සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට දැවැන්ත ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

483
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින සහ සාම්ප්‍රදායික ක්‍රිකට් තරග කිහිපයක් අද (13) පැවැත්වුණා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමඟ පැවති සාම්ප්‍රදායික දෙදින තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රබල ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා.

සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් තිසේන් ඇහැලියගොඩ අගනා ශතකයක් (106) වාර්තා කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී අභීත් පරනවිදාන (1/20 & 6/35)  සහ දිනෙත් ගුණවර්ධන (3/7 & 3/30) කැපී පෙනෙන දස්කම් දැක්වුවා.

දසුන් පෙරේරා (47), තරිඳු එෂාන් (39) සහ විශ්ව රාජපක්ෂ (37) දැක්වූ දස්කම් නිසා මොරටු මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වුනා.

පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (13) ක්‍රියාත්මක වූ තරගයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 76ක් වාර්තා කිරීමට ඔසඳ පමුදිත සමත් වූ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මනුජ චතුක කඩුලු 3ක් දවා ගත්තා.

කෙටි ලකුණු පුවරුව,

සාන්ත තෝමස් විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය (සාම්ප්‍රදායික තරග)

  • සාන්ත තෝමස් පළමු ඉනිම– 212/5 d (37.4): තිසේන් ඇහැලියගොඩ 106, මහිත් පෙරේරා 49, නූලන් ලකිඳු 2/37.
  • ධර්මපාල පළමු ඉනිම– 96/10 (37.3): දුමංග දිසානායක 36, චිතුම් බැද්දගේ 12, දිනෙත් ගුණවර්ධන 3/7.
  • ධර්මපාල දෙවැනි ඉනිම– 93/10 (36.2): රවිඳු කොළඹගේ 24, අභීත් පරණවිදාන 6/35.

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 22ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ ජෝසප් වාස් විද්‍යාලය (සාම්ප්‍රදායික තරග)

  • මොරටු මහා විද්‍යාල පළමු ඉනිම-150/8d (4): කාංචන නිම්ෂාන් 47, ඉසුරු ප්‍රනාන්දු 36, විශ්ව රාජපක්ෂ 3/29.
  • ජෝසප් වාස් පළමු ඉනිම– 156/4 (29): දසුන් පෙරේරා 47, තරිඳු එෂාන් 39, විශ්ව රාජපක්ෂ 37.

නාලන්ද විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය (දෙදින තරගාවලිය)

  • නාලන්ද පළමු ඉනිම– 260/10 (90.4): ඔසඳ පමුදිත 76, මනුප මනමිත 39, සදෙව් සමරසිංහ 38, මනුජ චතුක 3/80.
  • සාන්ත සෙබස්තියන් පළමු ඉනිම– 35/1 (14): විමත් දින්සර 21*, උෂේන් සිල්වා 13*, ඔසඳ පමුදිත 1/5.

පළමු දිනට තරගය අවසන්.

පාසල් ක්‍රිකට් තරග පිටියේ සියලු උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<