ආනන්ද, රාජකීය, ලුම්බිණි සහ ද මැසිනෝද් අවසන් පූර්ව වටයට

U19 Division 1 Inter-Schools Limited Overs Tournament 2023

1162
Schools Limited Over Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ Tier A එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය සමත් වුනා.  

අද (11) කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර සිව්වැනි, අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුනා.

එසේ වෙද්දී පෙර තරගවල ප්‍රසාද ලකුණු අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම ඉදිරියට යනු ලබන අතර ඒ අනුව කාණ්ඩ ශූරයන් ලෙසින් ද වැඩි ප්‍රසාද ලකුණු ලබා සිටි ද මැසිනෝද් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර පෙර දින පැවති තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් ද, කොළඹ ආනන්ද විද්‍යාලය විසින් කටුනේරිය සාන්ත සර්වේශස් විද්‍යාලය පරාජය කරමින් ද සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය විසින් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පරාජය කරමින් ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටියා.  

එම තරගවල දී කොළඹ, ආනන්ද විද්‍යාලය නියෝජනය කරන කාංචන ද ලිවේරා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවති තරගයේ දී සාන්ත පීතර විද්‍යාලයේ ආකාශ් ප්‍රනාන්දු මෙන් ම රාජකීය විද්‍යාලයේ අනුෂ් පොලොනෝවිට ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.  

ආකාශ් ප්‍රනාන්දු පන්දු 71කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා ගනිද්දී, අනුෂ් පොලොනෝවිට පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. අනුෂ් පොලොනෝවිට පන්දු යැවීමේ දී දක්ෂතා දක්වමින් ලකුණු 04කට කඩුලු 3ක් දවා ගත්තා.

මේ අතර ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවති තරගයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් චාර්යා පරණවිතාන ද සහ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් සහන් කෞෂල්‍ය ද අර්ධ ශතක වාර්තා කරමින් දක්ෂතා දැක්වූවා.

චාර්ය පරණවිතාන පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත් අතර සහන් කෞෂල්‍ය පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 76ක් ලබා ගත්තා.

මේ අතර අද පැවති තරගයේ දී ද මැසිනෝද් විද්‍යාලයේ නිකලෝ ශැරොන් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය

  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාලය, කොළඹ  
  • කාසියේ වාසිය – ද මැසිනෝද් විද්‍යාලය 

ද මැසිනෝද් විද්‍යාලය – කඩුලු 8ක් දැවී 150 (40.0) නිකලෝ ශැරෝන් 53, ශෙවන් මෙනුශ 21, මනුජ චන්තුක 2/11, අදේශ් අල්මේදා 3/26 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – කඩුල්ලක් දැවී 52 (10.3) රයන් දිසානායක 15, විමත් දින්සර නොදැවී 23 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකිය විද්‍යාලය 

  • ක්‍රීඩාංගණය – සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය  
  • කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය 

සාන්ත තෝමස් විද්‍යාලය- කඩුලු 8ක් දැවී 142 (47.0) නේතන් කල්දේරා 17, ආකාශ් ප්‍රනාන්දු නොදැවී 65, අනුෂ් පොලොනෝවිට 3/04, සිනෙත් ජයවර්ධන 2/19, රමිරු පෙරේරා 2/36 

රාජකීය විද්‍යාලය – කඩුලු 8ක් දැවී 145 (39.5) අනුෂ් පොලොනෝවිට 57, රමිරු පෙරේරා 38, ආකාශ් ප්‍රනාන්දු 3/27, අභීත් පරණවිදාන 4/33 

රාජකීය විද්‍යාලයට කඩුලු 2ක ජයක්.  

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

  • ක්‍රීඩාංගණය – සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස  
  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාල 

ආනන්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 208 (42.2) කාංචන ද ලිවේරා 68, (55-9-1) කිත්ම විතානපතිරණ 26, කෙනුල් ද සොයිසා 23, අයේෂ් ශෂිමාල් 29, චමල් හිරුෂාන් 2/26, මහීෂ සිතුම් 2/48, තාරුක මනරම් 3/32 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියලුම දෙනා දැවී 116 (39.3) හසිත් කාවින්ද 30, විහඟ තික්ෂණ 19,  ඉසුරු අයේෂ් 4/14 

ආනන්ද විද්‍යාලයට ලකුණු 92ක ජයක්.  

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය 

  • ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාලය, කොළඹ  
  • oකාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 123 (34.1) දෙනෙත් දෙව්මින්ද 20, චාර්යා පරණවිතාන 74 (87-7-2), උෂාන් සත්සර 2/17, දුමිඳු සෙව්මිණ 2/19, ප්‍රවීන් මනීෂ 3/30 

ලුම්බිණි විද්‍යාලය – කඩුලු 3ක් දැවී 124 (33.4) සහන් කෞෂල්‍ය 76 (108-9-1) දිනිත ප්‍රභාංක 26, 

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක්.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<