දැඩි නීති සමඟින් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයට සූදානම්

83
T20 world cup

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමත් සමඟම ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි තාවකාලිකව අවලංගු කෙරිනි. එයට ක්‍රිකට්, පාපන්දු, රග්බි හා අනෙකුත් සියලු තරග ඇතුළත් විය. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර තරගාවලි රැසක් ද අවලංගු වූ අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි පිළිබඳව ද ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. 

ඒ අතර මේ වසර අග දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට ද හිමි වූයේ ප්‍රබල ස්ථානයකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම වසරේ ප්‍රධානම තරගාවලිය ලෙස සැලකෙන එම තරගාවලිය පැවැත්වීම තවමත් අවිනිශ්චිතව පවතී. 

මෙම තරගාවලියේ ඉරණම තීරණය කිරීමේ දී කණ්ඩායම් රට තුළට ගෙන ඒමේ අභියෝගයට වඩා ප්‍රේක්ෂකයන් නොමැති වීමේ අභියෝගය වඩාත් විශාල වනු ඇති බව ඕස්ට්‍රේලියා ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දා පැවසීය.

ඒක මගේ ජීවිතයේ හොඳම වසර – මාර්නස් ලබුශේන්

ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ගේ තහනමෙන් පසුව ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට උදා වූයේ එතරම්..

ඕස්ට්‍රේලියාවේ 2020/21 තරග වාරය සැලකිය යුතු සැකයකින් යුතුව පවතී. නමුත් මෑත දිනවල නියමිත කාලසටහනට අනුව ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ විය හැකි බවට ධනාත්මක ඇඟවීම් කිහිපයක් තිබේ. ඕස්ට්‍රේලියාව මෙම කොරෝනා වයිරසය පාලනය කිරිමේ දී සාර්ථකත්වයක් ලබාගෙන තිබීම එයට හේතුවයි. 

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ දී ඇති ප්‍රබලතම අභියෝගය ඇතිවී ඇත්තේ ඉන්දියා සංචාරය වටාය. එය අවලංගු කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 300ක් (ඇමරිකානු ඩොලර් මිලියන 192ක් පමණ) වැය විය හැකි බවට අනාවැකි පලවී ඇත. නමුත් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තවමත් අවස්ථාවක් තිබේ.

ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිත කණ්ඩායම් 16කින් යුත් ලෝක කුසලාන තරගාවලිය සඳහා තවමත් සූදානමින් සිටින බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෑත රැස්වීම්වල දී පැවසීය. තරගාවලිය පිළිබඳව අවසන් තීරණය අගෝස්තු මාසයේ දී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වසර අග භාගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සිදු විය යුතු දේ පිළිබඳව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සහ ෆෙඩරල් රජය අතර සාකච්ඡා දිගටම පවතින අතර සිකුරාදා ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය විසින් රටේ සෑම මට්ටමකින්ම ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා රාමුවක් ප්‍රකාශයට පත් කරන ලදි.

වර්තමාන තත්ත්වය හමුවේ ද්විපාර්ශ්වික තරගාවලියක් පැවැත්වීම සඳහා විශාල සැපයුම් සහ ජෛව ආරක්ෂණ අභියෝග ඇති අතර ඒවා සමඟ කටයුතු කරන ආකාරය  එංගලන්ත දේශීය තරගාවලියේ දී අත්හදා බැලීමට නියමිතය. 

කණ්ඩායම් 16කින් යුත් ලෝක ඉසව්වක් සඳහා එම අභියෝගය වඩාත් ප්‍රබල වනු ඇත. මෙම තරගාවලිය සඳහා වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් රටවල් ද සහභාගි වීම එයට හේතුවයි. 

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු රජයේ ක්‍රීඩා ඇමති රිචඩ් කොල්බෙක් විශ්වාස කරන්නේ මෙම තරගාවලිය සඳහා විසඳුමක් ලබා ගත හැකි බවයි. ඔහු එයින් අදහස් කර ඇත්තේ සංවෘත දොරවල් පිටුපස එනම් ප්‍රේක්ෂකයන් නොමැතිව හෝ මෙම ගෝලීය තරගාවලිය පැවැත්වීම පිළිබඳව තීරණයක් ගත යුතු බවයි.

මහේල පුහුණුකරුවෙකු ලෙස සාර්ථක වූ හේතු හෙළිකරයි

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම නායකයන් කිහිපදෙනා අතරින් මහේල ජයවර්ධන ඉදිරියෙන්ම සිටින..

“මම මේ ග්‍රීෂ්ම සෘතුවේ දී ඕස්ට්‍රේලියා-ඉන්දියා ටෙස්ට් තරගාවලියක් දැකීමට ගොඩක් කැමතියි. ඒ වගේම සැලසුම් කළ ආකාරයටම ලෝක කුසලානය ඉදිරියට යනවා දැකීමට මා කැමතියි. නමුත් එය රටවල් ගණනාවක් එක් තැනකට ගෙන ඒම සඳහා ඉතා සංකීර්ණ ප්‍රොටෝකෝලයක් වනු ඇත.” කොල්බෙක් SEN රේඩියෝවට පැවසීය.

“ලෝක කුසලානය සඳහා ඇති ප්‍රධානතම ගැටලුව කණ්ඩායම් ගෙන්වා ගැනීම නොවේ. ප්‍රේක්ෂකයන්ගේ බලපෑම බොහෝ විට අප සැබවින්ම සලකා බැලිය යුතු බාධකවලින් එකක් වේවි. එය බොහෝ විට ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ද සමීපව සලකා බලන තරගාවලියක් වේවි.”

“ප්‍රේක්ෂකයන් සහිත ක්‍රීඩාංගණ හා ප්‍රේක්ෂකයන් රහිත ක්‍රීඩාංගණයක ඇති වෙනස අපි කවුරුත් දන්නවා. ඒවා වඩාත් පුළුල් සලකා බලන්න සිදු වේවි. නමුත් කණ්ඩායම් අර්ථයෙන් ගත් විට සියලු දෙනාගේ සහයෝගයෙන් අපට යම් ප්‍රොටෝකෝලයක් ගොඩනගා ගත හැකි යැයි මම සිතනවා. එයට ක්‍රීඩකයින් ද ඇතුළත් වේවි. එය අතිශයින්ම වැදගත් දෙයක් වේවි. සුදුසු නිරෝධායන සහ ජෛව ආරක්ෂණ ප්‍රොටෝකෝල සමඟින් අපට තරඟය ඉදිරියට ගෙන යා හැකි දැයි බැලිය යුතුයි.” 

ඕස්ට්‍රේලියාවේ සමස්ත තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට සාක්ෂි කීපයක් මේ වන විට ඉදිරිපත්ව ඇත. නවසීලන්තයේ වෝරියර්ස් රග්බි කණ්ඩායම මේ මස අග දී NRL තරගාවලිය නැවත ආරම්භ කිරීමට සූදානම් වීම සඳහා පසුගිය ඉරිදා නිව් සවුත් වේල්ස් හි ටැම්වර්ත් වෙත පැමිණියේය.

කෙසේ වෙතත් නවසීලන්තය ද කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ඇති අතර පසුගිය සඳුදා එරට තුළ කිසිදු නව රෝගියෙකු වාර්තා වූයේ නැත. මේ නිසා ඔවුන් පුළුල් නීති මාලාවක් යටතේ සංචාරක සීමාවන් නිදහස් කිරීමට ද තීරණය කර ඇත. නමුත් මෙම සීමාවන් ලිහිල් කිරීම ප්‍රවේසම් සහගත ක්‍රියාවලියක් විය යුතුය.

“තරගාවලිය පිළිබඳව සංවාද පැවැත්වෙමින් තිබෙනවා. අපි ඇති කර ගත යුතු ප්‍රොටෝකෝලයන් කෙබඳු විය හැකි ද යන්න පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතිනවා.” කොල්බෙක් පැවසීය.  

“ඒවා දුෂ්කර වනු ඇත. මන්ද අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන අංගයක් වන්නේ කොරෝනා වයිරසය සැලකිය යුතු ලෙස පැතිර ගිය ප්‍රදේශවලින් ඕස්ට්‍රේලියාවට ප්‍රවේශ වීම සීමා කිරීම සහ එය දැන් අප සතුව ඇති ව්‍යාප්තියේ අඩු අනුපාතයට දායක කරගැනීමයි. නමුත් විවිධ කේත මඟින් ඉදිරිපත් කර ඇති සුදුසු සැලසුම් සලකා බැලීමට අප සූදානම් විය යුතුයි.”

සමාජ දුරස්ථ රෙගුලාසි ලිහිල් කරන විට ක්‍රීඩා ඉසව්වලට නැවත පැමිණෙන පිරිස පිළිබඳව විමසූ විට කොල්බෙක් කියා සිටියේ හැකි අවස්ථා සොයා ගැනීමට හැකි වීම කෙරෙහි එය බෙහෙවින් බලපාන බවයි.

“ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාව විවෘත කිරීමට අපට ඇති හැකියාව සහ ඒ සියලු දේ සැබවින්ම රඳා පවතින්නේ නිරෝධායන ක්‍රියාවලිය හා ප්‍රජා ව්‍යාප්තිය හඳුනා ගැනීමට හා එය වැළැක්වීමට ඇති හැකියාව මතයි. ” 

මම ඔහුට ගරු කළා; ගේල් අපේ නම්වලට කැළලක් ඇති කළා

හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැමෙයිකා Tallawahs..

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පසුගිය මාර්තු මාසයේ දී සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සංවෘත දොරවල් පිටුපස එනම් ප්‍රේක්ෂකයන් නොමැතිව එක්දින තරගයක් ක්‍රීඩා කළහ. එය අමුතු අත්දැකීමක් වූ ආකාරය ගැන ක්‍රීඩකයින් කතා කර ඇති නමුත් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය කිසිඳු ගැටලුවක් නොවනු ඇත. 

“තත්ත්වය එලෙසම පවතිනවා නම් සංවෘත දොරවල් පිටුපස සෙල්ලම් කිරීමට වැඩි වැඩියෙන් එය සිදු වුවහොත් අපි එය පුරුදු වී එය තේරුම් ගන්න පුළුවන් වේවි” යනුවෙන් මාර්නස් ලබුශේන් පැවසීය.

“මම හිතන්නේ නැහැ එය සැබෑ ක්‍රීඩාවෙන් කිසිවක් ඉවත් කරයි කියලා. ඕනෑම වෙලාවක ක්‍රීඩා කරන්න අපි සූදානම්ව සිටිනවා. රූපවාහිනියෙන් හෝ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලබා ගැනීම සඳහා අපට කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට අප සූදානම්. “

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<