවීෂ සහ අයේෂ් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

තේ පානයට පසුව තරගය පයකට ආසන්න කාලයක් ප්‍රමාද වී නැවත ආරම්භ වුනේ තරගයට අයහපත් කාලගුණ තත්වයෙන් සහ අයහපත් ආලෝක තත්වයෙන් බාධා වුනු නිසයි.

ආනන්ද පළමු ඉනිම ආරම්භ කරමින් විදුන සහ කාංචන පිටියට පිවිසියා. නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 20කට සීමා කරමින් ජනුල ආනන්දය වෙනුවෙන් මෙවර තරග වාරය තුල සාර්ථක වූ හොඳම පිතිකරුවා ලකුණු 13කට දවා ගත්තා.

පළමු දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන කාංචන සහ අශිංස පිළිවෙළින් ලකුණු 33*ක් සහ ලකුණු 15*ක් ලබාගෙන සිටියා.

Result

Match drawn

Ananda College
235/10 (87.4) & 22/2 (9)

Nalanda College
280/5 (61) & 121/5 (25)

Batsmen R B 4s 6s SR
Rusiru Vilochana c Viduna Wijebandara b Yehan Gunasinghe 32 57 5 0 56.14
Yasiru Samarakoon lbw b Kaveesha Mendis 0 1 0 0 0.00
Sadew Samarasinghe c Yehan Gunasinghe b Kaveesha Mendis 11 27 1 0 40.74
Kushmitha Silva c Ashinsa Nainayake b Ayesh Sashimal 57 91 5 1 62.64
Eranga Jayakodi c Iruth Gimshan b Ayesh Sashimal 83 77 8 3 107.79
Chanul Athukorala not out 44 68 5 0 64.71
Senesh Wijesinghe not out 40 51 3 2 78.43


Extras 13 (b 5 , lb 0 , nb 6, w 2, pen 0)
Total 280/5 (61 Overs, RR: 4.59)
Bowling O M R W Econ
Nethma Samaraweera 9 3 35 0 3.89
Kaveesha Mendis 15 1 61 2 4.07
Isuru Weerasooriya 5 0 17 0 3.40
Yehan Gunasinghe 8 0 32 1 4.00
Kithma Sithmal 5 0 36 0 7.20
Ashinsa Nainayake 7 1 39 0 5.57
Ayesh Sashimal 12 1 53 2 4.42
Batsmen R B 4s 6s SR
Viduna Wijebandara c Yasiru Samarakoon b Janula Indusara 13 18 1 0 72.22
Kanchana De Livera run out (Janula Indusara) 44 66 7 0 66.67
Ashinsa Nainayake c Chanul Athukorala b Eranga Jayakodi 16 59 2 0 27.12
Kenul De Soyza b Janula Indusara 3 19 0 0 15.79
Kithma Sithmal c Senesh Wijesinghe b Janula Indusara 90 184 10 0 48.91
Iruth Gimshan c Yasiru Samarakoon b Minod Caldera 19 30 1 2 63.33
Kaveesha Mendis c Thisara Dewdunu b Chanul Athukorala 8 21 0 0 38.10
Ayesh Sashimal lbw b Chanul Athukorala 19 60 3 0 31.67
Nethma Samaraweera c Kushmitha Silva b Minod Caldera 17 49 1 0 34.69
Isuru Weerasooriya c Thisara Dewdunu b Minod Caldera 0 14 0 0 0.00
Yehan Gunasinghe not out 2 7 0 0 28.57


Extras 4 (b 2 , lb 0 , nb 1, w 1, pen 0)
Total 235/10 (87.4 Overs, RR: 2.68)
Bowling O M R W Econ
Chanul Athukorala 15 7 29 2 1.93
Thisara Dewdunu 6 0 27 0 4.50
Janula Indusara 24 8 44 3 1.83
Sajitha Vithanage 12 0 49 0 4.08
Yasiru Samarakoon 3 0 6 0 2.00
Eranga Jayakodi 5 1 9 1 1.80
Minod Caldera 14.4 2 53 3 3.68
Sadew Samarasinghe 8 1 16 0 2.00
Batsmen R B 4s 6s SR
Yasiru Samarakoon run out (Yehan Gunasinghe) 29 28 3 1 103.57
Rusiru Vilochana c Iruth Gimshan b Kaveesha Mendis 38 43 3 0 88.37
Chanul Athukorala c Kenul De Soyza b Isuru Weerasooriya 12 25 0 0 48.00
Eranga Jayakodi not out 21 27 2 2 77.78
Senesh Wijesinghe b Kaveesha Mendis 0 1 0 0 0.00
Sajitha Vithanage c Kanchana De Livera b Kaveesha Mendis 3 6 0 0 50.00
Sadew Samarasinghe not out 12 21 1 0 57.14


Extras 6 (b 5 , lb 0 , nb 1, w 0, pen 0)
Total 121/5 (25 Overs, RR: 4.84)
Bowling O M R W Econ
Nethma Samaraweera 3 0 18 0 6.00
Kaveesha Mendis 6 0 34 3 5.67
Isuru Weerasooriya 9 0 32 1 3.56
Ayesh Sashimal 2 0 18 0 9.00
Yehan Gunasinghe 3 0 10 0 3.33
Ashinsa Nainayake 2 0 5 0 2.50


Batsmen R B 4s 6s SR
Viduna Wijebandara c Kushmitha Silva b Minod Caldera 3 6 0 0 50.00
Kanchana De Livera not out 13 22 0 0 59.09
Iruth Gimshan b Minod Caldera 6 18 0 0 33.33
Ashinsa Nainayake not out 0 8 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 22/2 (9 Overs, RR: 2.44)
Bowling O M R W Econ
Minod Caldera 5 1 11 2 2.20
Janula Indusara 3 0 10 0 3.33
Chanul Athukorala 1 0 1 0 1.00



තරගයේ දෙවැනි සහ අවසන් දිනය වන හෙට (5) දිනයේ දීත් උදෑසන 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog ViU app හරහා සජීව ලෙස තරගය නැරඹීමට හැකියාව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<