අශාන් හා ලසිත් මාරිස් ස්ටෙල්ලාවට සවියක් වෙයි

654
U19 Schools Cricket

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත ශේවියර් විද්‍යාලය අතර තරගයේ දී පාසල් මට්ටමේ පිතිකරුවන් දෙපලක් විසින් කලාතුරකින් විදහා දක්වනු ලබන විශිෂ්ට පිතිකරණ විලාසයක් දියත් කිරීමට අශාන් හා ලසිත් සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4ට; රාජකීයට තියුණු ජයක්

අද (6) අවසන් වූ තරග වලින් පානදුර රාජකීය විද්‍යාලය ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙද්දී, රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4 තුළ තම…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මාරවිල සාන්ත ශේවියර් විද්‍යාලය

අශාන් ප්‍රනාන්දු හා කෙවින් පෙරේරා දෙදෙනාගේ යොවුන් දස්කම් එළි දැක්වූනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ලකුණු පුවරුව සැලකිය යුතු වේගයක් ද සහිතව ක්‍රියාත්මක කල අශාන් ප්‍රනාන්දු දක්ෂ ලෙස පිත්ත හසුරුවමින් නොදැවී ලකුණු 170*ක් ලබා ගත් අතර, අනෙක් අන්තයෙන් ඔහුට සහය වුනු කෙවින් පෙරේරා නොදැවී ලකුණු 73*ක් ලබා ගන්නා ලදි. ලසිත් කෲස්පුල්ලේ ලකුණු 67යි.

සාන්ත ශේවියර් පළමු ඉනිම පසිදු උශෙට්ටි හා සනේෂ් ප්‍රනාන්දු විසින් සුනුවිසුනු කල අතර, ඔවුන් දෙදෙනාම එකතු වී කඩුලු 7ක් දවා ගන්නා ලදි.

පිළිතුරු දෙවන ඉනිම දියත් කරමින් සිටින මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ පිතිකරණ ජවය තවදුරටත් විදහා දැක්වූ ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 114*ක් ලබා ගැනීමට සමත් විය.

තරගය කදිරාන පිටියේ දී පැවැත්විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 336/04 dec (45): අශාන් ප්‍රනාන්දු 170*, කෙවින් පෙරේරා 73*, ලසිත් කෲස්පුල්ලේ 67

සාන්ත ශේවියර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 75 (16.4): ශෙහාන් දිනූෂ 37, පසිදු උශෙට්ටි 5/12, සනේෂ් ප්‍රනාන්දු 2/33

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 162/1 (23): ලසිත් කෲස්පුල්ලේ 114*, මාර්ක් ප්‍රනාන්දු 30*


කොළඹ මහානාම විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේ දී කාසියේ වාසිය තම සුරතට ගත් මහානාම විද්‍යාලය පළමුව තම පිතිකරණ අංශයට පිටියේ අවස්ථාව ලබා දෙන ලදි.

මහානාම විද්‍යාලයේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 153ක් වන අතර, එම ඉනිමට පවන් සෙනාල් ලකුණු 42ක් හා කේ. වී. කුමාරසිංහ ලකුණු 36ක් ලබාගෙන හොඳ සබඳතාවයක් ගොඩ නංවන ලදි. සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවාලීමට ශසික දුල්ෂාන් සමත් වූයේ මහානාම පිතිකරුවන් අසරණ කරවමිනි.

දිනය අවසානයේ පිළිතුරු සාන්ත සර්වේසස් පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 55ක් ලෙස සනිටුහන් විය.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 153 (55): පවන් සෙනාල් 42, කේ.වී.කුමාරසිංහ 36, ශසික දුල්ෂාන් 6/51, සුපුන් කාවින්ද 2/16

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 55/6 (29):


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

ගාල්ල මහින්ද තණතීරුව මත කාසියේ වාසිය ජය ගත් මහින්ද විද්‍යාලය පළමුව තම පිතිකරණ ජවය විදහා දැක්වීමට තීරණය කරන ලදි. එම තීරණය සාර්ථක කරමින් දිනය අවසානයේ තම පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 320ක් ලෙස සටහන් කර ගැනීමට ඔවුහු සමත් වූහ.

එම ඉනිම වෙනුවෙන් රෙශාන් කාවින්ද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නොදැවී ලකුණු 86*ක් ලබා ගනිමිනි. එම වර්ණවත් ඉනිමට අමතරව රවිදු හංසික හා විනුර හිරන්ජිත් අර්ධ ශතක බැගින් ලබාගෙන මහින්ද පළමු ඉනිම ගොඩ නංවන ලදි. පන්දු යැවීමේ දී චමිදු සමරසිංහ මහින්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2ක් දවාලන ලදි.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 320/06 (98): රෙශාන් කාවින්ද 86*, රවිදු හංසික 50, විනුර හිරන්ජිත් 50, කේ.කේ කෙවින් 45, නිපුන් මාලිංග 39, කවිදු එදිවීර 27, චමිදු සමරසිංහ 2/28

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට