පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් දිනයක් නිමා වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

188
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) දිනයේ ක්‍රියාත්මක වුනා.

මේ අතුරින් බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය සහ පයාගල පොතුවිල මහා විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගය අද අවසන් වුනේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමිනුයි.

මෙම තරගයේ දී සාන්ත තෝමස් දෙවන ඉනිම වෙනුවෙන් දිමන්ත රත්නායක සහ කේතක කොඩිතුවක්කු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය– 195/10 (57.2) චිරාන් මහකුමාරගේ 69, දිමන්ත රත්නායක 33, ඉඳුවර චතුරංග 4/26, මලිත් ඩිල්ශාන් 2/18 & 289/9 (78.3) දිමන්ත රත්නායක 77, කේතක කොඩිතුවක්කු 65, කවිඳු දුලාංජන 3/72, දිනෙත් මිතිල 2/55
  • පයාගල පොතුවිල මහා විද්‍යාලය– 111/10 (28.2) දිනෙත් මිතිල 73, ශිමල්ක කාන්චන 3/11, රිසර වික්‍රමසිංහ 3/42 & 109/8 (35) රුසිත් තරින්ද 61, රිසර වික්‍රමසිංහ 3/24, ශිමල්ක කාන්චන 2/40

එම තරගය අද දිනයෙන් අවසන් වූ අතර, තවත් දෙදින තරග කිහිපයක් ම අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගවල දී,

හොරණ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායක පසන් පෙරේරාගේ පිත්තෙන් ශතකයක් වාර්තා වුනා.

ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් ඩිල්ශාන් කුලගලගේ විසින් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

දිමත් අබේසිංහ කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

තරුෂ තේජාන් බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5 දස්කමක් දක්වද්දී, හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් පන්දුවාර 13ක් යොමු කරමින් නිළකුණු පන්දුවාර 10 ද සමඟ ලකුණු 3කට කඩුලු 7ක් බිඳ හෙළීමට ශෙහාන් චාමික විසින් සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ කෙවින් සැමුවෙල් පන්දු යැවීමෙන් කඩුලු 3ක් සහ පිත්තෙන් නොදැවුණු ලකුණු 60ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මේ අතර කොළඹ රාජකීයයන්ට එරෙහිව මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලෙවින් ප්‍රනාන්දු නොදැවුණු ලකුණු 76ක් ලබා ගනිමින් තම විද්‍යාලයට ශක්තිමත් අඩිතාලමක් ගොඩ නැංවීමට සහය ලබා දුන්නා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ රාජකීය විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය

  • කොළඹ රාජකීය විද්‍යාලය-171/10 (60) රෙහාන් පීරිස් 57, අනික් ප්‍රනාන්දු 52, අමීෂ ප්‍රනාන්දු 4/34
  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 132/4 (38) ලෙවින් ප්‍රනාන්දු 76*, රනුක මලවිආරච්චි 3/35

පළමු කොටසේ Tier B තරග

මොරටු මහා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය– 148/10 (42) කාන්චන නිම්ශාන් 52*, දසිත් සෙනාල් 4/41, කෙවින් සැමුවෙල් 3/17
  • කොළඹ ඉසිපතන විද්‍යාලය– 198/6 (57) කෙවින් සැමුවෙල් 60*, තරුශ්ක අශෙල් 45

සාම්ප්‍රදායික දෙදින තරග

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාලය සහ බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය

  • හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය– 204/10 රවිඳු තීක්ෂණ 48, පමෝද් හිම්සර 40, තරුෂ තේජාන් 5/59
  • බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය– 76/9 (36) හසිදු රාජපක්ෂ 35, ශෙහාන් චාමික 3/7

වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලය

  • වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය – 138/10 (46) දිනුක පෙරේරා 31, යසිරු රත්නායක 4/36, මිනිඳු හඳපාන්ගොඩ 2/8
  • හොරණ රාජකීය විද්‍යාලය– 189/7 (58) පසන් පෙරේරා 107, මිනිඳු හඳපාන්ගොඩ 30, තිසුල සොයිසා 3/16, යසිත් සස්මිත 3/42

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

  • අනුරාධපුර මධ්‍ය විද්‍යාලය– 97/10 (25.4) චමෝද් සෙනෙවිරත්න 34, දුල්ශාන් කුලගලගේ 5/8 & 83/4 (22) නිර්මාල් තිලකසිරි 42
  • ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය-150/10 (41.3) ඉසුරු ජයසිංහ 67, කවිඳු විමලසූරිය 3/48, නිර්මාල් තිලකසිරි 2/11

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 215/10 (56.4) තනුජ රාජපක්ෂ 36, ශානික්‍ය දේශප්‍රිය 34, දිමත් අබේසිංහ 6/63
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය– 142/3 (41) දිමන්ත නිසංක 55, තනුග පලිහවඩන 2/37

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • තර්ස්ටන් විද්‍යාලය – 139/10 (45.1) ආදිත්‍ය සත්මිණ 44, මිනග සස්මිත 4/24 & 4/0 (3)
  • රිච්මන්ඩ් විද්‍යාලය– 116/10 (46.3) තෙනුශ නිම්සර 38, තිශේන් වික්‍රමසිංහ 3/22

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 109/10 (31.2) මෙනෝද් ශෙවින් 29, තරුල් සමදිත් 5/24 & 24/2 (8)
  • කොළඹ රාජකීය විද්‍යාලය– 188/9d (55.1) රයන් සුගතදාස 72, හස්තික ද සිල්වා 4/51

මෙම තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (26) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<