මලිත් සහ තනුග කඩුලු දහයේ දස්කම් දක්වයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

168
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) දිනයේ ද ක්‍රියාත්මක වුනා.

මෙම තරගවලින් පූර්ණ ජයග්‍රහණ ලබාගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය විසින් සමත් වුනා.

එමෙන්ම අද දිනයේ ද තම විද්‍යාල වෙනුවෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා. මෙහි දී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වෙනුවෙන් රිවිත් ජයසුරීය තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දක්වන අතරේ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ඊයේ (23) දිනයේ කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කළ මලිත් රත්නායක අද දිනයේ ද කඩුලු 4ක් දවා ගනිමින් සමස්ත තරගයේ කඩුලු 11ක දස්කමක් දැක්වීමට සමත් වුනා.

මේ අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යන අන්දමේ ඉනිමක් දියත් කළ ඉරුශ ජයවර්ධන වටිනා ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වුනා.

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් කරා කොළඹ ආනන්ද විද්‍යාලය රැගෙන ගිය අශින්ස නයිනායක අද කඩුලු 5ක දස්කමක් ප්‍රදර්ශනය කළා. මේ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ඉනිම දෙකේ දී කඩුලු 5ක් සහ 6ක් බැගින් සමස්ත කඩුලු 11ක් දවා ගැනීමට තනුග පලිහවඩන විසින් සමත් වූ අතර, දිනල් ඉඳුවර ද තර්ස්ටන් වෙනුවෙන් වටිනා ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් විසින් දැක්වූ කඩුලු 5 දස්කම නිසා තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ පරාජයක් අත්විඳීමට සිදු වුනා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (පළමු කොටස Tier A)

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 205/10 නවීන් ප්‍රනාන්දු 48, අචල පෙරේරා 32, මලිත් රත්නායක 7/42, කවීන් ගමගේ 2/33 & 152/5d (46.4) රිවිත් ජයසූරිය 71, සුවස් ප්‍රනාන්දු 50, මලිත් රත්නායක 4/42
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 144/10 (53.2) ජනිත් රවිශ්ක 47, දිමන්‍ත මහවිතාන 20, නවීන් ප්‍රනාන්දු 4/25, රිවිත් ජයසූරිය 2/6 & 55/1 (10) විදුක ධම්මගේ 29, අචල පෙරේරා 1/14

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 101/10 (37.5) ඉසුරු ජයසේකර 26, දුලාර බන්දුලසේන 4/18 & 169/10 (50.3) කවිත් ප්‍රනාන්දු 50, සේසත් තිලකරත්න 4/24, ශෙහාන් මාරසිංහ 3/31
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 253/10 (62.5) ඉරුශ ජයවර්ධන 88, ලක්වින් අබේසිංහ 52, විශ්ව රාජපක්ෂ 4/61, තරිඳු එශාන් 3/38 & 18/1 (4.3)

මහනුවර ධර්මරාජ විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

  • කොළඹ ආනන්ද විද්‍යාලය– 304/8d (74.5) කවීෂ මෙන්ඩිස් 105, කිත්ම විතානපතිරණ 70, ඉරුත් ගිම්ශාන් 63, කවීන් රුක්ශාන් 3/61
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 131/10 (61.3) රන්දුල මාබරණ 47, අශින්ස නයිනායක 5/24, දනිරු රණසිංහ 2/21 & 192/3 (f/o) (62) ප්‍රමේශ් මදුභාෂණ 57, තරුෂ ඩිල්ශාන් 53, මිනග පෙරේරා 2/61

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 216/10 (61.2) ජනුක රත්නායක 53, බිමාශ් විදුදය 38, තනුග පලිහවඩන 5/84, සෙත්රු ප්‍රනාන්දු 3/60 & 157/10 (57) දිනුර ගනේගොඩ 30, තනුග පලිහවඩන 6/55, හරිත් ශාලක 2/42
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 214/10 (66) දිනල් ඉඳුවර 91, තනුග පලිහවඩන 26, කවීෂ පියුමාල් 5/72, තිසර ඒකනායක 2/39 & 47/3 (11)

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය

  • ඇල්පිටිය මධ්‍ය විද්‍යාලය– 98/10 (27)කෞශල්‍ය පෙරේරා 43, දෙනුක මින්රද 6/35 & 95/19 (40.5) කවිඳු මදුශංක 34, නුවන් දිනෙත් 6/19
  • මතුගම ආනන්ද ශාස්ත්‍රාලය– 188/10 (44.4) නුවන් දිනෙත් 51, සප්න අපූර්ව 4/41 & 8/0 (1.3)

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට කඩුලු 10ක ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • කොළඹ ආනන්ද විද්‍යාලය– 325/6d (95) කවීශ පුංචිහේවා 67, අකේන් පෙරේරා 60, මනිත රාජපක්ෂ 4/107 & 102/6d (24.3) මනුත ජයසිංහ 28, කවීෂ ගිම්සර 3/22
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 116/10 (43.2) තියෝන් හේලික 28, කෙනුල් ද සොයිසා 4/9, සාරධ ජයරත්න 3/28 & 135/5 (33) නවෝද මදනායක 42, සාරධ ජයරත්න 4/45

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය සහ පයාගල පොතුවිල මහා විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගයක් ද අද ආරම්භ වුනා.

  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය– 195/10 (57.2) චිරාන් මහකුමාරගේ 69, දිමන්ත රත්නායක 33, ඉඳුවර චතුරංග 4/26, මලිත් ඩිල්ශාන් 2/18 & 18/1 (9)
  • පයාගල පොතුවිල මහා විද්‍යාලය– 111/10 (28.2) දිනෙත් මිතිල 73, ශිමල්ක කාන්චන 3/11, රිසර වික්‍රමසිංහ 3/42

මෙම තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (24) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<