මිකී ආතර් සහ ළහිරු තිරිමාන්නට කොරෝනා!

309

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගි වීම සඳහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට COVID – 19 වයිරසය ආසාදනය වී තිබෙන බවට සිදු කරන ලද PCR පරීක්ෂණවල දී තහවුරු වී තිබෙනවා.

කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචිතය ඉකුත් ජනවාරි 28 වැනිදා පුහුණුවීම් ආරම්භ කළ අතර ඊයේ (02 වැනිදා) සිදු කරන ලද PCR පරීක්ෂණවල වාර්තාවලට අනුව මොවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැලඳීමේ දී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීතිවලට අනුව ඔවුන් දෙදෙනා දැනුවත් කර තිබෙන අතර නිසි සෞඛ්‍ය පියවරවලට අනුව කටයුතු කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් කාණ්ඩ 3ක් යටතේ සිය පුහුණුවීම් වල නිරත විය. ඊට අමතරව ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන් (Net Bowlers) සියල්ලම ඇතුළත් වන පරිදි එම PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.

වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මේ මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණා. තත්ත්වය එවන් මට්ටමකට පත්වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සෞඛ්‍ය රෙගුලාසිවලට මුල් තැන දෙමින් දිගටම සිදු කරගෙන යනු ඇතැයි වාර්තා වෙනවා.

කොදෙව් සංචාරය සඳහා තේරී සිටින 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය,

Dimuth Karunaratne (Captain), Kusal Janith Perera, Oshada Fernando, Lahiru Thirimane, Dinesh Chandimal, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella, Minod Bhanuka, Pathum Nissanka, Roshen Silva, Avishka Fernando, Dhanushka Gunathilaka, Kamindu Mendis, Ashen Bandara, Bhanuka Rajapaksa, Santhush Gunathilake, Kusal Mendis, Dasun Shanaka, Thisara Perera, Lasith Embuldeniya, Wanindu Hasaranga, Ramesh Mendis, Dilruwan Perera, Duvindu Tillakaratne, Lakshan Sandakan, Akila Dananjaya, Suranga Lakmal, Lahiru Kumara, Vishwa Fernando, Asitha Fernando, Dushmantha Chameera, Nuwan Pradeep, Isuru Udana, Dilshan Madushanka 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<