නැගී එන කොදෙව්වෝ වසර 11ක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

1592

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හිදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද කඩුලු 10කින් ජය ගත්තේ කොදෙව් කණ්ඩායමයි. ඒ සමඟින් ඔවුන් ටෙස්ට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරව තිබිය දී ම 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

අම්බති රයිදු ඔසවා තැබූ ඉනිම යුස්වෙන්ද්‍ර චාහල් ආරක්ෂා කර ගනී

සත්කාරක නවසීලන්තය සහ සංචාරක ඉන්දියාව අතර අද (03) වෙලිංටන් වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 5 වැනි සහ අවසාන එක්දින තරගයෙන් ලකුණු ….

පසුගිය 31 වැනිදා ආරම්භ වූ මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර එංගලන්ත පළමු ඉනිම ලකුණු 187ක් වැනි අවම මට්ටමේ ලකුණකට සීමා කිරීමට කෙමාර් රොච් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නෝ සමත් වූහ.

එසේ වුවත් එංගලන්ත ලකුණු පුවරුවට යම් සහනයක් රැගෙන ආ මොයින් අලී (60) හා ජොනී බෙයාර්ස්ටෝව් (52) මේ තරගයේ අර්ධ ශතකයක් වාර්තා කර ගත් එකම සුදු ජාතික ක්‍රීඩකයින් බවට පත්වෙමින් පිළිවෙළින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි සහ 20 වැනි අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් වූහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අලීගේ ඉනිමට 4 පහර 8ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. ඔහුට පෙර එංගලන්ත මැදපෙළ ගොඩනැංවීමට සහාය වූ බෙයාර්ස්ටෝව් 4 පහර 9කින් හා එක් 6 පහරකින් සිය අර්ධ ශතකය වර්ණවත් කරගන්නා ලදි.

ලකුණු 93කට කඩුලු 6ක් බිඳ වැටී තිබිය දී හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 85ක යම් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගූ අලී සහ බෙන් ෆෝක්ස් එංගලන්ත ලකුණු පුවරුව තවදුරටත් ඉහළ දැමීමට සමත් වූහ.

දකුණතින් වේගපන්දු යවන කෙමාර් රෝච් කඩුලු 4ක් සහ ශැනොන් ගේබ්‍රියල් කඩුලු 3ක් දවා ගනිමින් එංගලන්ත පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වූහ.

නේපාලය අවසන් තරගය සේ ම තරගාවලිය ද ජය ගනී

වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර විස්සයි විස්ස තෙවැනි තරගය ලකුණු……

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු පිතිකරුවන් සිව්දෙනාම පාහේ ප්‍රබල එංගලන්ත පන්දු බලඇණිය හමුවේ ඉතාමත් සාර්ථක ලෙස පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිය පළමු ඉනිම ලකුණු 300 සීමාව ඉක්මවා රැගෙන යාමට හැකි විය.

ඩැරන් බ්‍රාවෝ, ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්, ජෝන් කැම්බල් හා ශායි හොප් යන කොදෙව් මුල් පෙළ පිතිකරුවන් කිහිප දෙනාම ලකුණු 44 සීමාව පසු කළ නමුත් අර්ධ ශතකයක් වෙත යාමට සමත් වූයේ බ්‍රාවෝ පමණි. ඔහු ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් 4 පහර දෙකක් හා එක් 6 පහරක් සමඟ සිය 17 වැනි ටෙස්ට් අර්ධ ශතකය සපුරා ගැනීමට පන්දු 216ක් වැය කළේය.

මේ තරගයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 272ක් රැස්කර සිටි කොදෙව් කණ්ඩායමට තෙවැනි දිනයේ දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 306ක් පමණි.

වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ දඟපන්දු මොයින් අලී යන දෙදෙනා අතරේ කඩුලු 3 බැගින් ද, බෙන් ස්ටෝක්ස් සහ ජේම්ස් ඇන්ඩර්සන් අතරේ කඩුලු දෙක බැගින් ද බෙදී ගියේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 119ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 132ක් පමණි.

සාන්ත තෝමස් විද්‍යාලය මහානාමය මවිත කරයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් …..

ලකුණු 24ක් රැස්කළ දකුණතින් පිතිකරණයේ නිරත වන ජොස් බට්ලර් එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 17 සීමාව පසුකිරීමට ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

නායක ජේසන් හෝල්ඩර් සහ කෙමාර් රොච් කඩුලු 4 බැගින් දවා ගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම එවැනි මට්ටමේ අවම ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වෙද්දී, අල්සාරී ජෝසප් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 17ක් ලබාගෙන ලැබුණු එම ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත් විය. මේ ලබාගත් ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ  2008/09 වර්ෂවලට පසුව සිය රටේ දී (කොදෙව් දේශයේ දී) එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් තරගාවලි පරාජයකට ලක්කළ පළමු අවස්ථාව ලෙසටයි.

දෙරට අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 9 වැනිදා (සෙනසුරාදා) ග්‍රෝ අයිලස් හිදී පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්.

එංගලන්ත පළමු ඉනිම – 187 (61): මොයින් අලී 60, ජොනී බෙයාර්ස්ටෝව් 52, කෙමාර් රොච් 4/30.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – 306 (131): ඩැරන් බ්‍රාවෝ 50, ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් 49, ජෝන් කැම්බල් 47, ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/53, මොයින් අලී 3/62.

එංගලන්ත දෙවන ඉනිම – 132 (42.1): ජොස් බට්ලර් 24, ජේසන් හෝල්ඩර් 4/43, කෙමාර් රොච් 4/52.

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම – 17/0 (2.1):

තරගයේ වීරයා – කෙමාර් රොච් (බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<