Home Sinhala ශ්‍රී ලංකා යෞවනයන්ට පාකිස්තානයේ දී තරගාවලි ජයක්

ශ්‍රී ලංකා යෞවනයන්ට පාකිස්තානයේ දී තරගාවලි ජයක්

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2023

1955

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති තරග පහකින් යුත් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් ඊයේ (31) සමත් වුනා.

ඊයේ පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 293ක් රැස් කර ගැනීමට සමත් වුනා. 

කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දුන් ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පුලිඳු පෙරේරා සහ ‍රවිශාන් ද සිල්වා පළමු කඩුල්ල සඳහා ලකුණු 64ක ඉතා වටිනා ආරම්භක සම්බන්ධතාවක් පිහිටවූවා.

පළමු කඩුල්ල දැවී යාමෙන් පසු පිටියේ එක් වූ නායක සිනෙත් ජයවර්ධන පන්දු 69කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 82ක් සිය කණ්ඩායමට එක් කිරීමට සමත් වුනේ 118.84ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි. 

ඔහුට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසඳ ගමගේ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර පහක් සමඟින් රැස් කළ ලකුණු 66 සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 293ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වුනා. 

ලකුණු 294ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සත්කාරක පාකිස්තාන යෞවනයන් දැඩි පීඩනයකට ලක් කරමින් ඔවුන් ලකුණු 128කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.  

අගනා පන්දු යැවීමක නිරත වූ විහස් තෙව්මික සහ මල්ෂ තරුපති ලකුණු 12කට කඩුලු 3 බැගින් දවා ගනිමින් පාකිස්තාන ඉනිමේ කඩුලු හයක් බිඳ හෙළීමට සමත් වුනා.  

Result


Sri Lanka U19
293/9 (50)

Pakistan U19
128/10 (32.3)

Batsmen R B 4s 6s SR
Pulindu Perera c Aftab Ahmed b Haroon Arshad 47 81 6 1 58.02
Ravindu De Silva st Saad Baig b Naveed Ahmed Khan 23 65 4 0 35.38
Sineth Jayawardena c Mohammad Tayyab Arif b Arafat Minhas 82 108 11 3 75.93
Dinura Kalupahana c Hamza Nawaz b Arafat Minhas 17 39 1 0 43.59
Rusanda Gamage c Haroon Arshad b Ubaid Shah 66 89 5 0 74.16
Malsha Tharupathi c Shamyl Hussain b Aftab Ahmed 7 14 1 0 50.00
Sharujan Shanmuganathan b Mohammad Ibtisam 29 45 2 0 64.44
Vihas Thewmika b Ubaid Shah 0 2 0 0 0.00
Ruvishan Perera not out 5 12 0 0 41.67
Vishwa Lahiru b Mohammad Ibtisam 0 1 0 0 0.00


Extras 17 (b 3 , lb 7 , nb 0, w 7, pen 0)
Total 293/9 (50 Overs, RR: 5.86)
Bowling O M R W Econ
Ubaid Shah 10 0 55 2 5.50
Aftab Ahmed 9 0 54 1 6.00
Mohammad Ibtisam 8 1 51 2 6.38
Naveed Ahmed Khan 9 1 48 1 5.33
Haroon Arshad 4 0 18 1 4.50
Arafat Minhas 10 0 57 2 5.70


Batsmen R B 4s 6s SR
Shamyl Hussain c & b Vihas Thewmika 14 20 2 0 70.00
Shahzaib Khan c Ravindu De Silva b Vihas Thewmika 0 5 0 0 0.00
Mohammad Tayyab Arif lbw b Vishwa Lahiru 11 29 1 0 37.93
Saad Baig c & b Vihas Thewmika 1 8 0 0 12.50
Haroon Arshad lbw b Vishwa Lahiru 17 38 1 0 44.74
Arafat Minhas c Vihas Thewmika b Dinura Kalupahana 57 67 7 1 85.07
Hamza Nawaz c & b Malsha Tharupathi 13 46 0 0 28.26
Naveed Ahmed Khan c Dinura Kalupahana b Malsha Tharupathi 9 47 0 0 19.15
Mohammad Ibtisam c & b Garuka Sanketh 0 4 0 0 0.00
Aftab Ahmed not out 0 2 0 0 0.00
Ubaid Shah b Malsha Tharupathi 1 1 0 0 100.00


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 128/10 (32.3 Overs, RR: 3.94)
Bowling O M R W Econ
Garuka Sanketh 6 0 21 1 3.50
Vihas Thewmika 6 1 12 3 2.00
Dinura Kalupahana 5 0 21 1 4.20
Vishwa Lahiru 6 1 29 2 4.83
Sineth Jayawardena 1 0 13 0 13.00
Ruvishan Perera 5 1 20 0 4.00
Malsha Tharupathi 3.3 0 12 3 3.64



දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<