මලිත්, දිමත් සහ කවීෂ පන්දුවෙන් කැපී පෙනුණු දවසක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

287
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (18) දිනයේ පැවැත්වුණා.

මෙම තරග අතුරින් සාම්ප්‍රදායික දෙදින තරගයක් ලෙස පැවැත්වුණු මොනරාගල මහානාම සහ මොනරාගල සඳරාජ විද්‍යාල අතර තරගයෙන් සඳරාජ විද්‍යාලය විසින් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මොනරාගල මහානාම මධ්‍ය විද්‍යාලය සහ මොනරාගල සඳරාජ මහා විද්‍යාලය

  • මොනරාගල මහානාම විද්‍යාලය– 90/10 (28.1) නෙතුම් රවීෂ 28, ජනිඳු උමයංග 3/12, නිපුණ සිතුම් 3/17 & 123/10 (47.4) චතුම් ගීනාත් 26, ජනිඳු උමයංග 3/34, නිපුණ සිතුම් 3/30
  • මොනරාගල සඳරාජ මහා විද්‍යාලය– 144/10 (66) සන්දීප ගිම්හාන 50, අකේශ සෙහස් 4/23, චතුම් ගීනාත් 3/36 & 70/9 (28.3) දහම් කෞශල්‍ය 22, අකේශ සෙහස් 3/23, චතුම් ගීනාත් 3/25

මේ අතර තවත් සාම්ප්‍රදායික දෙදින තරග ද්විත්වයක් අද දිනයේ දී ආරම්භ වුනා. මෙම තරගවල දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කවීෂ ඉඳුවර, මලියදේව විද්‍යාලයේ දිමත් අබේසිංහ කඩුලු 5 දක්ෂතා දැක්වූ අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චෙහාන් සුභසිංහ විසින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වුනා. මෙම තරග ද්විත්වයේ දී දිනයේ වාසි ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය විසින් සමත් වුනා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය– 134/10 (55.3) ප්‍රවීන් රුකුනායක 44, කවීෂ ඉඳුවර 5/54, ශැරෝන් අභිෂේක් 2/41
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 165/8 (43) චෙහාන් සුභසිංහ 52, ශැරෝන් අභිෂේක් 41, දිමත් අබේසිංහ 5/56

 

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය

  • මතුගම ආනන්ද ශාස්ත්‍රාලය– 237/10 (57.2) සිතුම් කල්ප 46, සිසිඳු ඉඳුසර 42, කවිඳු නෙත්රුවන් 3/44, අදීශ් ආමාන්ත 3/48
  • පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – 80/5 (41) සත්සර ගමාරච්චි 18, සිතුන කන්නංගර 3/10

එමෙන්ම පළමු කොටසේ Tier A තරගයක් ලෙස මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගයක් ද අද දිනයේ ආරම්භ වුනා.

මෙම තරගයේ පළමු දිනයේ වැඩි වාසි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට හිමි වූ අතර, එහි දී  ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දිමන්ත මහවිතාන අර්ධ ශතකයක් ලබා ගනිද්දී, මලිත් රත්නායක කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වුනා.

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 99/10 (46.2) පෙසඳු සන්ජන් 59, මලිත් රත්නායක  6/39, ජයවි ලියනගම 2/5
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 99/4 (36) දිමන්ත මහවිතාන 51*, ලෝශිත දික්සිත් 2/28

අද ආරම්භ වූ තරග ත්‍රිත්වයේ ම දෙවන සහ අවසන් දිනය හෙට (19) පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<