මලිත් රත්නායක අග්‍රගණ්‍ය පන්දු යැවීමක; බ්‍රෙන්ඩන් සහ කවීෂගෙන් ශතක

U19 Division 1 Schools Cricket Tournament 2023/24

141
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් අද (23) දිනයේ ද ක්‍රියාත්මක වුනා.

මෙම තරග අතුරින් ඊයේ (22) ආරම්භ වූ පළමු කොටසේ Tier A තරගයක දී මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ ඕෂධ ගිම්හාන ඉනිම දෙකේ දී කඩුලු 9ක් (පළමු ඉනිමේ කඩුලු 6ක් සමඟින්) දවා ගැනීමට සමත් වූ අතර කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ නායක මහිම කොටුවිල ඉනිමේ දෙකේ දී ලකුණු 144ක් (පළමු ඉනිමේ 83, දෙවන ඉනිමේ 61ක්) රැස් කරමින් තම පාසල පූර්ණ පරාජයකින් ගලවා ගැනීමට සමත් වුනා.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කුරැනෑගල සාන්ත ආනා විද්‍යාලය (පළමු කොටස – Tier A)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 298/10 (74.1) හසිඳු පෙරේරා 81, රමිත් බණ්ඩාර 48, යශ්මින් ජයසුන්දර 3/36, බසීර් ශකීල් 3/44
  • කුරැනෑගල සාන්ත ආනා විද්‍යාලය– 163/10 (55.5) මහිම කොටුවිල 83, ඕෂද ගිම්හාන 6/23 & 243/8 (f/o) (72) මහිම කොටුවිල 61, යශ්මින් ජයසුන්දර 38*, ඕෂද ගිම්හාන 3/47

තරගය ජය පරාජයෙන් තොරයි, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

එමෙන්ම ඊයේ ආරම්භ වූ දෙදින සාම්ප්‍රදායික තරගවල දී කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ප්‍රවීන් මනීශ කඩුලු 6 දස්කමක් ද සමඟින් ඉනිම දෙකේ දී කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා.

පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයේ දී ගන්කන්ද විද්‍යාලයට වඩා පළමු ඉනිමේ දී 29ක් පිටුපසින් සිටි තෝමසුවන් අද දිනය අවසන් වීමට පෙර කඩුලු 4ක ජයග්‍රහණයක් කරා යෑමට සමත් වුනා.

මෙහි දී තෝමසුවන් වෙනුවෙන් ශිමල්ක කාන්චන කඩුලු 10 දස්කමක් දක්වද්දී, ගන්කන්ද විද්‍යාලයේ සත්සර ගමාරච්චි තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

යාපනය සාන්ත ජෝන් විද්‍යාලය හොරණ තක්ශිලාව හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබ තිබිය දී පවා අද දිනය අවසන් වීමට පෙර ලකුණු 19ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙහි දී ජෝන් විද්‍යාලයේ Kugathas Mathulan පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය සහ කොළඹ කේරි විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ ද පළමු ඉනිමේ පරාජයක් අත්විඳීමට සිදු වූ ක්‍රිස්තු රාජ විද්‍යාලය දෙවන ඉනිමේ දී සිය අඩුපාඩු මඟහරවා ගනිමින් කඩුලු 7ක ජයග්‍රහණයක් කරා යෑමට සමත් වූ අතර ඒ වෙනුවෙන් අවිශ්ක නිර්මාල්ගේ පිත්තෙන් වටිනා අර්ධ ශතකයක් වාර්තා වුනා.

මේ අතර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද දිනය අවසන් වන විට කොළඹ වෙස්ලි විද්‍යාලය හමුවේ ලැබීමට ගිය දැවැන්ත පරාජයකින් යාන්තමට ගැලවීමට සමත් වුනා. මෙම තරගයේ දී වෙස්ලි විද්‍යාලයේ දෙවන ඉනිමේ දී බ්‍රෙන්ඩන් ප්‍රනාන්දුගේ පිත්තෙන් අගනා ශතකයක් වාර්තා වූ අතර එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් අන්තර්ගත වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 354/6 (d) (77.1) සහන් කෞශල්‍ය 103, දිනිත ප්‍රභාංක 113, හිරුණ නිම්සර 2/59
  • කැලණිය ගුරුකුල විද්‍යාලය – 164/10 (61.4) ජනිත් මිහිරංග 38, ප්‍රවීන් මනීෂ 6/50 & 195/8 (f/o) (67) නේතන් ඩිශේන් 57, ප්‍රවීන් මනීශ 3/95, උශාන් සත්සර 3/33

තරගය ජය පරාජයෙන් තොරයි, ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය

  • පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලය– 94/10 (45.4) මිලින්ද ප්‍රභාත් 21, ශිමල්ක කාන්චන 6/28 & 125/10 (51.1) සත්සර ගමාරච්චි 60, ශිමල්ක කාන්චන 4/24
  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය– 65/10 (34) තෙහාර දිමන්ත 31, සත්සර ගමාරච්චි 6/11, කවිඳු නෙත්රුවන් 3/18 & 155/4 (50.1) චිරාන් මහකුමාරගේ 78, ප්‍රවිශ්ක නදීන් 56, හශාන් මදුරංග 2/12

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

හොරණ තක්ෂිලා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය

  • යාපනය සාන්ත ජෝන් විද්‍යාලය– 154/9 (d) (53.3) Nesakumar Jezial 46, සන්විඳු සෙවින් 4/22 & 92/10 (28) Uthayanan Abijoyshanth 31, රශාන් දීමන්ත 7/52
  • හොරණ තක්ෂිලා විද්‍යාලය– 161/9 (65) ඔසඳ උඩවත්ත 43, Kugathas Mathulan 5/34 & 66/10 (32.5) රශාන් දීමන්ත 19, Murfin Randyo 4/11, Kugathas Mathulan 4/42

යාපනය සාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 19ක ජයක්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

  • කොළඹ වෙස්ලි විද්‍යාලය– 192/10 (46) සනිතු අමරසිංහ 90, කෙනුල පිහිලියන්ග 4/44, ඩිල්ශාන් වීරවංශ 3/35 & 252/3d (64) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 120, දෙනෙත් සිගේරා 51, අමේෂ් රූපසිංහ 1/18
  • මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය– 126/10 කවිජ ගමගේ 74, ලිනාල් සුභසිංහ 4/11 & 87/9 හසිත් ගුණසේකර 31, ගීත් සත්සර 4/15, ලිනාල් සුභසිංහ 3/21

තරගය ජය පරාජයෙන් තොරයි, වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මාතර සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය

  • මාතර සර්වේශස් විද්‍යාලය– 133/10 (42.4) දිනිරු අබේවික්‍රමසිංහ 29, කවිඳු කේසර 4/12 & 219/8 (70.4) දිනිරු අබේවික්‍රමසිංහ 66, විරාන් චමුදිත 39, කවිඳු කේසර 3/31
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය– 76/10 (35.1) තීක්ෂණ තාරුක 27, විරාන් චමුදිත 4/15, සමිරු ගිම්හාන් 3/7 & 123/5 (47) දෙනෙත් දෙව්මින 43, විරාජ් චමුදිත 2/27

තරගය ජය පරාජයෙන් තොරයි, සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ කේරි විද්‍යාලය සහ ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය

  • කොළඹ කේරි විද්‍යාලය – 140/10 (47.2) දිනෝත් ගාල්ලගේ 38, විනුග දින්සිත 33, අවිශ්ක නිර්මාල් 2/8 & 100/10 (44.5) තිනෝද් සිල්වා 27, නදුක නෙත්මින 4/28
  • ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය– 118/10 (28.2) ප්‍රමෝද් චතුරංග 39, කවින් කුලේන්ද්‍රන් 3/38 & 123/3 (24.4) අවිශ්ක නිර්මාල් 83, කවින් කුලේන්ද්‍රන් 1/32

ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට කඩුලු 07ක ජයක්.

අද දිනයේ අවසන් වූ මෙම තරගවලට අමතරව, තවත් දෙදින තරඟ කිහිපයක් අද ආරම්භ වුනා.

මෙම තරගවල දී කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කවීෂ මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කරද්දී, මෙම තරගවාරයේ පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් සිටින ත්‍රිත්ව විද්‍යාලයේ මලිත් රත්නායක නැවතත් කඩුලු 7 දස්කමක් දැක්වීමට සමත් වුනා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (පළමු කොටස Tier A)

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 205/10 නවීන් ප්‍රනාන්දු 48, අචල පෙරේරා 32, මලිත් රත්නායක 7/42, කවීන් ගමගේ 2/33
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 54/4 (14) දිමන්‍ත මහවිතාන 20, නවීන් ප්‍රනාන්දු 2/4

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය– 101/10 (37.5) ඉසුරු ජයසේකර 26, දුලාර බන්දුලසේන 4/18
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 235/7 (57) ඉරුශ ජයවර්ධන 88, ලක්වින් අබේසිංහ 52, තරිඳු එශාන් 2/30

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

  • කොළඹ ආනන්ද විද්‍යාලය– 304/8d (74.5) කවීෂ මෙන්ඩිස් 105, කිත්ම විතානපතිරණ 70, ඉරුත් ගිම්ශාන් 63, කවීන් රුක්ශාන් 3/61
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 76/2 (23) රන්දුල මාබරණ 24, දනිරු රණසිංහ 2/15

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 216/10 (61.2) ජනුක රත්නායක 53, බිමාශ් විදුදය 38, තනුග පලිහවඩන 5/84, සෙත්රු ප්‍රනාන්දු 3/60
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 132/4 (38) දිනල් ඉඳුවර 69, තිසර ඒකනායක 2/23

ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය

  • ඇල්පිටිය මධ්‍ය විද්‍යාලය– 98/10 (27)කෞශල්‍ය පෙරේරා 43, දෙනුක මින්රද 6/35 & 52/4 (24)
  • මතුගම ආනන්ද ශාස්ත්‍රාලය– 188/10 (44.4) නුවන් දිනෙත් 51, සප්න අපූර්ව 4/41

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය (දෙවන කණ්ඩායම)

  • කොළඹ ආනන්ද විද්‍යාලය– 325/6d (95) කවීශ පුංචිහේවා 67, අකේන් පෙරේරා 60, මනිත රාජපක්ෂ 4/107
  • ගාල්ල මහින්ද විද්‍යාලය– 4/0 (3)

මෙම තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (24) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<