තරුෂගේ කඩුලු 10ත් සමඟ සහිරා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

210

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (22) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙම තරග අතුරින් ඊයේ (21) ආරම්භ වූ කොළඹ සහිරා විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. අද මෙම තරගය අවසන් වන විට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 225ක ඉලක්කයක් හඹා යමින් සිටි සිල්වෙස්තර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබා සිටියා.

මෙහි දී සහිරා විද්‍යාලය වෙනුවෙන් අබ්දුල් රහුමාන් අර්ධ ශතකයකින් දායක වෙද්දී, තරුෂ නවෝද්‍ය පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5ක් බැගින් සමස්ත කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා. මේ අතර සිල්වෙස්තර විද්‍යාලය සම්පූර්ණ පරාජයකින් ගැලවීමේ වගකීම කරට ගත් යෝශිත උඩහකොටුව වටිනා ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුනා.

කොළඹ සහිරා විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය

  • කොළඹ සහිරා විද්‍යාලය– 228/10 (69.1) ඉස්මත් සයාන් 82, අබ්දුල් රහුමාන් 29, නිමේෂ සිල්වා 5/55, අකිල වික්‍රමසිංහ 3/65 & 130/3 (d) (34) අබ්දුල් රහුමාන් 60, අරුෂ ජයසිංහ 1/30
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය– 134/10 (28) අරුෂ ජයසිංහ 25, තරුෂ නවෝද්‍ය 5/45, යොහාන් සමින්ද 3/38 & 146/9 (49) යෝශිත උඩහකොටුව 95, තරුෂ නවෝද්‍ය 5/40

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ සහිරා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

එම තරගය අද දිනයෙන් අවසන් වූ අතර, තවත් පළමු කොටසේ Tier A තරගයක් සහ දෙදින සාම්ප්‍රදායික තරග හයක් අද දිනයෙන් ආරම්භ වුනා.

මෙම තරගවල දී කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් නායක සහන් කෞශල්‍ය සහ දිනිත ප්‍රභාංක ශතක රැස් කිරීමට සමත් වුනා.

ඊට අමතරව පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයේ සත්සර ගමාරච්චි සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ ශිමල්ක කාන්චන කඩුලු 6 දස්කම් දැක්වීමට ද සමත් වුනා.

එම තරග විස්තර සැකෙවින්:

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කුරැනෑගල සාන්ත ආනා විද්‍යාලය (පළමු කොටස – Tier A)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 298/10 (74.1) හසිඳු පෙරේරා 81, රමිත් බණ්ඩාර 48, යශ්මින් ජයසුන්දර 3/36, බසීර් ශකීල් 3/44
  • කුරැනෑගල සාන්ත ආනා විද්‍යාලය– 54/3 (19)

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

  • කොළඹ ලුම්බිණි විද්‍යාලය– 354/6 (d) (77.1) සහන් කෞශල්‍ය 103, දිනිත ප්‍රභාංක 113, හිරුණ නිම්සර 2/59
  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 47/4 (20)

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය

  • පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලය– 94/10 (45.4) මිලින්ද ප්‍රභාත් 21, ශිමල්ක කාන්චන 6/28 & 29/1 (16)
  • බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලය– 65/10 (34) තෙහාර දිමන්ත 31, සත්සර ගමාරච්චි 6/11, කවිඳු නෙත්රුවන් 3/18

හොරණ තක්ෂිලා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය

  • යාපනය සාන්ත ජෝන් විද්‍යාලය– 154/9 (d) (53.3) Nesakumar Jezial 46, සන්විඳු සෙවින් 4/22
  • හොරණ තක්ෂිලා විද්‍යාලය– 112/6 (44) ඔසඳ උඩවත්ත 43, Kugathas Mathulan 3/24

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

  • කොළඹ වෙස්ලි විද්‍යාලය – 192/10 (46) සනිතු අමරසිංහ 90, කෙනුල පිහිලියන්ග 4/44, ඩිල්ශාන් වීරවංශ 3/35 & 17/0 (4)
  • මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය – 126/10 කවිජ ගමගේ 74, ලිනාල් සුභසිංහ 4/11

මාතර සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය

  • මාතර සර්වේශස් විද්‍යාලය – 133/10 (42.4) දිනිරු අබේවික්‍රමසිංහ 29, කවිඳු කේසර 4/12 & 28/1 (17)
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය– 76/10 (35.1) තීක්ශණ තාරුක 27, විරාන් චමුදිත 4/15, සමිරු ගිම්හාන් 3/7

කොළඹ කේරි විද්‍යාලය සහ ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය

  • කොළඹ කේරි විද්‍යාලය– 140/10 (47.2) දිනෝත් ගාල්ලගේ 38, විනුග දින්සිත 33, අවිශ්ක නිර්මාල් 2/8 & 8/2 (8)
  • ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය – 118/10 (28.2) ප්‍රමෝද්චතුරංග 39, කවින් කුලේන්ද්‍රන් 3/38

මෙම තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (23) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<