දිනිඳු සස්මිත් සාන්ත ආනා ඉනිම සුනු විසුණු කරයි!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

392
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (16) දිනයේ දී විසඳුමකින් තොරව අවසන් වුනා.

ඊයේ (15) දිනයේ දී ආරම්භ වූ කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර දෙදින තරගය මෙසේ විසඳුමකින් තොරව අවසන් වූ අතර සමස්ත තරගය පුරාවටම ක්‍රියාත්මක වුනේ පන්දුවාර 65ක් පමණයි.

ඊයේ දිනය තුළ පන්දුවාර 36ක් සහ එක් පන්දුවක් පමණක් ක්‍රියාත්මක වූ සාන්ත ආනා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 80ක් සපුරා සිටියා. කෙසේ වෙතත් අද දිනයේ තවත් පන්දුවාර 28 පන්දු 5ක් තුළ ඉතිරි ආනා පිතිකරුවන් සියල්ලන් ම තවත් ලකුණු 51ක් තුළ දවා ගැනීමට මැසනඩ් පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මෙහි දී සාන්ත ආනා ඉනිම වෙනුවෙන් කුශාන් සුභසිංහ ලකුණු 44ක් සහ වගීෂ රණසිංහ ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර සාන්ත ආනා ඉනිම නොසිතූ ලෙස බිඳ හෙළීමේ පෙරමුණ ගත් දිනිඳු සස්මිත් විසින් කඩුලු 5ක් බිඳ හෙළද්දී කවිඳු කෞශල්‍ය විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

නමුත් සාන්ත ආනා ඉනිමෙන් පසුව ඊට පිළිතුරු සැපයීමට මැසනඩ් පිතිකරුවන්ට ඉඩ ලබා දීමට තරම් වර්ෂාව කාරුණික වුනේ නැහැ.

මේ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

  • කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය– 131/10 (65) කුශාන් සුභසිංහ 44, වගීශ රණසිංහ 43, දිනිඳු සස්මිත් 5/27, කවිඳු කෞශල්‍ය 3/40
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 0/0 (0)

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<