Home Sinhala රුසඳගේ වෙහෙස පාකිස්තානය පාගා දමයි

රුසඳගේ වෙහෙස පාකිස්තානය පාගා දමයි

Sri Lanka U 19 Cricket Team Tour of Pakistan 2023

653

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර Karachi නුවර National Bank ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් යුත් යොවුන් එක්දින තරගාවලියේ තරග 2-1ක් ලෙසින් ඉදිරියට පිවිසීමට ද පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වුනා.  

පළමු තරගය, Karachi, 22 ඔක්තෝබර් 2023

  • කාසියේ වාසිය – පාකිස්තානය 
  • තරගයේ වීරයා – පුලිඳු පෙරේරා (ශ්‍රී ලංකාව) 

ශ්‍රී ලංකාව – 309/10 (49.4), පාකිස්තානය 251/10 (45.4)

ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක්. 

දෙවැනි තරගය, Karachi, 24, ඔක්තෝබර් 2023

  • කාසියේ වාසිය – පාකිස්තානය 
  • තරගයේ වීරයා – Arafat Minhas (පාකිස්තානය) 

පාකිස්තානය – 254/10 (46.5), ශ්‍රී ලංකාව 195/10 (43.4) 

පාකිස්තානයට ලකුණු 59ක ජයක්.  

තෙවැනි තරගය Karachi, ඔක්තෝබර් 27 2023

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව  
  • තරගයේ වීරයා – Shamyl Hussain (පාකිස්තානය) 

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 289 (50) සිනෙත් ජයවර්ධන 35, විශේන් හැළඹගේ 23, රුසඳ ගමගේ 110, දිනුර කළුපහන 22, ශාරුජන් ෂන්මුගනාදන් 61, Ubaid Shah 2/65, Aftab Ahmed 3/31, Mohammad Ibtisam 2/60 

පාකිස්තානය – කඩුලු 4ක් දැවී 293 (45.5) Shamyl Hussain 150, Shahzaib Khan 21, Riaz Ullah 48, Haroon Rasheed නොදැවී 27, Arafat Minhas නොදැවී 34, රුවිශාන් පෙරේරා 2/44, සිනෙත් ජයවර්ධන 2/35 

පාකිස්තානයට කඩුලු 6ක ජයක්.

ශ්‍රී ලංකා යෞවනයෝ මෙම තරගයට පිවිසියේ පෙර තරගයට ක්‍රීඩා කළ පුලිඳු පෙරේරා සහ විශ්ව ලහිරු වෙනුවට රුසඳ ගමගේ සහ කවීෂ පියුමාල් එක්කර ගනිමින්. පාකිස්තානය තම කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් 5 දෙනෙක් ම එක් කරගෙන තිබුණා.  

ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Tayyab Arif, Mohammad Ammar, Hamza Nawaz, Muhammad Ismail සහ Ali Raza වෙනුවට Shahzaib Khan, Riaz Ullah, Haroon Rasheed, Ubaid Shah සහ Aftab Ahmed නම් කර තිබුණා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), විශේන් හැළඹගේ, රවිශාන් ද සිල්වා, රුසඳ ගමගේ, දිනුර කළුපහන, ශාරුජන් ෂන්මුගනාදන් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, විහස් තෙව්මික, ගරුක සංකෙත්, රුවිශාන් පෙරේරා, කවීෂ පියුමාල්. 

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Saad Baig (නායකයා සහ කඩුලු රකින්නා), Shamyl Hussain, Shahzaib Khan, Riaz Ullah, Haroon Rasheed, Arafat Minhas, Ubaid Shah, Mohammad Ibtisam, Aftab Ahmed, Naveed Ahmed Khan, Ahmed Hussain. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන යෞවනයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 239ක් ලබා ගත්තා. ඒ තරගයට අවසන් වීමට තවත් පන්දු 25ක් ඉතිරිව තිබිය දීයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක් වෙමින් පළමු වරට යොවුන් එක්දින වරම් දිනා ගත් කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ රුසඳ ගමගේ පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 110ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළා. රුසඳ මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් ක්‍රීඩා කර තිබුණේ සිව්දින යොවුන් ටෙස්ට් තරග පමණයි.  

රුසඳගේ දක්ෂතාවලට අමතර ව ශාරුජන් ෂන්මුගනාදන් පන්දු 75කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 61ක් ලබා ගත්තා. රුසඳ සහ ශාරුජන් එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 137ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.  

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි නායක සිනෙත් ජයවර්ධන සහ විශේන් හැළඹගේ ලකුණු 40ක සබඳතාවක් එක් කළා. එහි දී සිනෙත් ජයවර්ධන පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ද සහ විශේෂ හැළඹගේ පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.  

ඊට අමතරව දිනුර කළුපහන පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර විහස් තෙව්මික පන්දු 6ක දී හයේ පහරක් සමඟන් ලකුණු 10ක් ලබා ගත්තා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී හොඳම පන්දු යැවීම වාර්තා කළේ Aftab Ahmed. ඔහු ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව Ubaid Shah සහ Mohammad Ibtisam කඩුලු 2 බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ ගැලවුම්කරු වූයේ ආරම්භක වමත් පිතිකරු Shamyl Hussain ඔහු පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 150ක් ලබා ගත්තා.

ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ මෙම තරගාවලියේ මීට පෙර නිමා වූ තරග ද්විත්වයේ දී ලකුණු 53ක් සහ ලකුණු 98ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වීමෙන් නොනැවතී මෙම ඉනිම වාර්තා කිරීම කැපී පෙනුණා.   

Shamyl Hussain සහ අනෙක් ආරම්භක පිතිකරු Shahzaib Khan අතර පළමු කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 61ක්. Shahzaib Khan පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.  

රුවිශාන් පෙරේරා හමුවේ වූ ඔහුගේ දැවී යෑමත් සමඟින් නායක Saad Baig ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට නැවතත් රුවිශාන් සමත් වුනා. ඒ අනුව තරගයේ වාසිය තමන් වෙත නම්මවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූව ද Shamyl Hussainගේ දැවැන්ත ඉනිම ඊට බාධාවක් වුනා.  

ඔහු, Riaz Ullah සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 153ක සබඳතාවක් එක් කළේ ශ්‍රී ලංකා යෞවනයන්ගේ සියලු බලාපොරොත්තු විනාශ කරමින්. Riaz Ullah පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

ඊට අමතරව තරගය නිමා වන විට 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට Haroon Rasheed සහ Arafat Minhas සමත් වුනා. එහි දී Haroon Rasheed පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමින් ලකුණු 27ක් ද සහ Arafat Minhas පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා ගත්තා.  

8 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණියෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූයේ රුවිශාන් පෙරේරා සහ සිනෙත් ජයවර්ධන පමණයි. රුවිශාන් ලකුණු 44කට කඩුලු 2ක් ද සහ සිනෙත් ලකුණු 35කට කඩුලු 2ක් ද දවා ගත්තා. 

Result


Sri Lanka U19
289/9 (50)

Pakistan U19
293/4 (45.5)

Batsmen R B 4s 6s SR
Sineth Jayawardena c Mohammad Ibtisam b Aftab Ahmed 35 81 5 0 43.21
Vishen Halambage c Arafat Minhas b Aftab Ahmed 23 26 3 1 88.46
Ravindu De Silva lbw b Aftab Ahmed 0 1 0 0 0.00
Rusanda Gamage c & b Arafat Minhas 110 180 6 0 61.11
Dinura Kalupahana c Haroon Arshad b Ubaid Shah 22 18 2 1 122.22
Sharujan Shanmuganathan b Mohammad Ibtisam 61 125 0 0 48.80
Malsha Tharupathi c Riazullah Khan b Mohammad Ibtisam 3 13 0 0 23.08
Vihas Thewmika b Ubaid Shah 10 10 0 1 100.00
Garuka Sanketh not out 9 13 1 0 69.23
Ruvishan Perera run out (Ahmed Hussain) 0 2 0 0 0.00
Kaveesha Piyumal not out 1 1 0 0 100.00


Extras 15 (b 0 , lb 0 , nb 1, w 14, pen 0)
Total 289/9 (50 Overs, RR: 5.78)
Bowling O M R W Econ
Ubaid Shah 10 0 65 2 6.50
Aftab Ahmed 6 0 31 3 5.17
Mohammad Ibtisam 8 0 60 2 7.50
Naveed Ahmed Khan 7 0 41 0 5.86
Ahmed Hussain 9 0 43 0 4.78
Arafat Minhas 10 0 49 1 4.90


Batsmen R B 4s 6s SR
Shamyl Hussain lbw b Sineth Jayawardena 150 155 13 7 96.77
Shahzaib Khan b Ruvishan Perera 21 39 3 0 53.85
Saad Baig c Ravindu De Silva b Ruvishan Perera 0 3 0 0 0.00
Riazullah Khan c Sharujan Shanmuganathan b Sineth Jayawardena 48 97 2 0 49.48
Haroon Arshad not out 27 58 1 0 46.55
Arafat Minhas not out 34 44 3 1 77.27


Extras 13 (b 1 , lb 0 , nb 1, w 11, pen 0)
Total 293/4 (45.5 Overs, RR: 6.39)
Bowling O M R W Econ
Garuka Sanketh 10 1 60 0 6.00
Dinura Kalupahana 3 0 24 0 8.00
Vihas Thewmika 6 0 33 0 5.50
Ruvishan Perera 7 1 44 2 6.29
Kaveesha Piyumal 5 0 26 0 5.20
Vishen Halambage 1 0 13 0 13.00
Malsha Tharupathi 8.5 0 57 0 6.71
Sineth Jayawardena 5 0 35 2 7.00



දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය මේ මස 29 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වීමට නියමිතයි.  

මෙම තරගාවලියේ මෙන් ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<