ඔමල්කගේ වේගවත් ඉනිම ලයිසියම් විද්‍යාලයට නොතිබූ ජයක් ගෙන එයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

202
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැත්වුණු තරගයකින් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලය විසින් සමත් වුනා.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර ඊයේ (20) දිනයේ ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම් ද්විත්වය අවසන් වන විට සාන්ත ජෝන් විදුහල ලකුණු 43ක ඉදිරියක් සමඟින් පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගෙන සිටියා. කෙසේ වෙතත් ඔවුන්ට සිය දෙවන ඉනිමේ දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 114ක් පමණයි.

මේ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලයිසියම් ක්‍රීඩකයින්ට ලකුණු 158ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු තුනක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. මේ වෙනුවෙන් ලයිසියම් විද්‍යාලයේ ආරම්භක පිතිකරු ඔමල්ක හපුආරච්චි විසින් ඉක්මන් ලකුණු 89කින් දායක වුනා. පන්දු 90ක් තුළ ඔහු දියත් කළ මෙම නොදැවුණු ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වුනා.

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය– 175/10 (67.2) දෙනෙත් පීරිස් 46, නුවන් බොලොග්න 44, ශවිඳු සිල්වා 4/43, විදුන්ශ විජේරත්න 3/15 & 114/10 (46.2) සඳුන් මෙන්ඩිස් 47, දිනෙව් පුංචිහේවා 3/14 තීක්ෂණ මදුරාවල 2/15
  • වත්තල ලයිසියම් විද්‍යාලය – 132/10 (57.4) ශවිඳු සිල්වා 23, මදුෂ මෙන්ඩිස් 3/37, චරිනු ප්‍රනාන්දු 3/16 & 163/3 (27.1) ඔමල්ක හපුආරච්චි 89, තරුෂ රණසිංහ 23, චරිනු ප්‍රනාන්දු 1/13

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට කඩුලු 7ක ජයග්‍රහණයක්.

මේ අතර කොළඹ සහිරා විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගයක් ද අද දිනයේ ආරම්භ වූ අතර මෙම තරගයේ දී සහිරා විද්‍යාලය වෙනුවෙන් ඉස්මත් සයාන් අර්ධ ශතකයක් ලබා ගනිද්දී, සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් නිමේෂ සිල්වා කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

  • කොළඹ සහිරා විද්‍යාලය – 228/10 (69.1) ඉස්මත් සයාන් 82, අබ්දුල් රහුමාන් 29, නිමේෂ සිල්වා 5/55, අකිල වික්‍රමසිංහ 3/65
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය– 69/3 (28) අරුෂ ජයසිංහ 25, තරුෂ නවෝද්‍ය 2/14

තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (22) ක්‍රියාත්මක වනු ඇති.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<