පාසල් ක්‍රිකට් පිටියට වර්ෂාවෙන් බාධා

U19 Division 1 Schools Cricket Tournament 2023/24

210
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (15) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

නමුත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව නිසා අද දිනයේ දී එතරම් සාර්ථක මට්ටමකින් තරග පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ.

ඊයේ (14) දිනයේ දී ආරම්භ වූ කොළඹ සහිරා විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර සාම්ප්‍රදායික තරගය අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ සුළු කාල සීමාවක් පමණයි.

සහිරා විද්‍යාලය විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් වාර්තා කළ ලකුණු 110ට එරෙහිව සිය පිළිතුරු ඉනිම දියත් කළ මොරටු මහා විද්‍යාලය ඊයේ දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙම තරගය වෙනුවෙන් අද දිනයේ ක්‍රියාත්මක වුනේ පන්දුවාර 6 එක් පන්දුවක් පමණක් වන අතර, එහි දී මොරටු පිතිකරුවන් විසින් කිසිවකු නොදැවී තවත් ලකුණු 16ක් ඉනිමකට එක් කිරීමට සමත් වුනා.

වර්ෂාව නිසා තරගය නතර කරන විට ශෙහාර ප්‍රනාන්දු විසින් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වී සිටියා.

  • කොළඹ සහිරා විද්‍යාලය– 110/10 (48.4) මොහොමඩ් ඉජාස් 27, උමාර් ඉම්රාන් 26, ඉසුරු ප්‍රනාන්දු 5/28, S. සුවාරිස් 2/10
  • මොරටු මහා විද්‍යාලය– 93/1 (29.1) ශෙහාර ප්‍රනාන්දු 54*, දෙනෙත් සිතුමිණ 35*, සල්මන් රෙෆායි 1/14

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

මේ අතර කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර දෙදින තරගය අද දිනයේ දී ආරම්භ වුනා. මෙම තරගයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර දිනයේ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 36 එක් පන්දුවක් පමණයි.

මෙහි දී පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අනා විද්‍යාලය වෙනුවෙන් කුශාන් සුබසිංහගේ පිත්තෙන් ලකුණු 44ක් එක් වූ අතර, වගීෂ රණසිංහ නොදැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනා.

වර්ෂාව හේතුවෙන් අද දිනයට තරගය නතර කරන විට සාන්ත ආනා විද්‍යාලය විසින් කඩුලු 2කට ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 80/2 (36.1) කුශාන් සුභසිංහ 44, වගීෂ රණසිංහ 25, සවිනු චන්තුල 1/26

මෙම තරගයේ දෙවන දිනය හෙට (16) පැවැත්වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<